කොල්ලො ඉන්නෙ මාර පීඩනයකින්.සර්ලටගානක් නෑ.එයාලගෙ මෙස්වල හොදට කෑම බීම දෙනවා.හැම වරප්රසාදයක්ම තියෙනවා.සර්ල වැඩි හරියක් මේ ආණ්ඩුවට කැමතියි.ඒ එයාලට ප්රශ්නයක් නැති නිසා.කර්නල් සර් කෙනෙකුගෙන් ඉහල සර්ලලගෙ ගෙදරටත් බඩියො දෙන්නයි ඩයිවර් එක්ක වාහනයයි තියෙනවා.කර්නල් සර් ගෙ නෝනාට තියෙන ලොකුම වැඩේ ෂොපින් යන එක තමා.ඒම නැතිනම් දරුවො අරගෙන අර යුහ කියල ගහපු කාර් එකෙන් ස්කෝලෙ ගාවට යන එක.නැතිනම් නැතිනම් පන්සල් පල්ලි ගානෙ යන එක.
තව ඉතින් කට්ටඩි ගුරුකම් කරන තැනකට ගිහිල්ල පූජා තියල සාස්තර අහන එක තමා මෙි නෝනලා ගෙ කාලසටහනෙ තියෙන්නෙ.කට්ටඩි ගුරුකම් කරන පිස්සොන්ට මෙයාල රෙද්දත් උස්සයි.මෙයාලට පැට්රල් ප්රශ්න නෑ.අපේ අම්මල තාත්තලට තියෙන ප්රශ්න එයාලට නෑ.එයාල ජීවත්වන ලෝකෙ කිසිම බරපතලක් නෑ.අයවැයෙන් ආරක්ෂක වියදම් කරල වැය කරන සල්ලි වලින් හතරෙන් තුනක් හමුදාවෙ ලොක්කන්ගෙ සොමියට තමා ගන්නෙ.අහන්න හොයන්න කවුරුත් නෑ.
ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන මිනිස්සු එයාලට ත්රස්තවාදියො.මේ නෝන හාමුල කට අරින්නෙම ඔය ත්රස්තවාදි මරලම දාන්න ඕන කියල.රට බේරගත්තු එක දැන් මුන්ට අමතකයි කෙළෙහි ගුනයක් නැති ජාතියක් කියල තමා කියන්නෙ.මේ අම්මන්ඩිල පුදුම අහංකාර ජාතියක්. මෙයාල ජීවත්වෙන්නෙ මේ රටේ ජීවත්වෙන මිනිසුන්ගෙ බදු වලින්.ඒත් එයාල හිතාගෙන ඉන්නෙ මහ වංසක්කාර විදියට.මහත්තය තරු ඔටුනු ගහල යන කොට සැලියුට් වදින කොට මේ අම්මන්ඩිල ජීවත්වෙන්නෙ අහසෙ.
හැබැයි සමහර ඒ සමහර නෝනලා අපේ බඩියො එක්ක පැනල යන කතන්දරත් ඕන තරම් වෙලා තියෙනවා.
මේ ගිරිතලේ ඉන්ට් එකෙන් තමයි ඔය එක්නැලිගොඩ මැරුව කියන්නෙත්.ඒ එක්කම ඉන්ට් එකේ හිටිය කෝපල් කෙනෙක් කර්නල් ෂම්මිගෙ නෝන එක්ක යාළුය කියල මරල කෑම්ප් එකේම වැලලුවා.දැන් ආණ්ඩුව හදන්නෙ මිනිස්සුයි හමුදාව දෙගොල්ලො තරහ කරවල වැඩේ ගොඩ දා ගන්න.
අපේ පරණ සාජන් මේජර් සර් කෙනෙක් කිව්වා අසූ අට අසූ නවේ ජෙප්පොන්ටත් ඔය ගේමම සැට් කරල තිබුණ කියල.ඒ හමුදාවෙන් අස් වුනේ නැති නම් මරල දානවා කියල ඉස්සරවෙලා පෝස්ටර් අලවල තියෙන්නෙ ආමි එකෙන්.
විදුලි හා යාන්ත්රික ඉංජිනේරු එකේ කටුබැද්දෙ කැප්ටන් කෙනෙකුත් ආමි එකෙන්ම මරල දැම්මලු ජෙප්පො මැරුව කියල ඇඟවෙන විදියට කියල ඒ දවස්වල හිටපු සාජන් මේජර් කෙනෙක් එයාල එක්ක කයිවාරු ගහල තියෙනවා. ඒ දවස්වල කරපු කියපු ඒව ගැන ගොඩක් කතන්දර පරණ අය කියනවා.දැන් ඔය මඩකලපුවෙ එයාර් පෝස් කොල්ල ගස් බැන්දෙත් ඔය වගේ වැඩකට තමා.
දැන් ඉන්ට් එකේ බරටම වැඩ පේස් බුක් එකේ ආමි එකට බැන බැන පෝස්ට් දානවා.ඉතින් ඒ විදියට වෛරය වපුරල මෙයාල ගේමට බහින්න තමා මේ හදන්නෙ.හැබැයි සමහර රෙජිමන්ට් වල කොල්ලො ඉන්නෙ ආණ්ඩුව එක්ක මාර ඇරියස් එකක.කවද හරි ආණ්ඩුවෙ ඔය දේශපාලුවො කනව උන් ගෙන් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.ඇත්තටම ඒ වගේ නැකතක් ආවොත් මමත් ඕකුන්ට දෙනවා ඇට්ටි හැලෙන්න.මෙහෙම කාලකන්නි විදියට ජීවත් වෙලා වැඩක් නෑනේ.ඒකයි.
ශවේන්ද්ර සිල්වා හමුදාපතිය කාලෙ කෙරුවෙම බිස්නස්.එයාගෙ ගෑනි තමා වෙල්පෙයා ෂොප් වලට බත් පැකට් එක පවා දැම්මෙ.අර කොරොන්ටයින් කරන කාලෙ මේ ගෑනි හමිබ කර ගත්ත ඉස්ම යන්න.මහ පවුකාර ගෑනු පරාණයක්.මුළු ආමි එකේම කොල්ලො සාප කරනවා ඒ බඩුවට.දැන් ආමි කමාන්ඩර් ඊට එහා පොරක්.
ලෝක හොර තඩියෙක්.ඒ හන්ද මෙයා පක්කිලි සේවය තමා.තමන්ට ගාන කපා ගන්න අම්ම අප්ප වුනත් වෙන්දේසි කරන එකෙක්.ඉතින් මේ වගේ එකෙක්ට රටේ මිනිසුන්ගෙ ජීවිත ගානක් නෑ.ඕනෑම වෙලාවක ලේ දකින්න කැමැත්තෙන් ඉන්නෙ.ඔය ගජබා රෙජිමෙන්තුව කියන්නෙ රාජපක්ෂලගෙ දඩයම් බල්ලො ඉන්න තැන.ඉන්ට් එක කියන්නෙ රාජපක්ෂලාගෙ වෘකයො ඉන්න රෙජිමන්ට් එක.මේ රෙජිමන්ට් දෙකම පක්කලි සර්විස් තමා.
හැබැයි සමහර මේජර් ජනරාල් සර්ල ඉන්නව මේවට ගෑවෙන්නෙ නැතුව දෙන දෙයක් කාල බොන දෙයක් බීල ෂේප් එකයි පාරයි වගේ ඉඳල පැන්ෂන් යන.
හෙට අනිද්ද වෙන කොට ආමි එක මේ පාරට බැහැල කෑ ගහන වුන්ට මාර ගේමක් දේවි.නේවි කමාන්ඩර් කියනවලු ඕකුන් උස්සල ගන් බෝට් වල දාගෙන ගිහින් මුහුදට දාමු කියලත්.මුන් මුරුගයො.හිතක් පපුවක් නැති තිරිසන්නු.ඒ හන්ද හැමෝටම කියන්නෙ ඔළුවෙන් ජීවත් වෙන්න කියල.
බුදු සරණයි.