උණුසුම් පුවත්

ශ්‍රි ලංකා පොලිසිය ජනතාව ගේ මානව හිමිකම් අමු අමුවේම කඩකිරීමට ත්‍රස්ත පනත යොදා ගෙන – පොලිසියට දෙන විදෙස් පුහුණුවීම හා සාමසාධක හමුදාවන්ට යෙදවීම අත් හිටුවන්න IODPP සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

Spread the love

මේ වනවිට සමස්ථ ශ්‍රි ලාංකිකයන්ම ඉතාම දැඩි ජීවිත තර්ජනයකට හා ඉතාම භයානක ව්‍යසනයකට දිනෙන් දිම ලක්වෙමින් සිටි. ඊට ප්‍රධානම හේතුවි ඇත්තේ ජනතාවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති මුලික අයිතින් බුක්තිවිදීමට යන ඕනැම පුරවැසියකු ක්ෂණිකවම ත්‍රස්තවාදියකු කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හැකි බලයක් ආරෝපණය වීමය.

ඕනෑම පුරවැසියෙකු ත්‍රස්තවාදියෙකු ලෙසට නම් කොට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 61 වන වගන්තියට යටත්ව හෝ එසේත් නැතිනම් 91 වන වගන්තියට යටත්ව මාස තුනෙන් තුනට දීර්ඝ කලහැකි ආකාරයේ රැදවුම් නියෝගයකින් රදවා තබා ගෙන දරුවන් ගේ අධ්‍යාපන ජීවිත හෝ සාමාන්‍ය පුද්ගල ජීවිත විනාශකොට පොලිස්පති පුද්ගලික ලාභ ප්‍රයෝජන ලැබීම වර්තමාන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සතුටු  කිරීමයි. මෙය සමස්ථ ජාත්‍යන්තරයටම නරක පුර්වාදර්ශයකි.

මෙම ත්‍රස්ත්වාදය වැලැක්වීමේ පනත මේ වනවිට පොලිස් නිලධාරින් ගේ හා තම දේශපාලන හිතවතුන් ගේ විරුද්ධවාදින් ගේ සිවිල් ජීවිත විනාශ කිරීමට යොදා ගනිමින් සිටි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන කැදවුම්කරු වසන්ත මුදලි ගේ හා තවත් 11 දෙනෙකු හා නිරායුද මහජනතාව ද සමඟ පුද්ගලයන් 234ක් මේ වනවිට රදවා තිබේ.අරගලයේ සිටි 3500 ක් මේවන විට අත් අඩංගුවට ගෙන තිබේ.

පසු ගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පත් වීමත් සමඟම හදිසි නිතිය සම්මත කරමින් ඊට සමඟාමිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව රදවා තබාගැනීමේ කාලය වසරක් තෙක් දීර්ඝ කලේය. දැන් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කිසිත් නැති බවට තවත් සාක්ෂි උවමනා නැත

ජනතාව උග්‍ර ආහාර හිඟයකින් පෙලමින් ජීවත් වීමට නොහැකි තත්වයකට පත්ව සිටින නිසාම රනිල් රාජපක්ෂ ආණ්ඩුව රැකීම දැන් පොලිසියේ එකම රාජකාරිය වී තිබේ. පොලිස්පති ගේ පොලිස්පතිකමත් ඉහල පොලිස් නිලධාරින්ගේ තනතුරු රැක ගැනීමට දැන් ආණ්ඩුවේ දේශපාලකයන් ගේ උවමනාවන් එක පෙලට ඉටුකරන බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.

එ නිසාම ශ්‍රි ලංකා පොලිසියේ පොලිස්පති ප්‍රධාන කිසිදු පොලිස් නිලධාරියෙකුට යුරෝපයට හෝ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට විසා ලබානොදීමට ක්‍රියාකල යුතුය. එසේ කොට පොලිස්පතිට දැඩි බලපැමක් සිදුකර වහාම ත්‍රස්ත පනත සාමාන්‍ය අරගල මැඩලීමට යෙදිම වහාම නතර කලයුතුය.

මෙසේ පොලිස්පති ජනතාව මර්ධනයට මංකොල්ලකාර දේශපාලකයන් රැකීමටත් යාම තවත් ආකාරයකින් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහිම ජනතාව වෛරයට පත් වීම කිසි සේත් නතර කල නොහැකිය.

ඊට ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරන ඇත. එ නිසා පොලිසිය වහාම මෙම අත්තනෝමතික ක්‍රියාවෙන ඉවත් විය යුතුය. ජාත්‍යාන්තරව ලබාදෙන සියළු පුහුණු සැසිවර මෙන්ම එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවකට මෙවනි රටක් පොලිසිය එක් නොකිරීම එක්සත් ජාතින් ගේ මානව හිමිකම් කාර්යාලයේ වගකීමකි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක් වෙනු ඇතැයි අපි උදෙක් අපේක්ෂා කරමු. 

ස්තුතියි,

ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය,

සභාපති හිටපු පොලිස් ස්ථානාධිපති,

අජිත් ධර්මපාල.

22/08/2022

 


Spread the love

Leave a Comment

You may also like