සාමාන්‍ය පොලිස් රාජකාරි සිදුකරන් කිසිදු පොලිස් නිලධාරියකුට මේවනවිට පාතාලය සමඟ හැප්පී ඔවුන්ව අත්වඩංගුවට ගැනීමට නොහැකිවී ඇත්තේ පාතාලය ඉතාභයානක අවි ආයුධ වලින් සමන් විත නිසාය.
පසුගිය මාස 06 තුල පමණක් පාතාලයේ වෙඩිපහරට ලක්ව ජිවිත 34 ක් විනාශ වී ඇත.
මෛත්‍රිට හෝ රනිල්ට මෙහි ඇති ඉතාම භයානක තත්වය නොපෙනෙන්නේ උන් දෙන්නාම තම බලය වෙනුවෙන් මේ වනවිට බලු පොරයකට වැටි සිටින නිසාත් විය හැකිය.
අති භයානක මයික්‍රෝ අවි වලින් සමන් විත පාතල මිනිමරුවන් මේ වනවිට පැය 24 පුරාවටම අවි ආයුධ වලින් සමන්විතය.
ජනාධිපති පොලිස්පති ගෙන්විත් ඔහුව දොස්පවරා ඇති ඵලක් නොමති අතරම කලයුත්තේ ලංකාව වැනි කොයි දේටත් දේශපාලනය ගාවගන්න දේශපාලකයන් ගේ නායකත්වය අවශ්‍ය වී ඇත.
මෙයත් වසර ගන්නාවක් වසර 40 කට ආසන්නව ඔඩු දුවන තවත් යුද්ධයක් බව ලාංකීය ජනතාව තවමත් අවබෝධ කර නොගනීමත් ඉතා අවාසනාවකි.
රටේ යුද්ධය මුලින්ම උදුරාදැමු පරිනතම යුධ සෙනවියෙක් තමා ගේ ලඟ තබාගෙන රටේ නීතිය හා සාමය හිවලුන්ට භාරදී තවත් එකෙකුට දොස්පවරාඇති වැඩේ කුමක්ද ?
වසර 40 තිස්සේම දේශපාලකයන් පොෂණය කර සමාජ ගතකර අහිංසක ජනතාව බිල්ලට ගනිමින් , අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බකර ගන්නා දේවල් කොල්ලකමින් සුපිරි ජීවිත ගතකරන නින්දිත පාතාලය මර්ධන නොකිරීමට ඉඩ නොදෙන්නේත් පාලක හා විපක්ෂ දේශපාලක්යන්ම බවට යැයි කීමට ඕනෑ තරම් මෙම ලියුම් කරුව සාක්ෂි ඇත.
රටේ ජනාධිපතිට හා අගමැතිට දැන්වත් මේ පාතාල යුද්ධය නතර කිරීමට ෆිල්මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය අමාත්‍යංශය භාරදී නිති ගරුක පුර වැසියන්ට ජීවත් වීමට ඉඩ සලසාදීම මොවුන් දෙදෙනා ගේ වගකීමයි.
ඔවුන් එසේ නොකරන්නේ නම් ඔවුන්ද පාතාලේ පැවැත්මට ආශිර්වාද කරන බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ.