හදිසි නීතිය සම්මත සම්මත කර ගැනීම සඳහා ඊයේ (27)පැවැත්වූ පාර්ලිමේන්තු සභා වාරයේ දැඩි කළඹීමකින් යුතුව සභාව ඇමතූ විමල් වීරවංශ පිළිබඳව අප සටහනක් තබන ලදී.මේ වන විට අප ලියන ලද එම කාරණා සත්‍ය බව අප හා සම්බන්ධ ඇමරිකානු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.එහිදී අපට දැන ගන්නට ලැබුණ තොරතුරු අනුව පසුගියදා තෙල් සමාගමක නියෝජිතයන් ලෙස මෙරටට පැමිණි නියෝජිතයන් රුසියානු කේජීබී සාමාජිකයන් බව නිශ්චිතවම තහවුරු කර ගෙන ඇත.
විමල් වීරවංශගේ කැළඹිලි සහගත දේශප්‍රේමය උත්සන්න වූයේ රුසියානු කේජීබී ආයතනය ඔහු වෙත ලබා දුන් අනතුරු සහගත නිවේදනයක් නිසා දැයි අපට කිසියම් ගැටළුවක්ද තිබේ.ඒ විමල් වීරවංශ කේජීබී ආයතනයේ යම් උගුලකට අසුවූ ගොදුරක් බවට පත්වී ඇතැයි අපට සිතන නිසාය.කෙසේ වෙතත් දැන් විමල් වීරවංශ නටවනු ඇත්තේ කේජීබී ආයතනයයි.ඔහු ජාතික ආරක්ෂාව බිඳ වැටේ යැයි පාර්ලිමේන්තුව තුළ අඳෝනා නැගුවේ හය හතර නොදත් කිරි සප්පයකු වාගේය. හොර පාස්පෝට් හදා ගෙන විදේශගත වීමට ගොස් කටුනායකදී අත් අඩංගුවට ගත්තේ මේ කිරි සප්පයාය.කටුනායක ගුවන්තොටු පෙළේදී එදා අත්අඩංගුවට ගත් විමල් වීරවංශ බේරාගත්තේ එවකට අගමැතිව සිටි බටලන්දේ රනිල් රජපක්ෂය.බටලන්දේ රනිල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන පනිවුඩයක් ගෙන නියෝග කර ඇත්තේ ‘”අයිසේ එතුමට දැන් යන්න දෙනවා.ගිහිල්ල ආවට පස්සෙ ඕන මගුලක් කර ගන්නවා” කියාය.මේ නියෝගය සම්බන්ධයෙන් අදාල නිළධාරියා සටහන් තබා ඇති බව අපි වගකීමෙන් ප්‍රකාශ කරන අතර එම සටහන් අප සතුවද තියෙන බව ලියා තබමු.ජාතික ආරක්ෂාවේ පූජනීයස්ථානය බඳු ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන භූමිය මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික කැමැත්තට මුසල්මානු ශැන්ග්‍රිල්ලා මුදලාලිට විකුනන විට ඒ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු සිටි මේ විමල් වීරවංශගේ දේශප්‍රේමය මෙදා මෙන් එදා පත්තු වූයේද නැත.විමල් වීරවංශගේ දේශප්‍රේමය හරියට අතීසාරයට අඳින අමුඩය වාගේය.විනාඩියෙන් විනාඩියට කක්කා තැවරෙනවාය.එදා විමල් වීරවංශලා රාජපක්ෂ වේදිකාවේ මර හඬ නැගුවේ අයිඑම්එෆ් යාමට එරෙහිවය.එහෙත් දැන් විමල් වීරවංශ අයිඑම්එෆ් ඉදිරියේ බටු මීයෙක් වෙලාය.මොහුගේ කාලකන්නි මජර දේශපාලනය හැඩ ගන්වන තක්කඩි දේශප්‍රේමයේ හැඩ රුව ගැන හඳුනා ගන්නට මීට අවුරුදු දහයකට පමන පෙර පලවූ පත්තර කියෙව්වා නම් හරිය.කෙසේ වෙතත් විමල් වීරවංශ ඇමරිකාවේ සීඅයිඒ ආයතනය සම්බන්ධ කරගනිමින් ඊයේ (27)පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඇමරිකාවේ සහ යුරෝපීය රටවල බරපතල අවධානයට ලක් වී තිබේ.යුරෝපා හවුල මෙරටට ලබා දෙන ජීඑස්පී සහනය මෙතැනින් අවසන් කරන බව ඉඟි පහල වෙමින් තිබේ.පොදුජන පෙරමුණු ආණ්ඩුවට බලයට පත් වීම සඳහා ව්‍යාජ වඳ සැත්කම් චෝදනාවක් නගා ශ්‍රී ලාංකික මුසල්මානු සමාජය කොන් කර දැමීමට ජාතිවාදී හඬක් නැගූ විමල් වීරවංශ දැන් හදන්නේ මේ රට තුළ මහ විශාල ගිනි කන්දක් අවුලවන්ටය.මෙරට ඇඟළුම් නිශ්පාදනයෙන් සීයයට අසූවකට ආසන්නව මිලයට ගන්නේ ඇමරිකාව බව අප සිහියේ තබා ගත යුතුය.යුරෝපා වෙළඳ පොළ අහිමි වීමත් සමගම අපේ කුළු බඩු අපනයනටයද කණ කොකා හඬනු ඇති බව නිසැකය.විමල් වීරවංශගේ කේජීබී දේශප්‍රේමය තුළින් මෙරට ජනතාව තව තවත් අර්බුදයකට හසුවෙනවාට අප කැමති නැත.කේජීබී දේශප්‍රේමයෙන් විමල් වීරවංශ හම්බ කරන් කෑවාට අපට ප්‍රශ්නයක්ද නැත.එහෙත් දේශප්‍රේමී බිල්ලන් මවා මෙරට ජනතාව තවත් අනතුරට පත් නොකරන ලෙසට විමල් වීරවංශ ඇතුළු කෝළම් සැට් එකෙන් අපි ඉල්ලා සිටිමු.මේ විමල් වීරවංශ ජවිපෙන් පැන්නූ පසු ජවිපෙ බුද්ධිමය දේපොල හොරකම් කරමින් මුද්‍රණය කරන ලද ඇත්ත නැත්ත පොතෙන් ගත් උපුටනයකි.“ජාතික ප්‍රශ්ණයේදී (එනම් සැබෑ ලෙසම අධිරාජ්‍ය විරෝධී සටනේදී ) අප මුහුණ පා ඇති මේ දුෂ්කරතාව විසින් අප දැන් ක්‍රම ක්‍රමයෙන් පත්වී ඇත්තේ බඩගිනි සිංහයා ගේ ස්වභාවයටය.බඩගිනි සිංහයා ඕනෑම ගොදුරක් දුටු විට එයට කඩා පනී.අධිරාජ්‍ය විරෝධී සටනේ ප්‍රශස්ත ප්‍රබුද්ධ භූමිකාවක් රඟ දක්වමින් ඒ මත මුළු මහත් දේශප්‍රේමී ජනතා බලවේගයන් මෙහෙයවාලූ අපට දැන් ඒ මතින් ලැබෙන ගොදුරු හිඟ වී ඇති නිසා කුස පුරවා ගැනීමට දැන් අප කරමින් සිටින්නේ අහුවෙන අහුවෙන ගොදුරු ඩැහැ ගැනීමය.එම ගොදුර ඩැහැ ගැනීම අපේ උපාය මාර්ගික ගමන් මගට සාපේක්ෂව නිවැරිදිද හිතකරද එය අධිරාජ්‍යවාදයේ අග්‍රගන්‍ය ඒජන්තයන්ගේ පැවැත්මට හිතකරද නැද්ද යනාදිය ගැන සොයා බැලීමකින් තොරව මෙි බඩගිනි සිංහයා දැන් හැසිරෙමින් තිබේ.”මේ උපුනටය හරියටම ගැලපෙන්නේ විමල් වීරවංශ ගේ බඩජාරී දේශපාලනයටය.ඒත් මේ උපුටනයේ කිසියම් වෙනසක් අපි කරමු.ඒ මෙහි සඳහන් කළ යුත්තේ බඩගිණි සිංහයා ලෙස නොව බඩගිනි කැණහිලා ලෙස බවය.විමල් වීරවංශ ඇතුළු තක්කඩි දේශප්‍රේමී රැළ හිතාගෙන ඉන්නේ මේ රටේ ජීවත්වන්නේ උපන්ගෙයි මෝඩයන් බවය.හැබැයි අපට නම් ඒ ගැන විමල් වීරවංශට කියන්නට ඇත්තේ අනේ පවු බං විමලේ උඹ කියාය.