උණුසුම් පුවත්

තවත් කැබිනට් ඇමති තනතුරු කිහිපයක් දිවුරුම් දීමට නියමිතය

Spread the love

පොදුජන පෙරමුණට සම්බන්ධ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඉදිරියේදී කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.ඒ අනුව එළඹෙන සතියේදී කැබිනට් අමාත්‍යවරු දස දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිතය.

මේ අතර පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන්ට වරප්‍රසාද සැපයීම පිළිබඳව චක්‍රලේඛයක් ජනපති ලේකම් සමන් ඒකනායක විසින් සියළුම අමාත්‍යංශ ලේකම් වරුන් වෙත යොමු කර තිබේ. එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ නියෝජ්‍ය අමාත්‍යය වරුන්ට හිමිවන වැටුප් දීමනා හා අනෙකුත් වරප්‍රසාද පිළිබඳවය. 
මෙම චක්‍රලේඛ උපදෙස් පරිදි පත්වූ රාජ්‍ය අමාත්‍යයවරයෙකුට කාර්යාල පවත්වාගෙන යාම සිදු කළ යුතු වන්නේ එම කැබිනට් අමාත්‍යංශය පවත්වගෙන යන කාර්යාල පරිශ්‍රය තුළ වේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ  කාර්ය මණ්ඩලයට පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්,  මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිළධාරි⁣යෙක්, කළමණාකාර සහකාර නිළධාරී හෝ සංවර්ධන නිළධාරී තනතුරු දරණ තුන්දෙනෙකු කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙකු හා රියදුරන් දෙදෙනෙකු ඇතුළු එකලොස් දෙනෙකු ඇතූළත් විය යුතු බව මෙම උපදෙස් වල දැක්වේ.
මෙම කාර්ය මණ්ඩලයට අයත් රියදුරන් අතිකාල රාජකාරි සදහා යෙදවීමේදී අත්‍යවශ්‍ය රාජකාරි සඳහ පමනකි යෙදවිය යුතු බවත් ඒ සදහා වන දීමනා මසකට පැය 150 කට යටත්වූ උපරිමයකට හා මසකට උපරිමව දින 8ක්සදහා වන ලෙස දීමනා ලැබීමට හිමිකම් පවතී.
රාජ්‍ය අමාත්‍ය වරුන්ගේ  පරිහරණය හා ආරක්ෂාව වෙනුවෙන් නිල වාහන 03ක් හා පෞද්ගලික  ලේකම්වරයා හට නිල වාහනයක් සහ කාර්ය මණ්ඩලයට අයත් අනෙකුත් නිළධාරීන්ට වාහන දෙකක් පමනක් වන ලෙසට වාහන හයක් හිමි වේ.එහිදී රාජ්‍ය අමාත්‍ය වරයාගේ නිල වාහන සඳහා මසක⁣ට පැට්‍රල් ලීටර් 500ක් හා ඩීසල් වාහනයකට ලීටර් 500ක්ද ලෙස අදාල නිල රථ තුනට ඉන්ධන ලීටර් 1500ක් හිමි විි තිබේ.
මේ අනුව ගත් කළ රාජ්‍ය ඇමතිවර⁣යකු ගේ නිල රථයකට ඔක්ටේන් 92වර්ගයේ පෙට්‍රලි භාවිතා කරන්නේ නම් අද පවතින ඉන්ධන මිල ගනන අනුව ඉන්ධන සදහා වැය කෙරෙන වියදම රුපියල් 225000ක්ද අදාල නිල රථ තුන තුනම පැට්‍රල් වාහන නම් මේ මිල ගනන් 
යටතේම මාසිකව රුපියල් 675000ක මුදලක් රජය විසින් වැය කෙරෙන ඇත.
අද පවතින මිල ගනන් යටතේ ඩීසල් වාහනයක් සඳහා ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල හා සසඳන කළ එක වාහනයකට මසකට රුපියල් 255000ක බැගින් වාහන තුනම ඩීසල් නම් රුපියල් 765000ක ඉන්ධන වියදමක් දැරීමට සිදු වෙන බව පෙනී යයි.
මේ අනුව බලන කල තම නිල රථ තුන පැට්‍රල් වාහන තුනක් ලෙස මෙම රාජ්‍ය ඇමතිවරු තිස් හත්දෙනා විසින් භාවිතා කරන්නේ නම් මාසිකව එම නිල රථ සඳහා රජය මගින් වැය කළ යුතු මුදල රුපියල් 24,975,000කි.එය ඩීසල් වාහන ලෙස ගනනය කළ හොත් එම වාහන සියල්ල වෙනුවෙන් රජය මාසිකව වැය කළ යුතු මුදල රුපියල් 28,305,000කි.
ජනපති ලේකම් වරයාගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  වියදම් පිළිබඳ ප්‍රකාශිත චක්‍රලේඛයේ ඇමති නිල වාහන තුනට අමතරව තිබෙන කාර්ය මණ්ඩලයේ කටයුතු සදහා වෙන්කර ඇති වාහන තුන සඳහා ⁣වෙන් කරන ඉන්ධන ප්‍රමාණය හෝ ඉන්ධන දීමනාව ගැන සඳහනක් නැත.
රාජ්‍ය අමාත්‍යවරයාට හිමිවන වරප්‍රසාද අතර ඔහුගේ කාර්යාලයට දුරකතන දෙකක්ද නිවසට දුරකතන එකක්ද ඇමතිවරයාට ජංගම දුරතකනයක්ද හිමි වන අතර එහි වියදම වශයෙන් මාසිකව රුපියල් 40000ක් වෙන් කෙරේ.මෙහිදී රාජ්‍ය ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයට අයත්  පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, හා මහජන සම්බන්ධතා නිළධාරීන්ට කාර්යාල , නිවාස සහ ජංගම වශයෙන් එක් අයෙකුට දුරකතන 03 බැගින් සමස්ත කාර්ය මණ්ඩලයට දුරකතන 12 ක් හිමිවේ.ඒ අනුව රාජ්‍ය ඇමති වරයෙකු ගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩල නිළධාරීන් හට මාසිකව සන්⁣නිවේදන වියදම් ලෙස රුපියල් 41000ක ව්යදමක් රජය විසින් දරන ඇත.
එහදී පෞද්ගලික ලේකම් වරයාට දුරකතන වියදම් ලෙස මාසිකව රුපියල් 6000ක්ද සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම්,සහ මහජන සම්බන්ධතා නිළධාරී යන අයට රුපියල් 5000ක මුදල් වෙන් වී තිබේ.
මෙම ගනනය කිරීම් අනුව රාජ්‍ය ඇමතිවරයකු හා ඔහුගේ කාර්ය මණ්ඩල නඩතුව සඳහා රජය විසින් මාසිකව වැය ⁣කෙරෙන මුදල රුපියල් 806000කි.
අදාල  වියදමට අමතරව රාජ්‍ය ඇමතිවරයෙකුට කෙළඹින් නිවසක්  රුපියල් 350000ක  වටිනාකමැති තැපැල් මුද්දරද හිමි වේ.
පසුගිය රජයේ අමාත්‍ය වරුන්ගේ වැය ශීර්ෂ හා සසඳන කළ ජනපති වරයා විසින් සිදු කර ඇතැයි පැවසෙන රාජ්‍ය මුදල් කළමනාකරණ යටතේ ඇමතිවරුන්ගේ වියදම් කප්පාදුව ඇස්බැන්දුමක් පමණක් බව තහවුරු වේ.නුදුරේදී නව කැබිනට් ඇමතිවරු සමූහයක් ⁣දිවුරුම් දීමට නියමිතව ඇත්තේ මෙවැනි වටපිටාවකය.
කෙසේ වෙතත් ⁣⁣කැබිනට් අමාත්‍යවරු ලෙස නාමල් රාජපක්ෂ මහින්දාන්ද අළුත්ගමගේ රෝහිත අබේගුණවර්දන ජොන්ස්ටන් ප්‍රනාන්දුු ,එස්.බී දිසානායක, සරත් වීරසේකර වැනි අයවළුන් පත් කෙරෙන බව දැන ගැන්මට ඇත.විශේෂයෙන් නාමල් රාජපක්ෂ වෙත වැඩි මුදල් ශීර්ෂයක් ඇති අමාත්‍ය මණ්ඩලයක වගකීම පැවරීමට නියමිතය.මේ අනුව බලන කළ ජනපති රනිල් රාජපක්ෂ යටතේ නැවත පොදුජන පෙරමුණු රජයක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බව නිසැකය. මේ තුළ රාජපක්ෂ වරුන්ගේ තක්කඩි උවමනාවන් ඉටු කිරීමට ජනපති රනිල් රාජපක්ෂට සිදු වී ඇති බව තවදුරටත් තහවුරු වෙමින් පවතී.
මේ වන විට අරගලයට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති තරුණයන් සංඛ්‍යාව හත්දහසකට ආසන්නය.ජනපති රනිල් රාජපක්ෂ සමාජය බිය වද්දම්න් සිටිද්දී තක්කඩි රාජපක්ෂ වරු තවමත් මහජන මුදල් කාබාසිනියා කරමින් සිටී.
දැන් සමාජය පුරාම ඇත්තේ දැඩි නිහඬ බවකි.ඉන්ධන ගෑස් හා විදුලිය සිය ජීවිතය ගැන සිතන මෙවැනි කාලකණ්නි සමාජයක් වෙනුවෙන් පෙනී  සිටීම පවා තේරුමකි නැතැයි සිතන තරමට සමාජ ක්‍රියාකාරිකයන් මානසිකව බිඳ වැටී තිබෙන බව දකින්නට තිබේ.සැබැවින්ම මෙවැනි කාලකන්නි සමාජයකට අවශ්‍ය එදා වේල සඳහා කෑමට යමක්ද ඒ දේ ඔබා ගැනීමට ගෝනියක් හා මල පහ කරන්නට තැනක් පමණි.දැන් ඒ සියල්ල රනිල් රාජපක්ෂ හා තක්කඩ් රාජපක්ෂ වරුන් විසින් අපූරුවට සමාජයට සපයමින් තිබේ. 

Spread the love

Leave a Comment

You may also like