උණුසුම් පුවත්

ඩලස් පාර්ශවය පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු වලින් ඉවත් කෙරේ

Spread the love

නව ජනාධිපතිවරයා වීමෙන් පත්වීමෙන්පසු මෙහෙයුම් කමිටු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී තමාට සහාය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් එම කමිටුවල නැවත පත් නොකිරීමට ආන්ඩුව ඕනෑ කමින්ම කටයුතු කර ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත යැවූ ලිපියක සඳහන් වේ.

⁣මින් අදහස් වන්නේ එම කණ්ඩායම අශිෂ්ඨ ලෙස දේශපාලන දණ්ඩනයකට ගොදුරු වී ඇති බව මෙම ලිපිය මගින් අගමැතිවරයාගෙන්  විමසන මන්ත්‍රීවරයා ඔවුන් සියළුම දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කැප වූ අය බවද 
එහි සඳහන් කර තිබේ.
එම පිරිසට සිඳුවන අසාධාරණය පිළිබඳව තමන් පිළිකුළෙන් හෙලා දකින බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා
පවසා ඇත.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අගමැති වරයා වෙත යොමු කළ ලිපියේ අවසානය මෙසේය
” අවසාන වශයෙන් මානව අයිතිවාසිකම් සහ පීඩනයන්ට එරෙහි සටනේ අද්විතීය චරිතයක් ලෙස ඔබතුමන්ගේද මාගේද නොමඳ ගෞරවයට පාත්‍රවූ මාටින් ලූතර් කිං නම් ශ්‍රේෂ්ඨයාගේ යුගාන්තරව නොමියන වචන කීපයකින් මෙම සටහන නිමා කරමි.
සතුරන් නිර්මාණය කිරීමට ඔබට යුද්ධයක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ ඔබගේ සිතුවිලි ඉදිරිපත් කිරීම පමණි.”
   

Spread the love

Leave a Comment

You may also like