හමුදා කණ්ඩායම් බලා සිටිද්දී අරගල කරුවන්ට කරුවන්ට මෙලේච්ඡ ආකාරයෙන් පහර දුන් හා අධික බීමතින් සිටි මෙම ප්‍රහාරක මැර කණ්ඩායම සතුව ඇවන්ගාඩ් හා අනුබද්ධිත රක්නා ලංකා ආරක්ෂක සමාගම සතු ගිණි අවි තිබී ඇත.
පෞද්ගලික ආරක්ෂක සමාගමක් යොදවා මෙලෙස සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම ඉතා බරපතල අනීතික ක්‍රියාවකි.මෙම ප්‍රහාරයට සම්බන්ද වූ ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමෙි වාහන වලට ඉන්ධන පවා සපයන්නේ නාවුක හමුදා මූලස්ථානයෙනි.ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම රාජපක්ෂ වරුන්ගේ අතුරු හමුදාවක් ලෙස මෙරට ක්‍රියාත්මක වන්නේ ජනපති මහින්ද රාජපක්ෂ කාලයේ සිටය.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මැරයන් මෙලෙස ජනතාවට පහර දීම හමුදාවේ කීර්ති නාමයට බරපතල හානියක් බව නිර්දේශපාලනික හමුදා ඡ්‍යෙෂ්ඨයන් ගේ අදහස වී තිබේ.