පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෙන් එහි සිටි මාධ්‍යවේදියකු විසින් අපූරු ප්‍රශ්නයක් නගන ලදී.
ඒ ප්‍රශ්ණය මෙසේය.පොල්දූව හන්දියේ උද්ඝෝෂණය කෙරුවේ ජනතා විමක්ති පෙරමුනෙන් නේද? නමුත් තවම ඔබ පක්ෂයේ කිසිවෙකුත් පොලීසිය අත් අඩංගුවට ගන්නේ නැහැ.ඒ කවර හේතුවක් නිසාදඑම ප්‍රශ්ණයට පිළිතුරු දුන් ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසීය.“අප කෙරුවෙ ඉතා සාමකාමී උද්ඝෝෂණයක්.ආණ්ඩුව හිතනව නම්ඒ උද්ඝා්ෂණය එහෙම නොවේය කියල අපත් බලා ගෙන ඉන්නෙ ඒ සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්ණ කරන්න එනකම්.රනිල් වික්‍රමසිංහලා බය වද්දන්න පුළුවන් අය හොය හොය බය වද්දනවා මිස හරියට පිළිතුරු දෙන්න පුළුවන් අය හොයා ගෙන එන්නෑ.අපි හොයාගෙන ආවොත් “ලුණු ඇඹුල්” ඇතිව කියල දෙනවා.මර්දනය කරන්න හයියක් නැති අය එකිනෙකා බය කරනවා.මහා දැවැන්ත ජනතා මහජන නැගිටීමක් සිඳු වුන වෙලාවක කිහිප දෙනෙකුට වග කියන්න පුළුවන්ද.ඒක මහ විකාරයක්.දැන් කරන්න ඕනෑ මහජන නැගිටීමට හේතු වුන කරුණු සොය පිළියම් කරන එකයි.”
පොලීසිය අපි හොයාගෙන ආවොත් ලුණු ඇඹුල් ඇතුව කියල දෙනවා. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි