මෙලෙස විරෝධතාවන්ට සහභාගිවූවන් පොලීසියේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා විරෝධතාව ප්‍රකාශ කර ඇත.
නිරායුද සාමකාමී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතා පෙල පාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් නිළධාරීන් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් දහස් ගනණක් මේ ආකාරයෙන් යෙදවීම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව සඳහන් කරන ඔහු වැඩිදුරටත් එහිදී පෙන්වා දී ඇති ඇත්තේ ආණ්ඩුව මේ පාර කපමින් සිටින්නේ පසුගිය මැයි 9 දා නැගිටීමටත් එහා ගිය බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ බවය.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුලී හමුදා මෙලෙස විරෝධතා කරුවන් අත් අඩංගුවට ගැනීම සිඳු කර ඇත්තේ නිව්යෝක් මූලස්ථානය කර ගත් හියුමන් රයිට්ස් වොච් නම් මානව හිමිකම් සංවිධානය ජනපතිවරයා වෙත මෙරට මානව හිමිකම් තහවුරු කිරීම සඳහා යෝජනා ගනනාවක් ඉදිපත් කර තිබෙන වටපිටාවකදීය.
එම යෝජනා මෙසේය
*පළිගැනීම් වලට හෝ අත් අඩංගුවට ගැනීමට බියෙන් තොරව ජනතාවට නිදහසේ සහ සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකා බව සහතික කිරීම
*නොපැහැදිලි ඕනෑවට වඩා පුළුල් සහ අසමානුපාතික හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන හදිසි රෙගුලාසි විධි විධාන ඉවත් කර ගැනීම
*ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA )
භාවිතා කිරීම පිළිබඳ විධිමත් තහනමක් ප්‍රකාශයට පත් කිරීම,අයිතීන්ට ගරු කරන ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කරන තෙක් සහ ත්‍රස්ත වාදය වැලැක්වී
මේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා ගෙන සිට්න සිරකරුවන් නිදහස් කිරීම.
*ආර්ථික අර්බුදයේ බලපෑමෙන් සෑම කෙනෙකුගේම අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් වන සහ වැරදි කළමනාකරණය සහ දූෂණය වැලැක්වීම සඳහා නිර්මාණය කර ඇති සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම
*දූෂිත අරමුදල් සඳහා ආරක්ෂිත තෝ තැන්න අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ හවුල්කාරිත්වය වන සොරාගත් වත්කම් ප්‍රතිසාධන මුල පිරීමට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය නැවත ආරම්භ කිරීම සහ IMF සමඟ එසේ කිරීමට කැපවීම
*බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඉහළ මට්ටමේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වග කිවයුත්තන්ට නිසි ලෙස නඩු පැවරීම.
තවද එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් වේ
ජුලි 18 දා වික්‍රමසිංහ හදිසි නීතියක් පැනවූ අතර එයආරක්ෂකහමුදාවන්ටපුළුල් බලතල ලබා දෙයි.බොහෝ මූලික අයිතිවාසිකම් අත් හිටුවයි.එමගින් සුළු හෝ නොපැහැදිලි ලෙස නිර්වචනය කරන ලද වැරැදි සඳහා දැඩි දඬුවම් පැනවිය හැකිය.සිය පදවි ප්‍රාප්තියෙන් දිනකට පසු වික්‍රමසිංහ මැද කොළඹ මාස ගණනාවක් ඔවුන් විසින් අල්ලාගෙන සිටි ස්ථානයක සිට විරෝධතාකරුවන් විසුරවාහැරීමට පොලීසිය හා මිල්ටෙරිය යැවීය.නීතිඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පනහකට අධික පිරිසක් පහර දී තුවළ ලැබූහ.විසම්මුතියට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය අතරතුර බලධාරීන් අවම වශයෙන් විරෝධතා සංවිධායකයන් 30 දෙනෙකු රඳවා තබා ඇත.බොහෝ අවස්ථාවල වරෙන්තුවක් නොමැතිව හෝ සිවිල් ඇඳුමෙන් සැරසුණ නිළධාරීන් නිසි ක්‍රියාවලියකින් තොරව අත් අඩංගුවට ගැනීම සිදු කරයි
(ඉංග්‍රීසි බසින් වූ මේ නිවේදනයේ සිංහල පරිවර්තනය අප විසින් Sri Lanka Brief වෙතින් උපුටා ගන්නා ලදී )