අද රැස්වූ පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කරගත්තේ ඡන්ද එකසිය විස්සක් ලබා ගනිමිනි.හදිසි නීතිය විවාදයේදී පොදු ජන පෙරමුනට සම්බන්ධ බොහෝ මන්ත්‍රීවරු ගාලුමුවදොර විරෝධතා කරුවන් පිළිබඳව දැඩි වෛරයකින් හා ද්වේෂයකින් කතා කළහ.ඇමතිවරයකු ලෙස කටයුතු කරන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කූඨ ලේඛන ඉදිරිපත් කළ විමල් වීරවංශ මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් හදිසි නීතියට ඡන්දය ප්‍රකාශ කරන බව පවසන ලදී.මේ තක්කඩියා නිතරම සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරන්නේ දේශප්‍රේමය විකුණමිනි.අද පාර්ලිමේන්තුව තුළද ඒ දේශප්‍රේමය අලෙවි කිරීම කරමින් සභාව ඇමතූ විමල් වීරවංශ තක්කඩියාගේ දෙබඩි ස්වරූපය ඉතා හොඳින් පෙනෙන්ට තිබුණි.පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුව තුළින් හදිසි නීතිය සම්මත කරවා දී ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ ලවා මෙරට පොදු සමාජය තුළ භීෂණයක් පැතිරවීමට සූදානම් වෙමින් තිබෙන බව පැහැදිලිය.බටලන්දේ රනිල් රාජපක්ෂ දැන් රාජපක්ෂ සනුහරයේ දඩයම් බල්ලා වී තිබේ.මේ දඩයම් බල්ලා සොයන්නේ ලේ රසැති මිනිස් ගොදුරුය.ඒ මේ දඩයම් බල්ලාගේ දේශපාලනික ජානගත පුරුද්දය.අද පාර්ලිමේන්තුවේ හදිසි නීතිය පිළිබඳව විවාදය පැවැත්වෙන කාලය තුලදී සුදු වෑන් රථයකින් පැමිණි සාහසිකයන් පිරිසක් අන්තරයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු පැහැර ගෙන ගොස් තිබේ.මේ සිදුවීම සිදු වූයේ හදිසි නීතිය සම්මත වීමටත් පෙරය.හෙට අනිද්දා වන විට සුදු වෑන් සංස්කෘතිය මෙරට සමාජය තුළ මුදා හැරීම ස්ථිරය මෙම රජයට එරෙහිව විරෝධතා දක්වන තරුණයන් ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට අපට අනාවරණය වී තිබුනේ මීට දවස් ගනනකට පෙරය.ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් රජයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ගැන බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කියවෙන සාවද්‍ය වාර්තාවක් ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂට ඉදිරිපත් කරන ලද්දේ ඉදිරියේදී මෙරට සමාජය තුළ මුදා හැරීමට අපේක්ෂිත භීෂනයට නෛතික වටපිටාවක් සකසා ගැනීම සඳහාය.මෙහිදී පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ සැලසුමක්ද පවතී.බටලන්දේ රනිල් රාජපක්ෂ තවමත් හිතා ගෙන ඉන්නේ අසූ අට අසූනවය කාලය තුළ මෙරට පැවති මිල්ටරි බලය යොදවා ජනතා විරෝධය මෙල්ල කර ගත හැකි බවටය.පොදුජන පෙරමුණට සම්බන්ධ හොර දෙටුවන්ගේද තක්කඩි රාජපක්ෂ සනුහරයේද අවශ්‍යතාව එයයි.මේ පාදඩ පාර්ශවයන් කල්පනා කරන්නේ බටලන්දේ රනිිිල් රාජපක්ෂ දඩයම් බල්ලා ඒ කෙරුවාව ඉටු කර දෙනු ඇත කියාය.මහජන විරෝධතාවන් හමුදාව යොදා ගනිමින් මර්දනය කිරීමට අපේක්ෂිතය.ඒ සඳහා මහජනතාව හා හමුදාව අතර විරසකයක් ඇති කිරීමට බුද්ධි බලකාය මුදා හැරි මනෝ මූලික වැඩ සටහන සාර්ථකය.රාජපක්දේෂ දේශපාලනයේ ජරා අසික්කිත වහළුන්ව සිටින යුද ගුවන් හා නාවුක හමුදාපති වරුන් හා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න මේ වන විටත් මහා සමුල ඝාතනයකට ආයුද මුවහත් කරමින් සිටී.ඔවුන් දැන් සිටින්නේ බටලන්දේ රනිල් රාජපක්ෂ උසී උසී කියන තුරුය.අප මේ හෝරාවේ හමුදා භටයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිහි කල්පනාවෙන් රාජකාරි කරන ලෙසය.මිනීමරු හමුදා ඡ්‍යෙෂ්ඨයන්ගේ අනීතික නියෝග පිළිපැද වැලිකඩ ජම්පරය ඇඳ අවුරුදු ගනන් දුක් විඳි හමුදා නිළධාරීන් ගැන කතන්දර ඕනෑ තරම් තිබේ.ඒ නිසා මේ පවතින වටපිටාව තුළ අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස අපි සියළු හමුදා කණ්ඩායම් වලින් ඉල්ලමු.බටලන්දේ රනිල් රාජපක්ෂගේ ලේ පිපාසයට මුවා වී වහසි බස් දොඩමින් සිටින පොදු ජන පොරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාදඩයන්ට අපි අනතුරු අඟවා සිටින්ට කැමැත්තෙමු.ඒ නුඹලාට ආරක්ෂාව සලසන හමුදා පොලිස් අපේ සහෝදර මිතුරන්ගේ අවි නුඹලාගේ ඔළුවට පත්තු වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩි බව අප දන්නා නිසාය.