මෙරට පවතින විරෝධතා මර්දනය සඳහා ආරක්ෂක අංශ විසින් මෙතෙක් භාවිතා කරන ලද කඳුළු ගෑස් ඉදිරියේදී භාවිතා නොකරන ලෙස ස්විස්ටර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සලය දැනුම් දී තිබේ.
පසුගිය කාලයේදී සහ මේ වන විටත් මෙරට පැවැත්වෙන විරෝධතා මර්දනයට භාවිතා කරන කඳුළු ගෑස්සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ
රසායනික ද්‍රව්‍යයක් බව මානව හිමිකම් කවුන්සිලය මෙහිදී වැඩිදුටත් අවධාරණය කර ඇත.




මෙරට ආරක්ෂක හමුදා කඳුළු ගෑස් වෙනුවට ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා හමුදා මෙහෙයුම් වලදී යොදා ගන්නා සීඑස් ගෑස් භාවිතා කිරීමට සැළසුම් කර ඇති බව ලංකා දවස අනාවරණය කරන ලද්දේ ගාළු මුවදොර විරෝධතාවය අරම්භයේදීමය.එහෙත් කිසිදු මෙරට ජනමාධ්‍යයක් හෝ මානව හිමිකම් පිළිබඳව අවධානය දක්වන වගකිව යුතු පාර්ශවයක් ලංකා දවස අනාවරණය කළ එම තොරතුරු ගැන තැකීමක් නොකිරීම කණගාටුදායකය.
මෙරට ප්‍රථම වරට සීඑස් ගෑස් ගෙන්වන ලද්දේ ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ ඒකකයක් ලෙස ගනේමුල්ල ස්ථාපිත කරන ලද කමාන්ඩෝ රෙජිමෙන්තුව සඳහාය.කමාන්ඩෝ රෙජිමෙන්තු භට කණ්ඩායම පුහුනු කළ විශේෂ සේවා රෙජිමෙන්තු උපදේශකයන් මෙම සීඑස් ගෑස් භාවිතය ගැන මෙරට හමුදා ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එය හමුදා මෙහෙයුම් සඳහා ගෙන්වන ලදී.
බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සීඑස් ගෑස් පලමුවරට ලෝකයට හදුන්වාදී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ කාසන් හා ස්ටෝලන් නම් වූ දෙසොහොයුරන් බව සඳහන්ය.සීඑස් ගෑස් භාවිතයේදී එය ක්ෂනිකව පරිසරයට විහිදීමක් වන අතර එයට ලක් වූ අයෙකු තිගැස්මටත් කම්පනයටත් පත් වේ.
සීඑස් ගෑස් ප්‍රහාරයකට ලක් වූවකුට හුස්ම ගැනීම අපහසු වන අතර මුවින් නොදැනුවත්ව සෙම හා ඇස් වලින් කඳුළු පිටවේ.හතිය ඇතිවේ.ශරීරය තුළ ගින්නෙන් පිළිස්සෙන ආකාරයේ දැවිල්ලක් හට ගනී.මේ දැවිල්ල වලකා ගැනීමට ජලය භාවිතා කළ හොත් එහි ප්‍රතික්‍රියාවන් දෙගුනයකින් වර්ධනය විය හැකිය.සීඑස් ගෑස් වලින් ශරීරයට ඇති කරවන මෙම ප්‍රතික්‍රියාවන් වලක්වා ගැනීමට ඇති එකම විසඳුම ශරීරයෙන් දාදිය පිටවන තුරු දිවීම පමනය.ශරීරයෙන් දාදිය පිටවන විට සීඑස් ගෑස් වල රසායනික බලපෑම යම් තරමකට වලක්වා ගත හැකිය.
සීඑස් ගෑස් ප්‍රථම වරට මෙරට භාවිතා වූයේ අසූව දශකයේ ආරම්භයේදීය. වනාතමුල්ල පිහිටි මෙරට ගුවන් හමුදාවේ විවාහක නිවාස වල පදිංචි කරුවන් හා එහි අවට පදිංචි කරුවන් අතර ආරවුලක් ඇති විය.මෙම ආරවුල පොලීසියට මර්දනය කිරීමට නොහැකි වූ හෙයින් ගනේමුල්ල කමාන්ඩෝ භට කණ්ඩායමක් එහි කැඳවිනි.එහෙත් ගුවන් හමුදාවට එරෙහිව වනාතමුල්ල පදිංචිකරුවන් ගේ කළහකාරී තත්වය පාලනය නොවීම නිසා කමාන්ඩෝ භට කණ්ඩායම සීඑස් ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.සියල්ල පාලනය වූයේ ඉන්පසුවය.
ගාළු මුවදොර අරගලකරුවන්ට සී එස් ගෑස් ප්‍රහාරයක් එල්ල කල යුතු බවට ආරක්ෂක මණ්ඩලයට යෝජනා කරන ලද්දේ ඇවන්ගාඩ් සේනාධිපතිය.ඔහු ගනේමුල්ල කමාන්ඩෝ ඒකකයේ පුහුනුව ලද නිළධාරියකු වූ බැවින් සීඑස් ගෑස් පිළිබඳව දැනුවත් තැනැත්තෙක් විය.එතැන් සිට ආරක්ෂක අමාත්‍යංශයේ කමල් ගුනරත්න ගේ උපදෙස් මත විරෝධතාකරුවන්ට සීඑස් ගෑස් භාවිතයට ගැනීම ආරම්භ කෙරිනි.
එහිදී පොලීසියටද සී එස් ගෑස් පරිහරණයට අවස්ථාව ලැබුණ අතර එය භාවිතය මෙතෙක් ඉතා ඉතා රහසිගතව සිදු වූ බව ලංකා දවසේ නිරීක්ෂණයයි.විරෝධතාකරුවන් හට එරෙහිව කඳුළු ගෑස් ප්‍රමාණයක් මුදා හැරීමෙන් පසුව සීඑස් ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසියේ අපගේ තොරතුරු කරුවන් ගෙන් අපට දැනුවත් විය හැකිවිය.රහසේ සිදු කළ මෙම සීඑස් ගෑස් ප්‍රහාරය අනාවරණය වෙතැයි ආරක්ෂක හමුදා බලධරයන් නොසිතන්නට ඇත.
බරපතල හමුදා මෙහෙයුම් සඳහා යොදා ගන්නා මෙවැනි රසායනික අවියක් සාමකාමී මහජන විරෝධතාවකදී භාවිතා කිරීම ජාත්‍යන්තර හමුදා නීති උල්ලංඝනය කිරීමකි.රාජපක්ෂ සනුහරයේ වහළුන් ලෙස රාජකාරි කරමින් සිටින මෙරට ඇතැම් ආරක්ෂක හමුදා බලධරයන් හිට්ලර් පන්නයේ සාහසිකයන් බව මින් අනාවරණය වේ.