වෙනත්

පච්ච පීචං දේශපාලන ගෝපයියන්ගේ කෙරුවාව මෙහෙමය

Spread the love

දේශපාලන ගෝපයියන් ගේ සැබෑ ස්වරූපය මේ වන විට අනාවරණය වෙමින් පවතී.අප ඊයේ එවැනි “අප කීර්තමත්” ගෝපයියකු පිළිබඳව ලිව්වෙමු.

ලෝකය මැවූ දෙවියන් වහන්සේ විවිධ සතුන් ද මවා නිදා ගන්නට ගියහ.
දෙවියන්වහන්සේ නිදාගන්නා අතර තුර මැවූ සතුන් විවිධ ආකාරයට ආහාර ⁣ගැනීමට පෙළඹීම නිසා අර්බුදයක් මතුවිය.දෙවියන් වහන්සේ නැවත පැමිණ එම සතුන්ට නම් දීමත් ගත යුතු ආහාරත් පෙන්වා දුන්හ.සියල්ල අවසන් වීමෙන් පසුව දෙවියන් වහන්සේ පිටත් වී යාමට පෙර හදිසියේ පැමිණි කුඩා සතෙක් තමන්ට ඒ අවස්තාවට ඒමට ප්‍රමාද වූ බවට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන ලදී.
දෙවියන් වහන්සේ කෝපයට පත් විය
“Go පයියා” දෙවියන් වහන්සේ කේන්තියෙන් කෑගැසීය
නම හරි උතුමානනි …මං කෑමට ගන්නෙ මොනවද  ..සතා විමසීය
පයිය කාපිය දෙවියන් වහන්සේ කෝපයෙන් පිළිතුරු දුනි.
ගෝපයියා ගැන හෑල්ල එහෙමය.
අද සිටින දේශපාලන ගෝපයියන් දෙවියන් එලවා දැමූ  ගෝපයියන්ට වඩා තිරිසන් ගනයට අයිති සතුන්ය.මේ දේශපාලන ගෝපයින් හඳුනාගැනීමට බැරි තරමට විවිධාංගීකරණය වූ හා පවතින වටපිටාවට අනුව සිය ස්වරූපය වෙනස් කර ගන්නා තිරිසන් හා මානව සංකලනයෙන් ජාතක වූ අමුතුම ජාතියේ සත්ව විශේෂයකි.
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් වූ රජිත් (අප)කීර්ති තෙන්නකෝන් ඒ ගෝපයි සත්ව විශේෂයට හොඳම නිදසුනකි.පසුගිය දින වල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කමක් ඉල්ලා සජිත් ඉදිරියේ කන් කෙදිරි ගගා සිටි මේ ගෝපයියා ජනපති රනිල් රාජපක්ෂගේ ඔඩොක්කුවට පැන ගත්තේ සජිත්ට කොකා පෙන්නමිනි.මේ ගෝපයියා කවර හෝ තැනක මොනවා හෝ තනතුරක් අමුණා ගැනීමේ මාන්දමින් පෙ⁣ළුන අම්බ තක්කඩියෙකි.මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පෙනී සිටිමින් රාජ්‍ය බුද්ධි සේවාවට ඔත්තු සැපයූ කේලාම් කාරයෙකි.දෙපිට කාට්ටුවෙකි.මේ ගෝපයියා අටවා ගෙන සිටි මානව හිමිකම් අටමගලයකට විදේශයන්ගෙන් ලැබුණ ආධාර මුදලි වලින් සංචාරක හෝටලයක් මිලයට ගත් අයෙකි.
දැන් සමහරු සිතා ගෙන ඇත්තේ සිටිය හැක්කේ මේ ⁣මෙම දේශපාලන ගෝපයියා  පමනක් කියාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරේ නම් එවැනි ගෝපයියන් බොහොමයකි.උන් ගැන පේලියට තියා හඳුන්නා දීම වැඩක් නැත.මේ වනවිට සමාජය ⁣ඒ හැතිකරය ගැන දැනුවත්ය.
වැදගත් වන්නේ සිවිල් සමාජයේ කෙරුම්කාරයන් ලෙස පෙනී සිටිමින් ජනතාව ගොනාට අන්දන  පාහර ගෝපයින් ගැන හදුනාගැනීමය.
සිවිල් සමාජයේ මේ ගෝපයින්නේ හැඩකාර කෙරුවා නිසා ජනතාව ගේ ඇස් නිලංකාර වී යන්නේ අනේ  මිනිසුන් ගේ අයිතිවාසිකම්  ගැන හිතන කිසිම  දේශපාලනයක් ⁣නැති මෙවැනි  ලීඩර්ලා රටට ජාතියට වාසනාවක් කියා සිතා ගෙනය.එහෙත් මේ වාහෙලාගේ හිතේ යට සඟවා ගෙන ඇත්තේ වසල ගේම්ය. ⁣පොලීසිය දෙකට නැවී අනේ සර් යැයි කියන විට මුන්ට හරි ජොලිය. යන එන තැන මුන් බලාපොරොත්තු වෙන්නේ මුල් පුටුවය.එල්ටීටී ආණ්ඩුවක හරි චාන්ස් එකක් තිබේ නම් මුන් සෙට් වෙන එක සිකුරුය.
මෙි ගෝපයින් අතරේ නර්ස් සමන් නොම්මර එකේ බඩුවකි.යහපාලනය දවස්වල මෛත්‍රීපාල ලවා කෝටි ගනනක හිඟ වැටුපක් අනුමත කරවා ගත් මේ ගෝපයියා මාස දෙක තුනකට  පාර්ලිමේන්තු මන්ත්‍රීකම ගත්තේ වාහන පර්මිට් එක සාක්කුවේ දා ගන්නය.
දැන් ආණ්ඩුවේ වෘත්තීය සමිති ජනපති අධ්‍යක්ෂ ජනරාල්ය.නර්ස් සමන් ගෝපයියා මෑතකදී නුගේගොඩින් මිලයට ගත් මන්දිරය කෝටි අටකට ආසන්නය.අනේ නර්ස් නෝනාලා හරි පව්ය.උන්දැලා රෑ ඩියුටි කරමින් මහන්සි වී ගන්නා වැටුපෙන් ගානක් වැය කරන්නේ නර්ස් සමන් ගෝපයියා හා ඒකාගේ දරු පවුල නඩත්තු කරන්නටය. ඒ නර්ස් උන්දැලාටද ලැජ්ජාවක් නැත.දැන් ඒ නර්ස් සංගමය සිරිකොතේ ජාතික සේවක සංගමයේ අනු ශාඛාවක් වී ඇත්තේ ඒ නිසාය. 
මෙවැනි හැඩයේ ගෝපයියන් තව සිටී.අරගලයෙන් ගොඩ ගිය මුන් හැතිකරය දැන් ආණ්ඩුවේ තැන් තැන් වලට හීන් සීරුවේ සෙට් වෙමින් සිටී.නමුත් ආණ්ඩුවට හයිය  නැති දවසට වෙන තැනකට සෙට් වෙන්නද මේ ගෝපයියන් දක්ෂය.ඒ සඳහා විපක්ෂයේ කාට හෝ ආණ්ඩුවේ තියෙන වැරදි ගැන රහසේ ඔත්තු දෙමින් හිත දිනාගෙන සිටීම වැදගත් බවද මේ ගෝපයියන් දනී.ආණ්ඩුව නියෝජනය කරන්නන් අතර සිත් බිඳවීම් කොට උන් අතර කෙටවිලි කොටවන්නද ⁣දේශපාලන ගෝපයියන් දක්ෂය.ආණ්ඩුව කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියෙන දවසට විපක්ෂයේ මහ තැනක ඔඩොක්කුවට පනින එක මුන්ගේ ජාන ගත පුරුද්දය.
කියම් කෙරුම් හා ලේඛන කලාවේ අති දක්ෂ⁣යන් වන මේ දේශ⁣පාලන ගෝපයින් සමහර කාල වලදී මාධ්‍ය කෙරුම්කාරයන් විදියටද  සමාජය ගොනාට අන්දා සිටී. ඒ ආණ්ඩුවේ කෙරුම්කාර ජොබකට සෙට් ⁣වෙන්නට බැරි වුන කාලයටය.
ඒ නිසා දේශපාලන ගෝපයියන් ගැන සීරු මාරුවට දැන හඳුනාගෙන කටයුතු කරන ලෙසට විපක්ෂයේ කෙරුම්කාරයන්ගෙන් අපි ඉල්ලමු. 

Spread the love

Leave a Comment

You may also like