සියල්ල සිද්ධ වෙමින් තිබෙන්නේ රටේ ජනතාව වදකාගාරයකට කැන්දාගෙන යාමට සූදානමින් බව අපට වැටහී තිබේ.බටලන්ද වදකාගාර පන්නනයේ හමුදා යෙදවීම් තුලින් මෙරට සමාජයේ නැගී එන විරෝධතාවන් මැඩ පැවැත්විය හැකි යැයි ජනපති රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා විය හැකිය.ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුනරත්න සිටින්නේද එල්ටීටීය මර්දනය කළ ආකාරයේ හැඩයකට විරෝධතාවන් මර්දනය කිරීමට හරි බරි ගැසෙමිනි.අප සහභාගි වූ ආරක්ෂක රැස්වීම් වලදී ඔහු ඒ මතය අප වෙතට බැර කෙරුවේය.ඔහු මෙහිදී අප දැනුවත් කරන ලද්දේ හමුදා මෙහෙයුමකදී ඔබ සැම ඕනෑම දෙයක් බය නැතුව කරන්න යනුවෙන්ය.ඔහු වැඩිදුරටත් කීවේ ඔබගේ සේනාංක වලට විරෝධතා කරුවන්ට බය නැතුව වෙඩි තැබීමට ධෛර්ය දෙන්න කියාය.ඉන් පසුව මතුවන ඕනෑම ප්‍රශ්ණයකට මැදිහත් වීමට රජය සිටින බවද ඔහු සිහිපත් කෙරුවේය.එහිදී ජනරාල්වරයා රජය යනුවෙන් හඳුන්වා දෙන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව පසුව සිදු කරන ලද අවධාරණය කිරීම් වලින් අපට සිතා ගන්නට හැකි විය.
මේ නිසා ඔබ සැම බිය විය යුතු නැතුවා මෙන්ම පසු බැසීමක්ද නොකළ යුතුයි යන්න ජනරාල් වරයා පුන පුනා කීවේය. ඔහු සාකච්ඡා ගනනාවකදීම ඒ වියරු අදහස අපට පැටෙව්වේය.සැබැවින්ම ඔහු සිටින්නේ වියරුවෙන් හා පලි ගැනීමේ මානසිකත්වයෙන් බව අපට පැහැදිලි විය.හිටපු ජනපති වරයා සම්බන්ධයෙන් විරෝධතා කරුවන් කටයුතු කළ ආකාරය ගැන ජනරාල් කමල් ගුණරත්න සිටියේ දැඩි කෝපයකිනි.ඔහු අප අමතන ඇතැම් අවස්ථාවලදී සාහසික මැරයෙකු ගේ ලක්ෂණ නිරූපනය විය.ඔහුගේ ඇතැම් අදහස් ඇඟ හිරිව්ටිටන තරමෙි ප්‍රකාශනයන් විය.ලේ සාගරයක ගිල්වා හෝ රාජ්‍ය බලය ආරක්ෂා කළ යුතු බවට ඔහු නියෝග කෙරුවේය.රාජ්‍ය බලය යනුවෙන් ඔහු අදහස් කෙරුවේ රාජපක්ෂවරුන් ගේ ආරක්ෂාව බව අපට විශේෂයෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවීය.ජනරාල් කමල් ගුනරත්න අනෙකුත් ත්‍රිවිධ හමුදා ප්‍රධානින් තිදෙනා සමග පැවැත්වූ ආරක්ෂක උපදෙස් දෙන රැස්වීම් වලට මා සහභාගි වී තිබේ.යුද, ගුවන්, හා නාවුක හමුදාපතිවරුන්ද ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම ගැන සිටින්නේ දැඩි කණගාටුවෙනි.ඔවුන් තුළ පැවැති ඒ කණගාටුව විරෝධතාකරුවන්ගෙන් පලිගැනීම දක්වා වර්ධනය වෙන සැළසුමක් බවට පරිවර්තනය වෙමින් පවතින්නේ නව ජනපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ගේ රළු ස්වභාවය කෙරෙහි පවතින දැඩි විශ්වාසයෙනි.අප ඔවුන් හට සවන් දෙන්නන් හා ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන යාන්ත්‍රික මිනිසුන් වුවද ඔවුන් ගේ සාහසික අදහස් ගැන සිතන්නට අපට මනසක් තිබේ.ජනරාල් කමල් ගුනරත්න හා ත්‍රිවිධ හමුදාපති වරු අපෙන් අපේක්ෂා කරන්නේ තවදුරටත් විරෝධතා කරුවන් නැළවිය යුතු නැති බවය. එහිදී ඔවුන් ගජබා බලකාය කමාන්ඩෝ රෙජිමෙන්තුව හා විශේෂ බලකාය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටී.ඒ අතරේ සන්නද්ධ බුද්ධි බලකායද වේ.මේ සේනාංක වල ආඥාපතිවරුන් හා රෙජිමෙන්තු අණදෙනන්නන් ලෙස පත් කර සිටින්නේ රාජපක්ෂ වාදී රූකඩ චරිතය.මෙම ආඥාපතිවරුන් හා අණදෙන්නන් ඒ තනතුරු සඳහා සුදුසු කම් සපුරාලූ නිළධාරීන් නොවේ. රාජපක්ෂ දේශපාලනයේ සහයෝගය හා සම්බන්ධතා මත එම තනතුරු වලට පත් වූවන්ය.මේ රොත්තම ඔළුවෙන් තීන්දු තීරණ ගන්නන්ද නොවේ.ඔහුන්ගේ ක්‍රියාකාරිත්වය පැවතෙන්නේ ඉහළින් දෙන නියෝග වල හැඩයටය.හැඩය රාජපක්ෂවාදී දේශපාලනය ආරක්ෂා කිරීම මිස වෙන දෙයක් නොවේ.මේ වන විට බොහෝ රෙජිමෙන්තු වල සෙබළුන්ගේ සුබ සාධනය කඩා වැටී තිබේ.මෙතෙක් කල් ඔවුන් වෙත සැපයූ නිදහස් භෞතික සම්පත් අත් හිටුවා තිබේ.කෑම වල ගුනාත්මක බව ඉතා පහල මට්ටමකය.එහෙත් ආරක්ෂක අමාත්‍යංශය වෙත වෙන් කෙරෙන විගනනයට ලක් නොවෙන ප්‍රතිපාදනයන්හි වැඩි වීමක් මිස අඩුවක් නම් නැත.විශ්‍රාමික ජනරාල් වරුන්ට පවා සති පතා හමුදාවෙන් ඉන්ධන ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතාවට රහසක් විය හැකිය.එය එසේ කරන්නේද පදනමක් ඇතිවය.විශ්‍රාමික ජනරාල්වරු මෙරට පවතින විරෝධතාකාර පාර්ශවය නියෝජනය කිරීම වැලැක්වීම ඒ පදනමයි.හමුදාවෙි දැනට සක්‍රීය සේවයේ නිරත ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ට මෙරට පවතින ආර්ථික අර්බුදය පිළිබඳව කිසිදු දැනීමක් අවබෝධයක් නැත.ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ වෙළඳ පොළෙහි මිදි ඇපල් හා බටර් අඩුවීම පිළිබඳ ප්‍රශ්ණයක් පමණය.ඔවුන්ගේ වාහන පරිහරණය ඉතා දූෂිතය. එහෙත් ඒ දූෂිත බව කිසි විටක අනාවරණය නොවේ.කවරකු හෝ ඒ බව අනාවරණය කෙරුවේ නම් ඒ තැනැත්තා මරා ගෙන කන්නට හමුදා ඡ්‍යෙෂ්ඨයන් පෙල ගැසෙන්නේ රණ විරු මුද්‍රාව මුදා හරිමිනි.පසුගිය දිනක හමුදා ඡ්‍යෙෂ්ඨයන් ගේ මෙම දූෂිත වාහන පරිහරණය පිළිබඳව දැනට ඕස්ට්‍රෙිලියාවේ සිටින හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කළ කපිතාන් වරියක මුහුණු පොතෙහි සටහනක් දමා තිබෙනු මම දුටුවෙමි.මෙය මහා ආන්දෝලානාත්මක ලියවිල්ලක් විය.එහෙත් මගේ අත්දැකීම් වල හැටියට ඇය ලියා තිබුණේ සම්පූර්ණ සත්‍යයයි.එහෙත් මෙම හිටපු කපිතාන්වරියට මුහුණු පොතෙන් ප්‍රති ප්‍රහාර එල්ල කොට තිබුණේ හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ බිරින්දෑවරුන්ය.ඒ ප්‍රතිප්‍රහාර සම්පූර්ණයෙන්ම එම හිටපු කපිතාන්වරිය සම්බන්ධයෙන් වූ අසත්‍ය කරුණුුය.ඒ කෙසේ වෙතත් මගේ අවධානයට ලක් වූ කරුණ වූයේ එම හිටපු කපිතාන් වරියගේ අනන්‍යතාව ඇතුළත් හමුදා ගොනුවේ වූ ලිය කියවිලි වල විද්‍යුත් රූප පවා මේ ව්‍යාජ තොරතුරු සමග සංසරණය වීමය.ඉතා නීති ගරුක හමුදාපතිවරයකු මෙරට සිටියේ නම් මේ සිදුවීමට සම්බන්ධ පලමු වග උත්තරකාර පාර්ශවය ලෙස මූලික පරීක්ෂණ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ මෙම පුද්ගලික ලිපි ගොනු බාරව සිටින හමුදා වැටුප් අංශයේ අධ්‍යක්ෂවරයාය.එහෙත් එවැනි හමුදාපතිවරයකු මේ රටෙි සිටියේ නම් ඒ ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා පමනය.හමුදාවේ ඡේයෂ්ඨ නිළධාරියකු ලෙස මා සිටින්නේ දැඩි කළකිරීමකිනි.එම කළකිරීම මට පමනක් සීමා වූවක් නොවෙි.දැනුම් තේරුමක් ඇති පහල සෙල්දාදුවන් තුළද මේ කළකිරීම තිබේ.අපගේ කළකිරීමට වඩා ජනරාල් කමල් ගුනරත්න ඇතුළු හමුදාපති ගේ දේශපාලන පක්කිලිකම බලවත් වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ.එහෙත් මේ අපගේ කළකිරීම ඉතා නුදුරේදීම පුපුරා යන්නට ඉඩ ඇති බව මට විශ්වාසය.පසුගියදා දියත උද්‍යානයේදී හමුදා සෙබළුන් අතින් ටී පනස් දෙකක් විරෝධතා කරුවන් විසින් උදුරා ගැනු ලැබීමේ සිද්ධිය ආරක්ෂක අමාත්‍යංශය මගින් සැළසුම් කළ පිටපතකි.මෙම පිටපත ඉතා මෝඩ සැළසුමක් බව මට හැඟී ගොස් තිබුණි.එහෙත් එයට විරෝධය දැක්වීමට හෝ ඒ ගැන අදහස් දැක්වීමට කිසිවෙකුට ඉඩක් නැත.දේශපාලනික ගොහොරුවක ගිලී සිටින ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා විකෘති හමුදා උන්මාදයකින් පෙළෙන්නන්ය.දැන් විරෝධතාකරුවන් හා හමුදාව අතර දුරස්ථ බෙදීමක් ඇති කරන්නට සන්නද්ධ බුද්ධි බලකාය අන්තර්ජාලය තුළ මනෝ මූලික ව්‍යාපෘතියක් මුදා හැර තිබේ.මෙය තරමක සාර්ථක බවක් ඇති වී තිබෙන බව පැහැදිලිය.ඒ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු හා ඔවුන්ට එරෙහිව කටයුතු නොකළ යුතුය යන අදහස හා ඒ අදහසට එරෙහි වූවන් අතර පවතින බෙදීමයි.මේ බෙදීමේ අඩිතාලම දැම්මේ සන්නද්ධ බුද්ධි බලකායෙනි.දැන් අන්තර්ජාලය ඇවිලෙමින් තිබේ.කෙසේ වෙතත් විරෝධතා කරුවන්ට එරෙහිව යොදවන විශේෂ බලකායන් ගැන හා එම බලකායන් විරෝධතාවන් මර්දනය කිරීමේද කටයුතු කරන ආකාරය ගැන මේ වන විට ඇතැම් හමුදා රෙජිමෙන්තුවල සෙබළුන් සිටින්නේ කළකිරීමෙනි.මේ කළකිරීම කෝපයක් දක්වා පැතිරී ගිය හොත් එහි අවසානය ජනරාල් කමල් ගුනරත්න ඇතුළු හමුදාපතිට දරා ගත නොහැකි වනු ඇත.විශේෂ හමුදා රෙජිමෙන්තුවල සේවයේ නිරත සියළුම සෙනීන්ද රාජපක්ෂ රූකඩ නොවේ.ආරවුල කවදා කොයි මොහොතක පුපුරා යාදැයි මට අනාවැකි කියන්නට නොහැකිය.එහෙත් එය සිදුවෙන එක නම් ස්ථිරය.එවන් වටපිටාවක් මතු වුව හොත් මා යටතේ තිබෙන සේනාංක සිට ගනු ඇත්තේ මහජනතාව සමගය.