උණුසුම් පුවත්

තුන වසරේ රනිල් ගේ රචනාව

Spread the love

මෙරට “අටවන”ජනාධිපති බටලන්දේ රනිල් රාජපක්ෂ වැඩ අරඹන්නේ හදිසි නීතිය සම්මත කර ගනිමිනි.⁣කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද තිස් දාහක් ගෙන මැතිවරණයෙන් පරාද වූ බටලන්දේ රනිල් රාජපක්ෂ මෙරට අටවන විධායක ජනාධිපති වරයා දක්වා ආ ගමන් මග  පූරුවේ පින යැයි බොහෝ දෙනා කියනවා ඇත.පූරුවේ පින කොහොම වෙතත් මොහුට මැතිවරණයකින් නම් මෙරට ජනපති පදවියට පත් වෙන්නට බැරි එක නම් බඩේ බත් ගානට ෂුවර්ය.

⁣ඒ කොහොම වෙතත් 1957 අවුරුද්දේ රෝයල් කොලීජියේ තුන වසර අධ්‍යාපනය හදාරන විට රනිල් රාජපක්ෂ පාසලේ සමරු කලාපයට රචනාවක් ලියා තිබේ. 
රචනාවේ මාතෘකාව වැස්සය
රචනාව ලියා ඇත්තේ මෙහෙමය.
සෙනසුරාදා වැස්සා.අරලිය ගහ හෙලවුනා.මල් වැටුනා.කොල වැටුනා.ගහ යට බංකුව තෙමුනා.
හයියෙන් හුලං හැමුවා.අපේ ගෙදර ජනේල වැදුනා.දොරවල් වැහුනා.වැහි බිංදු බිම වැටෙන කොට ඔටුනු හැදුනා.ටිකෙන් ටික ඉර පෑව්වා.වැස්ස
නැවතුනා.සත්තු එළියට ආවා.
කුරුල්ලෝ සිංදු කිව්වා.අපි මිදුලේ තිබුණ වතුරේ සෙල්ලම් කෙරුවා
රනිල් වික්‍රමසිංහ
(තුන්වෙනි අවුරුද්ද)
මොනවා වුනත් කුඩා කාලයේදීම බටලන්දේ රනිල් අනාගතය දැක ඇතැයි අපට සිතේ.
අප ඒ රචනාව ගැන මෙසේ සිතමු
9/5 රැස්වීමක් තිබ්බා.අරලිය ගහ මන්දිරය පිරෙන තරම⁣ට සෙනග ආවා.අන්තිමේදි ආපු සෙනග නිසා රට පුරාම ප්‍රශ්න ඇතිවුනා.අගමැති පුටුව නැතිවුනා.අරලිය ගහ මන්දිරය පාළු වුනා.පස්සෙ හදිසි නීතිය දැම්මා.මිනිස්සු බය වුනා.අපේ ගජ මිතුරන් සතුටු වුනා.
රටේ තියෙන ප්‍රශ්ණ අස්සෙ අපි ගේම් ගහන්න ගත්තා
එච්චරය.

Spread the love

Leave a Comment

You may also like