රනිල් රාජපක්ෂ ජනපතිවරයා සිය දේශපාලන මෙහෙයුම දියත් කර ඇත්තේ ආරක්ෂක හමුදා තමන් ආරක්ෂා කර ගනු ඇතැයි විශ්වාසය තබමිනි.එහිදී හමුදාව යොදවා ජනතාව බිය වද්දා ගනිමින් සිය දේශපාලන ඕනෑ එපා කම් ඉටු කර ගැනීමට හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් සිතා ගෙන සිටී.මෙය අසූ අට අසූනවය යුගයේ පැවැති හමුදා ආධිපත්‍යයේ වෙනස් ස්වරූපයක් ලෙසද තක්සේරු කළ හැකිය.
රනිල් රාජපක්ෂ ජනපතිවරයා වීමෙන් පසුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ හමුවූයේ ආරක්ෂක හමුදා සෙබළුන්ය.පසුගිය සතියේ ඔහු බත්තරමුල්ල හමුදා මූලස්ථානයට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ හමුදා අංශ වලට ජනපති සම්මාන ප්‍රදානය කෙරුවේය.මෙහිදී හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ වහලෙකු වූ කමල් ගුනරත්න හීලෑ කරගන්නට රනිල් රාජපක්ෂ සමත් වූ බව පැහැදිලිය.
මේ වන විට ගාලු මුවදොර පැවති අරගලය පුරාවෘත්තයක් වී හමාරය. මේ අරගලය පිළිබඳව අප මුලදීම විවේචනයක් කරන ලදී.ඒ නිසි නායකත්වයක් නොමැතිවීම පිළිබඳවය.හිසක් නොමැති අරගලයකට පැවැත්මක් නැති බව අපි දැන සිටියෙමු.එහෙත් අරගලය නියෝජනය කළ යම් යම් පාර්ශවයන් සිටියේ තම තමන් පිළිබඳව අධි තක්සේරුවෙනි.
ඔවුන් ඇතැමුන් හඬ නැගුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසීය විසි පහම එපා යන්නය.මේ සටන් පාඨ අපට නම් විහිළු සහගත ඒවා විය.මේ සටන් පාඨ හඬ නැගූවන් මේ රටේ ව්‍යවස්ථාව ගැන කිසිදු අදහසක් දැනුමක් අවබෝධයක් නැති අයවළුන් විය.නිර්පාක්ෂික ලේබලය අලවා ගත් මේ සමහරකු දැන් වාෂ්ප වී හමාරය. බොහෝ දෙනකු සිතුවේ මිල්ටෙරි නන්දසේන ජනපති කමෙන් එලවා දැමීමෙන් පසු වැඩේ හමාර බවය.දැන් කෙල වී ඇත්තේ දේශපාලනික දැනුවත් කමක් නොමැතිව ඇඟේ හයියෙන් අරගල කර ගන්නට ගිය නිසා බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
හිසක් නැති අරගලය සීසීකඩ විසුරවා හැරීමට රනිල් රාජපක්ෂ මුලින්ම කෙරුවේ හදිසි නීතිය දැමීමය.යම් හෝ දේශපාලනික නායකත්වයක් තුල අරගලය ක්‍රියාත්මක වූයේ නම් මේ විදියට සමාජය බිය වැද්දීමට රනිල් රාජපක්ෂට නොහැකි වනු ඇත.
සරලව මෙහි අදහස වන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන ඇතැම් දේශපාලනික හා ආර්ථික වෙනස්කම් සාමාන්‍යය නීතිය යටතේ ක්‍රියාවට නැගීම අසීරුය.ඒ සඳහා මිල්ටෙරි කරණ රාජ්‍ය යන්ත්‍රය බලවත් කිරීම සුදුසු බව ජනපති වරයා කල්පනා කර ඇත.ඔහු බලයට පත් වන්නේ කිසිම ජනතා වරමකින් නොවේ.අඩුම වශයෙන් ලබන මාර්තු මාසය වන තුරු සිය පැවැත්ම තහවුරු වී ඇත්තේ රාජපක්ෂ සනුහරයේ අපේක්ෂාවන් තුළ බව ජනපතිවරයා දනී.මාර්තු මාසයෙන් පසුව රාජපක්ෂ සනුහරය හීලෑ කර ගැනීමට පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ අනතුරු ඇඟවීම යොදා ගත හැකි බවද ඔහුට වැටහීමක් තිබෙන්නට පුළුවන.
පාර්ලිමේන්තුව විසුරවා හැරීමේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අත්හැරිය නොහැකි නිසා එවැනි යෝජනාවකට එකග නොවේය යන මතයක් සමාජය තුළ පවතී.දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප් ලැබීමට අවුරුදු පහක් නොව අවුරුදු දහයක්ම මන්ත්‍රී ධුරයේ සිටිය යුතුය.එය බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ එකම එක විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැයේ සඳහන්ව තිබුණු විධි විධානයකි.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදු කරන ආර්ථික වෙනස්කම් මත සමාජය දක්වන විරෝධය මර්දනය සඳහා හදිසි නීතිය දරදඬුව යොදා ගනු ඇති අතරම සමහර විපක්ෂ බලවේග අනීතික ආකාරයෙන් මර්දනය කරනු ඇත.ඒ අතරම තවත් සමහර බලවේග තමන්ට හීලෑ කරගැනීමට ජනපතිවරයා කටයතු කරන බව නිසැකය.
මේ වන විට ජනපතිවරයා රාජපක්ෂ සනුහරය ආරක්ෂා කරගනිමින්ම සිය දේශපාලනික අවශ්‍යතා සපුරා ගනිමින් සිටී.කාලාන්තරයක සිට මෙරට තුළ තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම සහ පුද්ගලයන් තුන්සිය දහසය දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ ජනපතිගේ උපදෙසිනි.
මෙලෙස පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18 ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව ලංකාව තුළ තහනමි සංවිධාන ලෙස මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය විසිනි අසාධු ලේඛන ගත කර තිබී ඇත.මෙලෙස තහනම ඉවත් කළ සංවිධාන වන්නේ ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය ගෝලීය දෙමළ සංසදය ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කර තිබේ.
ජාති භේදය වපුරමින් මෙරට දේශපාලන බලය හැසිරවූ රාජපක්ෂ සනුහරය හා පොදුජන පෙරමුණේ දේශපාලන නායකයන්ට ජනපති රනිල් රාජපක්ෂ ගේ මෙම මැදිහත් වීම ගැන දැන් කටක් ඇර කතා කරන්නට බැරිය.පොදුජන පෙරමුණේ එකම ආරක්ෂකයා රනිල් රාජපක්ෂය.උග්‍ර ජාතිවාදියකු වූ කමල් ගුණරත්න ලේකම් වරයා ලෙස කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශය මගින්ම මෙම දෙමළ සංවිධාන වලට තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම අපූරු සිද්ධියකි.පොදු ජන පෙරමුණ හා සම්බන්ධව මෙරට ජාතිවාදය වැපිරූ චීවරධාරීන් ගේ පවා කට පුක ලොක් වී නන්නාන්තර වී තිබේ.
ජනපතිවරයා මෙම සංවිධාන තහනම ඉවත් කිරීමෙන් අපේක්ෂා කරනු ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂවල සහයෝගය බව පැහැදිලිය.අනික් අතින් දෙමළ ඩයස්පෝරාව සතු ව්‍යාපාරික වත්කම් මෙරටට ගෙන්වා ගැනීමේ සැලසුමක්ද තිබෙන්නට පුළුවන.එහෙත් මෙහිදී එම සංවිධාන වල ඉල්ලීම් මොනවාද යන්න තවමත් අනාවරණය වී නැත.
මේ වන විටත් පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයන් රොත්තක් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුරයන් අපේක්ෂාවෙන් සිටින බව ආරංචිය.ජොන්සටන් ප්‍රනාන්දු මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයවළුන්ද ඒ අතර වන බව දැනගැන්මට තිබේ.
ලබන සැප්තැම්බර මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට අපේක්ෂිතය.එහිදී මෙරට දැන් පවතින ආණ්ඩුකරණය හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් වන ආරවුල් සහගත ස්වභාවය ප්‍රශ්න කරන බව නිසැකය.
ඒ ප්‍රශ්ණ කිරීම් තුළ ජීඑස්පී බදු සහනය පවා ඇත්තේ අවිනිශ්චිත අවදානමකය.
ජනපති රනිල් රාජපක්ෂ පිළිබඳව සමාජ කතිකාව තුළ තිබූ ජාත්‍යන්තර සහයෝගය පුස්සක් බව දැන් හෙළිවී ඇත.ඇමරිකාව හා ඉන්දියාව පවා රනිල් පාලනය පිළිබඳව ඇත්තේ දැඩි නොසතුටකිනි.ජපානය මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටි සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් අත් හිටුවීමට ක්‍රියා කරන ලදී.
හෙට අනිද්දා වන විට මෙරට ජනතාවට ඒ නොසතුටේ අස්වැන්න නෙලා ගත ගත හැකි වනු ඇත.