වෙනත්

නාමල් ගේ දේශපාලන ගමනට බාධාවක් නොකර රනිල් මාමා 34 (2) අනුව කොන්දේසි දමා රන්ජන් නිදහස් – ඒත් රන්ජන් ගේ ජීවිතය අනතුරේ වහාම දැඩි ආරක්ෂාවක් ලබාදෙන්න

Spread the love

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තම ජනාධිපති ධුරයේ දී ඉතාම ටික කලකින් ජනතාව අතර දැඩි වෛරයට හා අප්‍රසාදයට පත්ව ඇත්තේ ඔහු මැදමුලන හොරු රැහේ ගැලව්ම් කරුවා නිසාය.

ඒත් ඒ වෛරය අද දවසේ යන්තමින් පහව ගියත්, තවත් නිමේෂයකින් රනිල් යනු පාහරයෙක්ම පමණක් බව තව තවත් ඔප්පු කලේය. ඒ ජනාධිපතිට ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(2) අනුව රන්ජන්ව නිදහස් කොට ඇත්තේ තම ඥාති පුත්‍ර නාමල් ගේ අනාගත දේශපාලනයට කිසිදු බාධාවක් නොවන ලෙසය.

දැන් රන්ජන්ව එලියට ගත්තේ රනිල්ට අනාගතේ දවසක රන්ජන් ජනාධිපති සිහිනය නොදකීයයි හෝ තර්ජනයක් නොවීමට වග බලාගෙනය. 

ඒත් අද දවසේ මාධ්‍යයේ අපි රනිල් පිලිබදව ඇසුවේ කියන දේ කල “නයෙකු” කියාය. ඒ රංජ්න්ව තමන් නිදහස් කරන බවට හරීන් හා මනුෂගේ ඉල්ලීමට එකහෙලාම එකඟවී තිබීම නිසාය. මනුෂ හා හරීන් රන්ජන් වෙනුවෙන් සුවිශේෂිත කැප කිරීමක් කල බව සදහන් නොකල හොත් එය කුහක කමකි. රන්ජන් වෙනුවෙන් එකි මෙකි නොකී සියල්ලම් කැපවීම් හා ජනාධිපති හරහා සම්බන්ධීකරණයට ක්‍රියා නොකලා නොවේ.

කෙසේ වෙතත් රන්ජන්ට යමක් කිව යුතුය. එ රන්ජන් කවුද කියා රන්ජන් නොදනීමය. ඒ ලෝකයම දැන් දුෂිතයන් පලවා හැරීමේ මහා ට්‍රේන්ඩකකට යොමුව ඇති මොහොතක රන්ජන් නැවත කරලියට එම රටේ ජන අරගලයට ලැබුණු ජීව වායුවක් බදුය. ඒ රන්ජන්ගේ කටට බ්‍රේක් නැති වුනත් රන්ජන් කිවයුතු දේ මොකාට වුවත් කියන කෙනෙක් නිසාය. රන්ජන් සමඟ “සුදු මල් කන්ද “ටෙලි නාට්‍යයේ ” රගපැමට මේ ලියුම් කරට අවස්ථාව උදාවුවා සේම එදා සිටම රන්ජන් සමඟ ඔහුව ඇසුරු කිරීමට අවස්ථාව ලැබීමෙන් රන්ජන් යනු එදා ගාමිනි ෆොන්සේකා කී ආකාරයටම කොන්ද කෙලින් ඇති නිර්භීත මිනිහෙකු බව පසක් වීමට වැඩි කලක් නොවීය.

රන්ජන් මෙරට දැනට සිටින ඇත්ත කියන හොරෙක් නොවන දේශපාලකයන් ගෙන් වැඩිම ජනතා ආකර්ෂණයට ලක්වු පුද්ගලයාය. රනිල් රන්ජනව නිදහස් කලේ සලේ ගේ බුද්ධි වාර්තාවකට අනුව නම් රන්ජන් ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව තිබේ.

ඒ තවමත් සලේලා, කමල් ගුණරත්නලා පිටියේ පන්දු ගසන නිසාය. සලේ යනු පාස්කු ප්‍රහාරයට නම් කියවෙන ප්‍රධානම අයෙකි.රන්ජන්ට සලේ ගෙන් ඇත්තේ දැඩි අනතුරකි. ඊට නොදෙවෙනි අනතුර ඇත්තේ නිස්සංකගෙනය. ඒ නිස්සංක යනු මෙරට දේශපාලන මාෆියාවේ ප්‍රධාන පෙලේ විෂ දල සර්පයෙකි.

එදා උ ගේ හව්හරණ ගෝඨාය ,අද රනිල් හා වජිරය. රනිල් රන්ජන්ව නිදහස් කර ඇත්තේත් විලංගු දමාය. රනිල් වික්‍රමසිංහගේ කුහකකම් හා රන්ජන්ගේ හැකියාව මෙතනදි රටේ ජනතාවට රනිල් මොනවට ඔප්පුකර තිබේද …?

මෙවනි කුහක මිනිසෙකු රටේ ජනතාවට යහපතක් කරනු ඇතයි  සිතන්නේ නම් ඌට මොලේ අමාරුවක් තිබිය යුතුය.

මිනිසුනි………….!!

තොපිට ජයපැන් බොන්න කාලය නොවේ, දැන් ඇත්තේ රන්ජන් ගේ ජීවිතය රැක ගැනීමයි .ඒ අපිට දැනෙන දේ ය, ඒ මංගලලා , සුනිල්ලා ,වීරසිංහලා ,සිරසේ කිලී මහරාජලා මරුනේ “කොරෝනා” නිසා කියලා අපිට හිතෙන නිසාය.

රන්ජන් එලියට ගත්තේත් ඒවනි දේශපාලන ගේමකට දැයි අපේ සැකෙන් අපි බැහැර නොයන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like