වෙනත්

රනිල් හාමු ගේ ජෝකර් ආණ්ඩුව අම්බලන්ගොඩ කෝළම් කූට්ටමේ පොලිස් කෝළමත් තහනම් කරන හැඩයි

Spread the love

පොලීසියේ හා යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් ඇති කරවන ආකාරයෙන් එම නිල ඇඳුම් කොටස් විකෘති කර ඇඳ විරෝධතාවේ යෙදී සිටි අයකු හලාවත ප්‍රදේශයේ පදිංචි  අවුරුදු  35 ක් වයසැති අයකු අත්අඩංගුවට ගත් බව පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය (24)දින නිවේදන⁣යක් නිකුත් කරමින් කියා සිටී.
එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත්තේ 2022/06/09දින 
කොටුව පොලිස් වසමේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝොෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් රජයේ දේපොල වලට අනර්ථය සිදු කිරීම, රාජකාරියේදී යෙදී සිටි පොලිස් නිළධාරීන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.
එම මාධ්‍ය නිවේදනය සමග එම සැක කරු විරෝධතාව දැක්වූ අවස්ථාවේ ඇඳ සිටි ඡායාරූපයක්ද මාධ්‍ය ආයතන වලට පොලීසිය එවා ඇත.
පොලීසිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශාලික රුක්ෂාන් නම් තරුණ නිරූපන ශිල්පියෙකි. 
මේ  නිරූපන ශිල්පියාගේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව අපට පොලිස්පතිට ලියා දන්වන්නට  ඇත්තේ හයියෝ “පොලීසිය ⁣පීචං” වෙන තරම කියාය.යම් නිරූපනයක⁣ට අඳින ඇඳුමකින් පොලීසියේ හෝ ආරක්ෂක හමුදාවේ නිල ඇඳුමකට අපහාසයක් වෙනවා යැයි සඳහන් කිරීම  මාර ජෝක් එකකි.ආරක්ෂක අංශයක ඇඳුමක් නිරූපනයක⁣ට හැඳ රඟපෑමක් කිරීම අපහාසයක් වේ නම් මින් ඉදිරියට අම්බලන්ගොඩ කෝලම් කූට්ටමේ පොලිස් කෝළම ඉවත් කළ යුතුය.
පහතරට කෝළම් සම්ප්‍රදායේ හමුවන පොලිස් කෝලම ඉතා හාස්‍ය රසය උපදවන කෝළම් අංඟයකි.  පොලිස් කෝළම මීට අවුරුදු දෙසීය පනස් ගානකට පෙර ඉංග්‍රීසි ජාතිකයන් විසින් අප රට පාලනය කළ යුගයේදී ඉංග්‍රීසි ආණ්ඩුවේ උසස් හා පහත් පොලිස් නිළධාරීන් නිර්දය ලෙස විවේචනය කිරීමට ගැමියන් විසින් නිර්මාණය කළ කෝළම් අංඟයකි.මේ කෝළම් නිර්මාණයට එරෙහිව ඉංග්‍රීසි ආණ්ඩුව නඩු පැවරූ බවක් නමි කෝළම් ඉතිහාසයේ කිසිම තැනක සඳහනක් නැත.
එහෙත් දැන් මේ රටෙි නීතිය ක්‍රියාත්මක කරනවාය කියා සිද්ධ වෙන්නේ අම්ම මුත්ත කාලේවත් නෑසූ විගඩම් කෙරුවාවල්ය.පොලීසියේ ඇතැම් නිළධාරීන්ගේ  දේපාලනික වහල්කම හා බයාදු නපුංසක කම අපට දැනෙන්නේ අමුම අමු හිරිකිතයකි.කෙසේ වෙතත් මුන්දැලාගේ මේ අසමජ්ජාති පජාත කෙරුවාවල් අවසන් වන දිනය නම් අත ලඟය.එදාට මේ ⁣මුග්ධ නපුංසක පොලිස් කෙරුම්කාරයන් ගලවාගන්නට  “දේශපාලන බොස්ලා” අහල පහලක නොසිටිනු ඇති බවත් අත්දැකීම් වල පිහිටා සඳහන් කළ හැකිය. 
රනිල් රාජපක්ෂගේ හා රාජපක්ෂ සනුහරයේ තක්කඩි වුවමනාවට පොලීසිය  තරුණයන් අත් අඩංගුවට ගනිමින් හිරේ විලංගුවේ දමමින් සිදු කරන මේ නින්දිත මර්දනය සමාජය තවදුරටත් ඉවසනු නැති බව විශ්වාසය.
මිල්ටරි නන්දසේනට එරෙහිව විදියට බට ජනතාව යලි පාරට එන්නේ මරාගෙන මැරෙන්නට බව නම් සහතිකය.එය වලක්වාලීමට හමුදාවේ යුද ටැංකි මදි වෙනු ඇත.
එදාට පාදඩ දේශපාලනයේ ඕනෑ එපාකම් වලට වහළුන් වී රාජකාරිය පාවා දෙමින් පොලීසියේ බලුකම් කරන පාහර පොලිස් උන්දැලාගේ දරු පවුල් වලටත් දෙයියන්ගේම පිහිට බව අප දැන්ම ලියා සඳහන් කරමු.හෙට අනිද්දාා වල කජ්ජ  ගහන්නට ඔන්න මෙන්න ජාතියේ පාරාජිකා වූ දේශපාලන මැන්ටල් කිහිප දෙනෙකු සමග එක්ව පොලිසියේ ⁣පාදඩයන් කිහිප දෙනෙකු මේ අනතුරට දමමින් සිටින්නේ හෙට දවසේ රට බාර ගන්නට ඉන්නා තරුණයන්ගේ ජීවිතයයි.ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුය.මේ තරුණයන් ගේ ඉවසීමේ සීමාවක්ද තිබෙන බව කවුරු කවුරුත් දැන ගත යුතුය.එය පුපුුුරා යා හැක්කේ පරණ පුරුදු අහිංසක හැඩයේ අරගලයකින් නොවන්නටත් පුළුවන.ගහන ගහන තරමට ඉවසන සමාජයක් ලෝකයේ කොහේවත් නැත.ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ට බව හොයා වැඩක් නැත.
මෙම පොලිස් මර්දනයේ මූලිකයෙක් ලෙස කටයුතු කරන්නේ ඡේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු බව පොලීසියෙන් ලැබෙන තොරතුරු වලින් අපට දැනගැන්මට තිබේ.පොලීසියේ අන්ත දූෂිතයකු වන දේශබන්දුට සිය ජීවිතයේ අවසාන භාගය වැලිකඩ ගෙවන්නට සිදුවන බව නම් නිසැකය.අපට හූනා කිව්වා වාගේ ඒ අනාවැකිය කියන්න⁣ට නම් පුළුවන.
පොලීසිය  තවමත් මෙහෙයවමින් සි⁣ටින්නේ පාදඩ රාජපක්ෂ පවුලේ වුන්ය.නීතිය හා සාමය ඇමතිකම ටිරාන් අලස්ට ලබා දී ඇත්තේ ඒ නිසාය.මේ ටිරාන් අලස් හා ජනාධිපති රනිල් රාජපක්ෂ අතර ඇයි හොඳයියක් නැත.පසුගියදා විරෝධතාවල නියැලුන තරුණ තරුණියන් මර්දනය සඳහා වන පාදඩ රාජපක්ෂ වරුන්ගේ වෛරී සහගත වුවමනාව සාර්ථක වන්නේ ටිරාන් අලස් හා  ජනපති රනිල් අතර පවතින මෙම  විරසකය තුළ බව පැහැදිලිය.පොලීසිය සිදු කරන අනීතික කෙරුවාව මේ වන විට ජනපති රනිල් රාජපක්ෂට හසුරවන්නට බැරි තරමේය.
දැනට සමාජය තුල පවතින පොලිස් මර්දනය  නිසා  ජාත්‍යන්තරව රටට අනතුරු දායක බලපෑමක් ඇති විය හැකිබව ජනපති රනිල් රාජපක්ෂ ඉතා හොඳින් දනී.එහෙත් පාදඩ රාජපක්ෂ කඳවුරේ හිරකරුවකු ⁣වී සිටින ඔහු⁣ට දැන් කරන්නට පුළුවන් ලබ්බක්ද නැත.එහෙත් ඔහුගේ න්‍යාය පත්‍රය තුල ඇත්තේ පාර්ලිමේන්තුව තුළ මොනවා හෝ දහම් ගැටයක් ගසා සිය පාර්ශවීය බලය තහවුරු කර ගත හැකිය කියාය. ඒ අපේක්ෂාවෙන් ජනපති රනිල් රාජපක්ෂ හා එක් වන පාර්ලිමේන්තු නියෝජනයන්ට එතැනින් එහාට ⁣මේ මහ පොළොවේ මහ⁣ජන දේශපාලන නියෝජනයක් හිමි නොවන බව නම් පැහැදිලිය.ඒ සෑම කෙනෙකුටම අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති වෙන එක සිකුරුය.
ඒ බැසිල් රාජපක්ෂගේ යටිබිම් ගත දේශපාලන උපාය උපක්‍රමයන් පරදවන්නට රනිල් රාජපක්ෂට ලේසි පහසු නොවන නිසාය.බැසිල් රාජපක්ෂගේ මේ ගේම ඉදිරියේදී අවසන් වන්නේ රනිල් රාජපක්ෂගේ මහා පුරුෂ දේශපාලනය  ප්‍රපාතයට තල්ලු කරමිනි.පාදඩ රාජපක්ෂ වරුන් යනු සිය අවශ්‍යතාව සඳහා දේශපාලනයේ දිවෙන් දිව ගාගෙන එක මේසයේ කන බොන මිතුරන් පවා පාවා දෙන්නන් වේ.එබැවින් රනිල් රාජපක්ෂ දැනටමත් පරාද බව නම් අපි දනිමු.

Spread the love

Leave a Comment

You may also like