මේ වන විට මෙරට පොලීසියේ අධිකාරිවාදී මර්දනය සමාජය තුළ මුදා හැරෙමින් පවතී.ජනපති රනිල් රාජපක්ෂ සිටින්නේ අමුතුම ජාතියේ ආස්වාදයක් විඳිමිනි.ඔහු සිය පාලනයේ වැඩි බරක් තබා ඇත්තේ ආරක්ෂක හමුදා හා පොලීසිය කෙරෙහි බව පෙනෙන්නට තිබේ.ජනපති රනිල් රාජපක්ෂට ගැලපෙන ජාතියේ විහිළුකාර ආරක්ෂක ලේකම් වරයෙක්ද ඕනෑම විදියකට හැඩය වෙනස් කරන යර්ස් සර් ගනයේ පොලිස්පති වරයෙක්ද සිටී.
රනිල් රාජපක්ෂ ගොනාට………
මේ දෙන්නාම ජනපති රනිල් රාජපක්ෂ ගොනාට අන්දාගෙන රාජපක්ෂ පවුලේ ඕනෑ එපාකම් ඉටු කරන වුන්ය. රනිල් රාජපක්ෂ ජනපති පදවියට පත් වූ විගසම ආරක්ෂක ලේකමි හැටියට මිල්ටෙරි නන්දසේනගේ අතවැසියකු වන හිටපු ආරක්ෂක ලේකම් වරයාම පත් කරන ලදී.
අමාත්‍යවරයාගේ දිසාපාමොක්………
ජනපති රනිල් රාජපක්ෂගේ පාලනය පවතින්නේ රාජපක්ෂවරුන් ගේ පාලනයට එදිරිව නොවන බව ඉන් සිතා ගත හැකිය.දැන් ආරක්ෂක ලේකම් වරයා තමන්ට හුරුපුරුදු මිල්ටෙරිමය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරමින් තිබේ.පොලීසිය බාර අමාත්‍යවරයා ඉටු කරන්නේද එම වැඩපිළිවෙලේ ඉතිරි කාර්ය භාරයයි.මේ වන විට පොලීසිය බාර අමාත්‍යවරයාගේ දිසාපාමොක් ලෙස කටයුතු කරන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුය.
පොලීසිය බාර අමාත්‍යවරයා……..
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයාව සිටියදී රාජපක්ෂ තක්කඩියන්ගේ රෙදි සෝදමින් සිටි ඡෙ.නි.පො දේශබන්දු අද වන විට සිරිකොත රෙදි සෝදන්නා බවටද පත් වී සිටී.පොලිස් අමාත්‍ය ටිරාන් අලස් හා ජනපති රනිල් රාජපක්ෂ අතර පවතින දීර්ඝ කාලීන විරසකය
බැලැන්ස් කරමින් දෙපාර්ශවයේ නොහොඳ නෝක්කඩු පුපුරා යන්නට ඉඩ නොදී ආරක්ෂා කිරීමේ වගකීම ගෙන ඇත්තේ මේ දේශබන්දුය.පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලීසිය හා පොලීසිය බාර අමාත්‍යවරයා අතර සම්බන්ධීකරණ නිළධාරී තනතුරක් ස්ථාපිත කොට එම තනතුරට ඡෙනිපො දේශබන්දු පත් කරන ලද්දේද මෙම සැළසුම යථාවත් කිරීමේ අරමුනින් බව පැහැදිලිය.
නන්නාඳුනන තුවක්කු කරුවන්………
මේ කෙරුම්කාරයන් ආරක්ෂාව බාරව සිටිද්දී රට පුරා නන්නාඳුනන තුවක්කු කරුවන් විසින් උදය දහවල මිනිසුන් ඝාතනය කරමින් සිටී.අද වන විට එවැනි ඝාතන දවසට දෙකක් තුනක් දක්වා වර්ධන වී ඇත.යහපාලන ආණ්ඩුව කාලයේ රටේ ආරක්ෂාවට කෙලවෙලාය පාතාලය මිනී මරා ගන්නවාය කියා අඳෝනා නැගූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා අද කට පුක වසා ගෙන නිහඬය.මීක් සද්දයක් නැත.
පොලීසිය පැය විසි හතර පුරාම…….
පොලීසිය ඝාතකයන් පිළිබඳව විමර්ශනය කරන බවක් පෙනෙන්නට නැත.ඒ වෙනුවට පොලීසිය පැය විසි හතර පුරාම සිද්ධ කරන්නේ ගාළු මුවදොර අරගලයට සහභාගි වූ තරුණ තරුණියන් අත් අඩංගුවට ගැනීමය.ඔවුන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමය.පැහැරගෙන යන ඔවුන් නීතිඥ සහායක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයෙන් හොරෙන් රඳවා ගෙන සිටීමය.මේ මර්දනකාරී සාහසික පොලිස් ක්‍රියාකාරකම් මේ වන ඉතා බරපතල තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව පෙනී යයි.
ඡෙනිපො දේශබන්දු……….
පොලීසිය බාර අමාත්‍ය ටිරාන් අලස් කියන්නේ තමන්ට පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමේ අදහසක් තිබෙන බවය.එහෙත් පොලිස් අමාත්‍යංශයේ සම්බන්ධීකරණ උපදේශකයා බවට පත් වී සිටින ඡෙනිපො දේශබන්දු ගේ කෙරුවාව ගැන සිතන විට පොලිස් ඇමතිවරයාගේ පොලීසිය ප්‍රතිසංවිධාන සැලසුම මාරම විහිළුවක් බව නම් පැහැදිලිය.ඡෙනිපො දේශබන්දු යනු දිය යටින් ගින්දර ගෙනියන ජාතියේ පොරකි.කවදා හෝ පොලිස් ඇමතිවරයා අමාරුවේ වැටුන දවසක මේ සත්වයාගේ නියම හැඩය හා රුව වටහාගන්නවා නිසැකය.එතෙක් ඇමතිවරයාට දේශබන්දු තරමේ වෙනත් ගැලවුම්කාරයෙක් ගැන අදහසක් පවා නොතිබෙන්නට පුළුවන.
වජිර අබේවර්දන……..
ජනපති රනිල් රාජපක්ෂ ඡෙනිපො දේශබන්දු ගේ කෙරුවාව ගැන නොදැන ඉන්නවා විය නොහැකිය.එහෙත් ජනපතිවරයා මේ සත්වයා දිගේලි බාර කිරීමට බාර දී ඇත්තේ වජිර අබේවර්දනටය.සත්වයා මොකා වුනත් වජිර අබේවර්දන විසින් ඒකා ගානට දක්කාගෙන යන බව ජනපති රනිල් වික්‍රමසිංහ දනී.එහෙත් වජිර අබේවර්දනට ඒ කාරිය ඉටු කිරීමට ඉඩ පවතින්නේ රාජපක්ෂවරුන්ගේ සීමාව දක්වා පමණි.ඒ සීමාව ඉක්මවා යාමට වජිරට තබා ජනපති රනිල් රාජපක්ෂටත් ඉඩක් නැත.
අපට අද වන විට ආරංචි වී ඇත්තේ අරගල කරුවන් විසින් රජගෙදර තිබී පොලීසියට බාර දුන් කෝටිගනනක මුදල පිළිබඳව විමර්ෂණ කටයුතු වල නිරතව සිටි රහස් පොලීසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෝරන්ස් ස්ථාන මාරුකොට යවන ලද බවය.අරගල කරුවන් විසින් රජගෙදර තිබුණ මෙම විශාල මුදල් කන්දරාව පොලීසියට බාර දීමත් සමගම ඒගැන අමුතු කැසිල්ලක් ඇතිවූයේ ඡෙනිපො දේශබන්දුටය.ඔහු විසින් එම මුදල් කන්දරාව අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට බලපෑම් කළ බවද වාර්තා වී තිබේ.
පොලීසිය වැටී ඇති අඳුරු ප්‍රපාතය………
අද පොලීසිය වැටී ඇති අඳුරු ප්‍රපාතය ඉතා බරපතලය.පොලීසියේ සෑම අංශයක්ම දේශපාලනීකරණය වී හමාරය.ඒ තක්කඩි රාජපක්ෂ වරුන්ගේ අවශ්‍යතාවය ඉටු කරනු පිණිසය.ජනපති රනිල් රාජපක්ෂ මහ පොලොවේ පය ගසා ජීවත්වන දේශපාලඥයකු නොවන නිසා අද පොලීසිය සිදු කරන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අවධානය යොමු නොකරන බව පැහැදිලිය.
රාජපක්ෂ වරු රනිල් රාජපක්ෂ ගේ දුර්වල තාවයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටී.කෙළවරක් නැති මිනිස් ඝාතන,නන්නාදුන මල සිරුරු බලහත්කාර අත් අඩංගුවට ගැනීම් තුළ බිය වැදී තැති ගැන්වී සිටින සමාජය තුළ රාජපක්ෂ වරු සිය පොදු ජන පෙරමුණ තක්කඩි දේශපාලනය අළුත් වටයකින් සමාජගත කර මින් සිටින බව දකින්නට ඇත.අද ජාත්‍යන්තර ආධාර හා සහාය බොහෝ දුරට රඳා පවතින්නේ මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කරනවාය යන අදහස තුළය.එහෙත් දැන් මෙරට සිද්ධ වෙමින් පවතින බලහත්කාරී පොලිස් ක්‍රියාකාරකම් තුළ ඒ සියල්ල බරපතල අවදානමකට ලක් වෙන්නට ඉඩ පවතී.රනිල් රටේ නායකයා වූ පසු ඒ ඒ රටවල් පෝලිමේ පැමිණ උදව් කරාවි යන සුරංඟනා කතා දැන් කැඩී බිඳී විසිරී ගොස් හමාරය.
රට තුළ පවතින පීඩනය…….
රට තුළ පවතින පීඩනය කවදා කොයි මොහොතක පුපුරා යාදැයි කිව නොහැකිය.ආණ්ඩුවේ නරි නාටක ජනපති රනිල් රාජපක්ෂ කුමන ආකාරයෙන් සාධාරණීකරණය කරන්නට ප්‍රයත්න දැරුවද පොහොට්ටුවෙි හා එජාපයේ සුළු පිරිසක් හැරුන විට මෙරට බහුතරයක් සිටින්නේ දැඩි කෝපයෙනි.
ඒ කෝපය පිටාර යන දවසට ජනපති රනිල් රජපක්ෂට සැඟවෙන්නට තැනක් හොයාගන්ටත් බැරිවෙන බව නම් නිසැකය.