පසුගියදා ස්වර්ණවාහිනිය විකාශය කළ දේශපාලන සාකච්ඡාවකදී දකුණු පලාත් සභාව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රී නලින් හේවගේ අපූරු අනාවරණයක් කරන ලදී.
හදිස්සියේම හෘදයා භාධයකින් මිය ගිය හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් ගේ (පොදු ජන පෙරමුණ) ආදාහනය වෙනුවෙන් නගර සභාවේ මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳවය
එම වැය කිරීම් මෙසේයමිනී පෙට්ටියට රුපියල් 173,000කෝට් එකට රුපියල් 9500නුවරඑළියේ මල් 15000මල් වෙඩි 30000දර සෑය සඳහා 260,000විනී කාරියවසම් හික්කඩුව ප්‍රදේශයේ සිඳුවූ මිනීමැරුමකට මරණීය දණ්ඩනයට නියමව බන්ධනාගාරගතව සිටියදී ජනාධිපති සමාව දී නිදහස් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.ඔහුට ජනාධිපති සමාව ලබා දීම සඳහා මැදිහත් වූයේ එවකට ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුනවර්දනය.දොඩන්දූව පොල්ගස්දූව ආරණ්‍යයේ වැඩ විසූ විදේශික හිමි නමක අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියටද විනී කාරියවසම් සම්බන්ධ බවටද ඒ දිනවල අපරාද පරීක්ෂණ දෙපාර්තමෙින්තුව සොයා ගෙන තිබුනද එම ගොනුව පාම නාමල් රාජපක්ෂගේ නියෝගයෙන් සැඟවුන බවද පොලීසියේ තතු දන්නන් පවසයි.
පොහොට්ටුවේ උන් මැරුනත් වලපල්ලට යන්නේත් මහජන මුදලින්