අද සවස ජනපති රනිල් රාජපක්ෂ හා හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡාවක් පැවැති බව ලංකා දවසට වාර්තා විය.නුදුරේදී පත් කිරීමට අපේක්ෂිත අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම ඇමති මණ්ඩලයේ වැඩි පංගුව පොදුජන පෙරමුණට ලැබිය යුතු බවත් එහිදී ආර්ථික ක්ෂේත්‍රය ආයෝජන හා මහජන සාමය පිළිබඳ අමාත්‍යංශ පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ට අනිවාර්යෙන්ම හිමි විය යුතු බවටත් බැසිල් රාජපක්ෂ අවධාරණය කර තිබේ.පත් කරන අමාත්‍ය මණ්ඩලය සඳහා නාමල් රාජපක්ෂ,මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රසන්න රණතුංග පවිත්‍රා වන්නිආරච්චි රෝහිත අබේගුණවර්ධන වැනි ප්‍රබලයන් ගෙන් නියෝජනය විය යුතු බවද මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් ජනපතිවරයාට දන්වා ඇත.
දෙමළ ඩයස්පෝරාවේ කාර්යාලය…….
ජනපති රනිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණු පාර්ශවයෙන් කළ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දන්වා නැති බවද ලංකා දවසට අනාවරණය වේ.කෙසේ වෙතත් ජනපතිවරයාගේ අභිලාෂයන්ට යටත්ව කටයුතු කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එතරම් කැමැති නැති වටපිටාවක් මේ වන විට නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය.එහිදී සඳහා මෙරට කාර්යාලයක් පිහිටුවීමට ජනපති වරයා සැලසුම් කර තිබීම පොදු ජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.පොදුජන පෙරමුණේ පැවැත්ම තහවුරු වී ඇත්තේ ජාතික අනන්‍යතාව මත බවත් ජනපතිවරණයේදී ලැබුණ හැට නම ලක්ෂයක ඡන්ද තුළ වැඩි ප්‍රමාණයක් ඇත්තේ සිංහල බෞද්ධ නියෝජනය බවත් රනිල් රාජපක්ෂ ගේ දේශපාලනික මෙහෙයුම් තුළ එම සිංහල බෞද්ධ පදනම සිය පක්ෂයෙන් ගැලවී යන්නට ඉඩඇති බව පොදුජන පෙරමුණු පාර්ශවය නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු බැසිල් රාජපක්ෂ හා පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී ඇතැයිද හෙළි වේ.
රනිල් රාජපක්ෂ ගේ දේශපාලනික මෙහෙයුම්……..
දැනට රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා සිය පාක්ෂිකයන් පොදුජන පෙරමුණ පිළිබඳව කළකිරී සිටින අවස්ථාවක සිංහල බෞද්ධ ජාතිකත්ව පදනමින් පක්ෂය ගැන විශ්වාසයකින් සිටින නියෝජනයන් පක්ෂයෙන් ගිලිහී ගිය හොත් තමන් නන්නාන්තර විය හැකි බවද මෙම මන්ත්‍රීවරු බැසිල් රාජපක්ෂට පවසා සිටි බවද දැන ගැන්මට තිබේ.මෙම රැස්වීම නියෝජනය කළ බොහෝ පොදු පෙරමුණු මන්ත්‍රීවරුන් රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ ඒකාධිකාරී දේශපාලන මැදිහත්වීම් ගැන බලවත් කළකිරීමකින් සිටින බව ලංකා දවසට වාර්තා වේ.හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ ජනපතිවරයා හමුවූයේ පොදුජන පෙරමුණ තුළ දැනට පවතින මෙම කළකිරීම නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලිය.
සමගි ජන බලවේගයේ……….
ජනපතිවරයා සර්ව පාක්ෂික රජයකට සම්බන්ධවන ලෙසට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටියද රාජපක්ෂ රජයේ අන්ත දූෂිතයන් සමග අමාත්‍ය තනතුරු දැරීමට නොහැකි බව සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබීම නිසා ජනපතිවරයාගේ ඉල්ලීම නිශ්ප්‍රභා වී තිබේ.ජනපතිවරයා හා එක්ව අමාත්‍යය
මණ්ඩයට එක්වීමට සමගි ජන බලවේගයේ ඇතැම් පිරිසක් අපේක්ෂා වෙන් සිටියද රාජපක්ෂවරුන්ගේ බලපෑම් මත සිදු වන මෙම රාජ්‍ය පාලනය ඉතා ඉක්මනින් බිඳ වැටීමටකට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඒ කණ්ඩායමද ඇමති සිහින වලින් මිදී ඇති බවද ලංකා දවසට හෙළි වී ඇත.
ආරථික විශේෂඥයන්ගේ අදහස…….
ජාත්‍යන්තරවද රනිල් රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගයක් නොලැබී යන තත්වයක් උදා වී තිබේ.සැප්තැම්බරයේ පැවැත්වෙන ජිනීවා සමුළුවේදී මේ වන විට මෙරට පවතින රනිල් රාජපක්ෂගේ අනීතික මර්දන වැඩ පිළිිවෙල පිළිබඳව සාකච්ඡාවට බදුන් වන බව නිසැකය.
ඉදිරි මාස කිහිපය තුළදී රට තුළ පවතින ආර්ථික අර්බුදය උග්‍ර විය හැකි බවට බොහෝ ආරථික විශේෂඥයන්ගේ අදහසයි.මේ වන විටත් රට පුරා ආණ්ඩුවට විරෝධය දක්වා මහජනතාව වීදි බසින්නට පටන් ගෙන තිබෙන බවට මීගමුව ධීවරයන් ගේ ඉන්ධන ප්‍රශ්ණය උදාහරණයට ගත හැකිය.
කෙසේ වෙතත් රනිල් රාජපක්ෂ ජනපතිවරයා දැන් සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටයොත් තෝ නසී තත්වයක බව ලංකා දවසේ තක්සේරුවයි