උණුසුම් පුවත්

පිං උත්තමයාගේ මෙහෙයුම් වල වර්තමාන තත්වය

Spread the love

මේ වෙනකොට පිං උතුමා තම ස්වාමි රාජපක්ෂ කඳවුරෙන් ලැබෙන නියෝගමත මේ තීරණ ක්‍රියාත්මක කර ඇත. 
තිස්සමහාරාමයේ බටලන්ද ප්‍රතිනිර්මාණය……..
මේ වෙනකොට ත්‍රස්තවාදී ක්‍රියා නොකලත් අරගලකරුවන් ත්‍රස්තවාදී පනත යටතේ රිසිසේ වදපැමිණවීම සඳහා වදකාගාරයක් වෙනුවෙන් තිස්සමහාරාමයේ අක්කර 55ක සිරකඳවුරකට ඉඩම් වෙනකොට කම්බි ගහමින් කටයුතු සිදුකරමින් සිටියි. සියලු අරගලකරුවන් ත්‍රස්තවාදී ලේබලය අලවා යවන්නේ මෙතනටයි. ඝාතන කීපයක්ම සිදුවීමට නියමිතයි.
තමන්ට අයිති ගෙවල් රාශියකින් එකක් ගිනිගත් මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවෙන් එකකට රුපියල් කෝටි 16ක් ගන්නේ 64 දෙනෙකුට මුදල් ක්ෂණිකව ලබා දීමට කැබිනෙට් පත්‍රිකාවට උන්ම අනුමැතිය දී ඇත. ඊට අමතරව ගෘහභාණ්ඩ වෙනුවෙන් තවත් අමතර කෝටියක් වෙන් කර ඇත. මේ ඇස්තමේන්තු කෙලින්ම මන්ත්‍රීලාගේ කටවචනයි. සාමාන්‍ය කෙනෙකුගේ නම් කෙතරම් ඇස්තමේන්තු ඕනෙද? අනෙක ඒ ඇස්තමේන්තු අවුරුදු 50කට පමණ පෙර ආණ්ඩුවේ ගාස්තු. මේවා එහෙම නෙවෙයි. මේ අමාරු අවස්ථාවේ ප්‍රමුකතාවය යටතේ මේ මුදල් වහා නිකුත් කරනු ඇත. 
වසන්ත මුදලිගේ අවුරුද්දකට ඇතුලට……..
අරගල නායකයන් ත්‍රස්තවාදී ක්‍රියාමර්ධන පනත (Prevention of Terrorism Act) යටතේ අවුරුද්දකට සිරගත කිරීමේ සැලසුම ක්‍රියාත්මකයි. 
ඒ අනුව වසන්ත මුදලිගේ අවුරුද්දකට ඇතුලට යනු ඇත. මහජන ආරක්ෂාව පිලිබඳ ඇමති ටිරාන් අලස් නැමැත්තා ඉහල පොලිස් නිලධාරීන් කැඳවමින් ඉක්මනින් කරදරයක් නැතිව මැතිවරණයකට යාමට අවශ්‍ය බැවින් මේ සියලු අරගල නායකයන් ත්‍රස්තවාදී ක්‍රියා මර්ධන පනත යටතේ සිරගත කරන ලෙස නියෝග කර ඇත. ඒ සඳහා පහසුවෙන සේ ජනපති උතුමා ත්‍රස්තවාදී ක්‍රියාමර්ධන පනත බලාත්මක කර දී තිබෙන බව පවසා ඇත.  
නොසිතු ලෙස මෙයට සැහෙන ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ගණනක් අනුකුලතාවය නොදැක්වීම ඇමතිවරයාගේ බලවත් කෝපයට හේතු වී ඇත.
“..ඔවාගෙන් මට වැඩක් නැහැ අයිසේ, මුන්ටික ඇතුලට යවන ඔන්න”
මහජන ආරක්ෂක ඇමතිගේ මහජන ආරක්ෂක වදන්. එම පොලිස් නිලධාරී කියා ඇත්තේ ත්‍රස්තවාදීන් ලෙස නම්කිරීමට හැකි සියළු විධි විධාන පැහැදිලිව නීතියේ සඳහන් බවත් ඒ අනුව අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කල නොහැකි බවත් දන්වා ඇත්තේ ඇමතිවරයා තවදුරටත් ප්‍රකෝප ගන්වමින්. කරුණු කෙසේ වෙතත් හිතවත් නිලධාරීන් යොදවා මේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරනු ඇත.
 ඇමතිවරු70 කට වඩා ව්‍යවස්ථාවෙන් පිට පත්කිරීමට අනුමැතිය. මේ ඇමතිවරු අලුත් මුහුණු නොවේ. පිං උතුමාටත් කරන්න දෙයක් නැත. ලැබෙන නියෝග තමයි ක්‍රියාත්මක කරන්නේ. 
මේවා තමයි ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න යන්නේ. දූෂණ මර්ධන, සොරකම් කල ධනය ගෙන ඒම ගැන කතාවක් ඇත්තෙම නැත. 
අවසානයට සිදුව ඇත්තේ ත්‍රස්තවාදින්ගෙන් ජනතාව බේරා ගැනීමට නිති හදනවා වෙනුව් ත්‍රස්ත්වාදින් බේරාගැනීමට ජනතාවට එරෙහිව නිති සාදා රනිල් රාජපක්ෂ ත්‍රස්තවාදින් සතුටු කිරීමට සියල්ල කරමින් ඉතාම ළඟදීම රනිල් රාජපක්ෂ කුණුගොඩට විසිවනු ඇත.

Spread the love

Leave a Comment

You may also like