උදේ මංත්‍රි හිටපු එකා රෑට ඇමති උනු නිසාම මහින්ද ගේ කැබිනෙට්ටුව පිරි ඉතිරී ගියාය.
ඒ පාලනයට තිත තියපු රනිල් ,මෛත්‍රි ජනතාවට කීවේ ආණ්ඩුව ජනතාව ගැන නොසිතා තමන් ගේ මංත්‍රිලා ගේ තිබෙන නොහොද නෝක්කඩු සමනය කිරීමට ඇමති කම් නියෝජ්‍ය ඇමති කම් දෙනබවය. …….. ඒක ඇත්තය .
ඒ එදාය ඊට එරෙහි වු ජනතාව එක හෙලාම කීවේ අපේ රටට කිසි සේත් නොගෙලපෙන තරමේ ඉතාම බරපතල ඇමති වරු/නියෝජ්‍ය ඇමතිවරු /රාජ්‍ය ඇමතිවරු මහින්ද පත් කිරීම නිසාම ඔවුන්ව නඩත්තු කිරීමට රටේ ආදායමෙන් 1/3 වැය වනබවය. එදා එසේ නම අද කුමක් අරභයා මෙසේ තවතවත් ගාලට ගවයන් දක්කනවා සේ ඇමතිකම් පුදනවාද …?
ලෝකයේ රටවල ඇමති තනතුරු ලබා දෙන්නේ ඒ ඒ විෂයන් පිලිබදව ඇති දැනුම පිලිබදව හා ඒ රටට ඔවුන් ගෙන් ලැබෙන ප්‍රයෝජනය හා මහජන්තාවට සිදුකල හැකි සේවාව පිලිබදව සිතාය.
ඒත් ලංකා ඉතිහාසයේ විශේෂ යෙන්ම 80 දශකයෙන් පසුව බිහි වු ආණ්ඩු සියල්ලම රටේ ජනතාව ගැන හෝ රට ගැන නොසිතා තම ගෝලයන් ව ඇමති තනතුරු වලින් පුදා උන් හරහා නායකයාට ජරාව කෑමට සාදා ගත් මාර්ගයකම විය.
විවිධ විශයානු බද්ධ හා ඉතාම ප්‍රයෝගික කිසිම ඇමති වරයකු මේ මෛත්‍රි රනිල් කැබිනෙට්ටුවේ නැත.
මේ ගව පට්ටිය පාලනය කරන්න , යාන වාහන , සෙවල් පුටු මේස ,ආරක්ෂක පිරිවර, හා ඒ කාර්‍ය්ය මංඩලය එකී මෙකී නොකී මේ සියල්ලටම වියදම් වන්නේ මෛත්‍රි ගේ හෝ රනිල් ගේ අම්මා අප්පා ගේ මුදල් නොව ඒඅළුතෙන් ඇතිකරපු ගව පට්ටියටත් කර ගහ්න්නේ අහිංසක ජනතාවමයි.
රටම දුඟද හැමු මෙවන් පාලනයක් ජනතාව කිසි සේත් ජනවාරි 08 වන දින හීනෙන්වත් ප්‍රාර්ථනා නොකල බව යහපාලනය වෙනුවෙන් එදා ජනතාව සමඟ සිටි අයෙකු ලෙසට මෙම ලියුම් කරු දනී.
ඒ නිසාම පීඩාවට පත්ව සිටින ජනතාව කියන්නේ උනුත් එකයි- මුනුත් එකයි කියාය.
එකක් නම් පැහැදිලිය ඒ මින් ඉදිරියට රනිල්ට හා මෛත්‍රිට අඩුම තරමින් රට කෙසේ වෙතත් ගමේ මරණාධාර සමිතියක් වත් කිසිම කලෙක භාර නොදෙන බව සක්සුදත් සේ පැහැදිලිය.