පසුගියදා පැවැති එජාපයේ සංවත්සරයේ දී සභාව ඇමතූ හරීන් ප්‍රනාන්දු ගුණදාස කපුගේ ගේ සබඳ අපි කඳු නොවෙමු ගීතය විකෘති කරමින් ගායනා කෙරුවේය.හරීන් ඒ වෙලාවේ සිටින්නට ඇත්තේ ගංජා ඇට පිටින් ගහලාය.
මෙරට ඉතා ප්‍රසිද්ධ ගීතයක් මේ ආකාරයට වරද්දා කියන්නට ඇත්තේ ඒ නිසාය.
ගංජා ගැන ගැන කතා කරන විට වැඩිදෙනෙකු ගේ ඔළුවට එන්නේ පාර්ලි මේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේය.ඇය පාර්ලිමේන්තු සභා වාර කිහිපයකදීම ගංජා වගාව නීති ගත කරන්නට ඉල්ලා සිටියාය.ගංජා වගාව නීති ගත නොවූවද ඇයට ජනපති රනිල් රාජපක්ෂ අද (8) රාජ්‍ය ඇමතිකමක් දුන්නේය.ඒ සංචාරක රාජ්‍ය ඇමතිකමයි.සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දුය මෙරට සංචාරක කර්මාන්ත දියුණු කරන්නට මාර ඩබලක් සෙට් වී ඇතැයි දැන් අපට සතුටු වන්නට පුළුවන.සමහර විට ගංජා කොකේන් අධිරාජ්‍යයක් මෙරට නිර්මානය කරන්නට මේ ඇමති ඇමතිනී ඩබලට බැරි කමක් නැත.
ලොහාන් රත්වත්තේ………
ජනපති රනිල් රාජපක්ෂ අද අත දිග හැර දුන් රාජ්‍ය අමාත්‍ය ලැයිස්තුවේ ඉන්නා අනික් භාණ්ඩ ටිකද එකාට එකෙක් පරදින ජාතියේ එවුන් නොවේ.මෙහිදී අපට පළමුවෙන් ලයින් වෙන්නේ ලොහාන් රත්වත්තේ ගැනය.ඒ 2001 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී උඩතලවින්න එක්සත් ජාතික පාක්ෂිකයන් දස දෙනෙකුගේ ඔළුවට වෙඩි තබා ඝාතනය කෙරුවේ මේ සාහසිකයා නිසාය.එක්සත් ජාතික පක්ෂයේ සර්ව බලධාරී නායකයා වන පත්කළ ජනපති රනිල් රාජපක්ෂට අද දවසේදී තමා ඉදිරියේ රාජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දෙන ලොහාන් රත්වත්ත දුටු විට එදා උඩතලවින්නේදී පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන් පක්ෂ ක්‍රියාකාරිකයන් ගැන සිහියට ආවේ නැති බව නම් නිසැකය.සිහියට ආවත් මේ හාමු වසලයා ඒ ගැන තුට්ටුවක් මායිම් කරන්නේ නැති බවද කැට තියා කියන්නට පුළුවන.ඒ මක් නිසාද යත් රනිල් රාජපක්ෂ කියන්නේ වලව්කාර මානසිකත්වයෙන් ජීවත්වන උද්දච්ච අහංකාර පාදඩයෙක් නිසාය.
පිල්ලෙයාන්………
අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ගනනාවක් කැති ගා කොටා වෙඩි තබා ඝාතනය කිරීමට අණ දුන් පිල්ලෙයාන්ද අද රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ශෂේන්ද්‍ර රාජපක්ෂ……..
එපමනක්ද නොවේ චීන අසූචි නැවකට ඩොලර් මිලියන 6.9ක් ගෙවූ ශෂේන්ද්‍ර රාජපක්ෂද අද රාජ්‍ය ඇමතිවරයකු ලෙස පත් විය.ඔහුට හිමි වූයේ වාරිමාර්ග රාජ්‍ය ඇමතිකමය. ඇතැම්විට ඔහුට වාරිමාර්ග රාජ්‍ය ඇමතිකම දෙන්නට ඇත්තේ චීන අසූචි නැව නිසා ශරීරයේ ගෑවුන අසූචි හෝදාගන්නට වෙන්නට ඕනෑය.
ප්‍රසන්න රණවීර……
පාර්ලිමේන්තුවේ සභා රැස්වීමකදී විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැසූ ප්‍රසන්න රණවීර කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති වරයකු වශයෙන් දිවුරුම් දෙද්දී
චාමර සම්පත් දසනායක………
උඩරට මැණිකේ රාත්‍රී දුම්රියේ වඩේ විකිණූ චාමර සම්පත් දසනායක ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති තනතුරට පත් කිරීම විද්‍යාත්මක පදනමකින් පත් කළ පත් කිරීම් බවට පාක්ෂිකයන්ට සතුටු විය හැකිය.
සනත් නිශාන්ත…….
ගාළුමුවදොර අරගල කරුවන්ට පහර දුන් සනත් නිශාන්තට අද රාජ්‍ය ඇමතිවරයකු ලෙස පත්වීමට අවස්ථාව ලැබී තිබුණි.ඔක්සිජන් කන්නදැයි ඇසූ මේ නරුමයාට ලැබී ඇති රාජ්‍ය ඇමතිකම ජලසම්පාදන රාජ්‍ය ඇමතිකමය.ජලය ජනතාවට අතවශ්‍ය දෙයක් නොවේ යැයි කියන්නට වුවද මේ මෝඩ තකතිරුවා දෙවරක් නොසිතනු ඇත.
හරි විදියට පත්කළ ජනපති රනිල් රාජපක්ෂ විසින් සනත් නිශාන්තට ලබා දිය යුතු වන්නේ රාජ්‍ය ඇමතිකමක් නොව වගකිව යුතු ඇමතිකමකි.ඒ රනිල් රාජපක්ෂට ජනපති තනතුරට ඒමට මග සදා දුන්නේ සනත් නිශාන්ත නිසාය.
බැසිල්………
එහෙත් මේ රාජ්‍ය ඇමති තනතුරු පත්කිරීම් සිද්ධ වන්නේ රනිල් රාජපක්ෂට ඕනෑ විදියට නොවේය.බැසිල් රාජපක්ෂට අවශ්‍ය විදියටය.හෙට අනිද්දා වන විට නාමල් රාජපක්ෂ ,රෝහිත අබේගුණවර්දන, ජොන්ස්ටන් පෙරේරා,මහින්දානන්ද වැන්නන් ගෙන් සමන්විත අමත්‍ය මණ්ඩලයක්ද පත් කෙරුනු ඇත.රූකඩ රනිල් රාජපක්ෂ ජනපතිවරයාට දැන් සිද්ධ වී ඇත්තේ බැසිල් රාජපක්ෂ නූල අදින අදින හැඩයට නැටවෙන්ටය.
මොනිටසෝරි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වරයෙක්………….
මෙරට අධ්‍යාපනය පිළිබඳව පත්කළ ජනපති රනිල් රාජපක්ෂ ගේ අවධානය කෙතරම් බරපතලද යන්න තහවුරු වන්නේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය,උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හා පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වශයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකුම පත් කර ඇති නිසාය.තව අඩු මොනිටසෝරි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වරයෙක් පමණි.පසුගිය කාලයේ අපේ රටේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කරන ලද්දේ මෙරට ජනතාවගෙන් සියයට හැත්තෑපහක් මානසික රෝගීන් බවය. අධ්‍යාපනය සඳහා රාජ්‍ය ඇමති පත් කිරීම් වලින්ම එම වෛද්‍යවරයාගේ ප්‍රකාශය තවදුරටත් තහවුරු වේ.
මෙම රාජ්‍ය ඇමතිවරයකුගේ පුද්ගලික වාහනයට මාසයකට පැට්‍රල් ලීටර් හත්සිය පනහක් ලැබේ.තව පරිවාර රථ දෙකක්ද මේ රාජ්‍ය ඇමතිවරයෙකුට හිමි වේ.පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිය.ඒ සඳහා වැය කෙරෙන මුදලද අසීමිත වියදමකි.
අද රාජ්‍ය තනතුරු ලැබූ සියළුම අයවළුන් අමත්‍ය තනතුරු වල දිවුරුම් දීමෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඇති බවටද වාර්තා විය.මින් පැහැදිලි වන්නේ තවමත් මෙරට පාලනය කරන්නේ රාජපක්ෂ වරුන් බවය.
කෙසේ වෙතත් අද දවසේ පත්කළ ජනපති රනිල් රාජපක්ෂ ආණ්ඩුව අතිවිශාල ඇමති මණ්ඩලයක් පත් කිරීම ගැන සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පල කර යෝජනාවක් සම්මත කර තිබේ.
සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය
අතිශය බරපතල ලෙස රට බංකොලොත් වී ඇති මොහොතක ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක ,ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙසත් ,සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය අමත්‍යවරු 37ක් තරම්
විශාල ප්‍රමාණයක් පත් කොට තිබේ.
මේ අත්විශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලු කිරීමක් බව සමගි ජන බලවේගය දැඩිව විශ්වාස කරයි.
මේ නාස්තිකාර තත්ත්වය පිළිබඳව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අතිවිශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ග්‍රම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවය.ඒ අනුව මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය අද (8)රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය