වෙනත්

බටලන්දේ රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

Spread the love

ජනපති රනිල් වික්‍රමසිංහ වෙත රුසියානු ජනපතිවරයා සුබ පැතූ බවට ඔහුගේ සමීපතමයන් බඩ පිණුම් ගසමින් සතු⁣ටු වෙමින් සිටී.ලෝකයේ බලවත් රාජ්‍ය නායකයකු ලෙස සැළකෙන රුසියානු ජනපතිවරයා ජනපති රනිල් වික්‍රමසිංහ ගේ පත්වීමට දැඩි ප්‍රීතියට පත් වී සිටිතැයි ඔවුන් පෙන්වා දෙමින් තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ වාදීන් ගේ අපේක්ෂාව වී ඇත්තේ රුසියානු ජනපතිවරයා ගැලවුම් කාරයකු ලෙස පැමිණ ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමිය හැකි බවය.ඒ කාර්යය ඉටු වන තුරු ඔවුන් ඇඟිලි ගනිමින් සිටිනු ඇත්තේය.මේ පාර්ශවයන්ට රුසියාව කෙරෙහි මේ විශ්වාසය ඇති වී ඇත්තේ රුසියානු ජනපතිවරයා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත එවන ලද සුබ පැතුම් පණිවුඩයයි.

 

එහෙත් මෙම සුබ පැතුම රුසියානු ජනාධිපති කාර්යාලය වෙතින් රටවල් වෙත යවන සම්මත ආකෘති ගත සුබ පැතුමකි.එය ජනපති රනිල් වික්‍රමසිංහගේ පත්වීම විශේෂයක් කොට සළකා එවන ලද සුබ පැතුමක් නොවේ.

රුසියානු ජනපතිවරයාගේ සුබ පැතුම පිළිබඳව මහත් වූ චිත්ත ප්‍රීතියෙන් හා උද්යෝගයෙන් වහසි බස් දොඩමින් බඩ පිණුම් උඩ පිනුම් හා යටි පිණුම් ගැසූ රනිල් වික්‍රමසිංහ දායක සභාවෙි උපාසක මහත්වරුන් හා උපාසිකා මහත්මීන් ගෙන් ගයනාවෙි නිදහස් දිනයට රුසියානු ජනපතිවරයා යොමු කළ සුබ පැතුම අවධානයට ගන්නා ලෙස ඉල්ලමු.

අප ඔවුන් වෙත මෙසේද ලියමු………

රනිල් වික්‍රමසිංහ මහා දැවැන්තයකු බවත් ඔහු රුසියාවේ පුටින් හා සමානයකු බවත් සිතා සිත සනසා ගන්න.ඒ සතුටින් ඇති තරම් නටන්න.එහෙත් ඔබ සැම නටන්නේ නිරුවතින් බව පමනක් සිතන්න.


Spread the love

Leave a Comment

You may also like