නව ජනාධිපති වරයා ලෙස පත්වූ රනිල් රාජපක්ෂ ගේ මෙලේච්ඡ නියෝග මත ආරක්ෂක ලේකම් කමල් ගණරත්න ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ යුද හමුදාපති විකුම් ලියනගේ පොලිස්පති වික්‍රමරත්න ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා ඇවන්ගාඩ් සේනාධිපති එක්ව ගාලු මුව දොර විරෝධතාකරුවන් වෙත එල්ල කළ සාහසික ප්‍රහාරය මේ වන විටත් ජාත්‍යන්තරය හෙලා දකිමින් තිබේ.
“මේ රටේ තරුණයන් යම් යමි කාල සීමාවලදී ඉල්ලං කන”………
අද වන විට රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කොට යුද හමුදාව යොදවා ජනතාව ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථානු කූල අයිතිය මර්දනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මිල්ටෙරි ප්‍රධානින් සැලසුම් කර තිබේ.මෙය ඉතා බරපතල තත්වයක් දක්වා වර්ධනය වීමේ වටපිටාවක් රට පුරා නිර්මාණය වෙමින් ඇත.
නව ජනපති වරයා හමුදා ප්‍රධානීන් සමග අකුරෙගොඩ පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ “මේ රටේ තරුණයන් යම් යමි කාල සීමාවලදී ඉල්ලං කන” බවය.ඔහු කළ ඇති මේ ප්‍රකාශය ඉතා අනතුරුදායක ලෙසද ඒ හා නිර්මාණය කෙරෙන ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව අනාවැකියක් ලෙසද ගත හැකිය.
තවදුරටත් නව ජනපතිවරයා ගේ සැලසුම වී ඇත්තේ පාදඩ රාජපක්ෂ සනුහරය ආරක්ෂා කර ගනිමින් මිල්ටෙරි නන්දසේන හට ඉතිරිව තිබුණ ජනාධිපති සේවා කාලය අවසන් වන තුරු රට පාලනය කිරීමය.
ගාලුමුවදොර රැඳී සිටි නිර්පාක්ෂික අරගලකරුවන්ට හමුදාව යොදවා පහර දීමෙන් වැඩ ඇරඹූ නව ජනපතිවරයා මෙරට ජනතාවට බරපතල අනතුරු ඇඟවීමක් කර ඇති බව පෙනී යයි.නිර්පාක්ෂිකයන් යනු මෙරට සමාජයේ අතලොස්සක් බව ජනපතිවරයාගේ තක්සේරුවයි.ඔවුන් මර්දනය කිරීමෙන් මෙරට දේශපාලන ආරවුල විසදා ගත හැකියැයි ඔහු හා මිල්ටරි ප්‍රධානීන් කල්පනා කරනවා වෙන්නට ඇත.එහෙත් මෙරට පවතින මහජන විරෝධයට ජනපති රනිල් රාජපක්ෂ ගිණි අවුළුවා තිබේ.
රනිල් රාජපක්ෂ යනු………
දැන් මේ ගිණි ඇවිලවීම ලේ වැගිරවීමක් දක්වා ඇද ගෙන යන්නට මොහු කල්පනා කරනු ඇත.රනිල් රාජපක්ෂ යනු අමුම අමු තිරිසනකි.අසූව දශකයේ මෙරට පැවැති භීෂණ සමයේදී බටලන්ද වදකාගාරයක් පවත්වාගෙන ගිය මේ තිරිසනා එම වදකාගාරය තුළ තරුණයන්ට දෙතිස් වද දී සතුටක් ලැබූ අයෙකි.දැන් මේ මොහු සැරසෙන්නේ මුළු රටම බටලන්ද වදකාගාරයක ආදර්ශකයක් බවට පත් කිරීමට බව සිතා ගත හැකිය.මේ බරපතල අවදානම මෙරට සියළු දේශපාලන පක්ෂ තේරුම් ගත යුතුය.
ගාළුමුවදොර ප්‍රහාරයට විමල් වීරවංශ පාර්ශවයෙන් අත් උදවු සැපයූ බවට අපට සැකයක් මතු වී තිබේ.ඒ ඔහු විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ගාලු මුවදොර අරගල කරුවන්ට එරෙහිව සිඳු කළ ප්‍රකාශය හේතුවෙනි.විමල් වීරවංශ එහිදී ගාළු මුවදොර අරගල කරුවන් හැඳින්වූයේ කොණ්ඩය වවාගෙන කරාබු දාගත් අපතයන් ලෙසය.ඔහු මෙලෙස තරුණයන් කොණ්ඩය වවා ගැනීම හා කරාබු පැළඳ සිටීම පිළිබඳව අපහාසාත්මක හැඳින්වීමක් කළද මෙරට බෞද්ධ දර්ශනයේ ප්‍රධානියා වූ බුදුන් වහන්සේ ගිහි කළ සිද්ධාර්ත කුමාරයා ලෙස කරාබු පැළඳ හිස කෙස් වවා ගෙන සිටින චිත්‍රනයන් බොහෝය.කෙසේ වෙතත් විමල් වීරවංශ පාර්ශවය සිටින්නේ මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරෙන් එළවා දැමීම ගැන දැඩි කණගාටුවෙනි.එම පාර්ශවයට තිබුණේ බැසිල් රාජපක්ෂ සමග පැවති පෞද්ගලික ආරවුලකි.බැසිල් රාජපක්ෂට එරෙහිව පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් එලියට ආ විමල් වීරවංශලා මිල්ටෙරි නන්දසේනට එරෙහිව මෙතරම් ජන විරෝධයක් මෙරට සංවිධානය වනු ඇතැයි කිසි දිනක සිතුවේ නැත.රාජපක්ෂ පවුුලේ පැවැති පෞද්ගලික ආරවුලකට මැදිහත් විමල් වීරවංශ පාර්ශවය දැන් පෙරළුන පිට හොඳය කියන ගානට දේශපාලනය බැලන්ස් කර ගනිමින් සිටී.සැබැවින්ම මෙරට දේශපාලනයේ මුලින්ම අතු ගා දැමිය යුත්තේ මෙවැනි පාදඩ ගේම් කාරයන්ය.

හමුදා රෙජිමෙන්තු ගනනාවක මේජර් ජනරාල්වරයන්……
අපට දැන් වාර්තා වන ආකාරයට ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නලාට ඉදිරිය සිතූ තරම් ලෙහෙසි නොවනු ඇත.මේ වන විටත් හමුදා රෙජිමෙන්තු ගනනාවක මේජර් ජනරාල්වරයන් හා ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුම අප සමග පැවසුවේ ජනපති රනිල් වික්‍රමසිංහගේ මැර හමුදා සංස්කෘතියට තව දින කිහිපයකට වඩා ඉඩ නොතිබන බවය.පොලීසියේ පොලිස්පති වරයාටද දේශපාලනික වහළුන් ලෙස කටයුතු කරන හමුදාපතිවරුන්ට ඉදිරියේදී හැංගෙන්නට බංකර් හොයා ගන්නට වෙනු ඇතැයි ඔවුන් අනතුරු ඇඟවූහ.හමුදා ඡ්‍යෙෂ්ඨයන් ගේ මේ ප්‍රකාශ සැහැල්ලුවෙන් ඉවත ලන්නට අපට නොහැකිය.එබැවින් ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නට හා මහජන හා සාමය ඇමති ටිරාන් අලස්ටත් අප ප්‍රකාශ කරන්නේ මේ දේශපාලනික හමුදා මෙහෙයුම් වහාම අත් හිටුවීමට කටයුතු කරන ලෙසය.මේ සඳහා තිරයෙන් පිටුපස සෙල්ලම් දාන ඇවන්ගාඩ් සේනාධාපතිටත් අප අනතුරු අඟවමු.
ජාත්‍යන්තරය………
ජාත්‍යන්තරය මේ වන විටත් ගාලු මුව දොර හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කර තිබේ.අප සියළු රටවල නායකයන් ගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවට මුල්‍යමය ආධාර කිරීමෙන් වලකින ලෙසය.මේ වන විට රනිල් රාජපක්ෂ ජනපති වරයා මෙරටට ලැබුන මුල්‍යමය ආධාර විශාල කොටසක් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂ ප්‍රතිපාදනයන් වෙත බැර කරන ලෙසට නියෝග කර තිබේ.ඒ ජනතාවට එරෙහිව හමුදා මෙහෙයුම් සඳහාය.කන්න බොන්න නැති මිනිසුන් සිටින රටක හමුදා මෙහෙයුම් සිදු කිරීමට සැලසුමි කරමින් සිටිව මදාවි දේශපාලන හැති කරය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වහා මැදිහත් විය යුතුය.
විපක්ෂයේ ඉදිරි සැලසුම්…….
මෙරට විපක්ෂයේ ඉදිරි සැලසුම් මොනවාදැයි අපි නොදනිමු.එහෙත් සියළු පක්ෂ මේ මොහොතේ පෙනී සිටිය යුත්තේ මිල්ටෙරි සන්නද්ධ මෙහෙයුම් වලට එරෙහිව බව අප මතක් කරමු. කෙසේ වෙතත් මේ වන විටත් මෙරට ඇතැම් හමුදා රෙජිමෙන්තු දේශපාලනික වහළුන් ලෙස ක්‍රියා කරමින් ජනතාවට හිංසා කරමින් සිටින රෙජිමෙන්තු වලට එරෙහිව පෙල ගැසෙමින් තිබෙන බව අප සියළු විපක්ෂ දේශපාලන නායකයන් ගේ අවදානයට ලක් කරමු.
ඒ අතරේම ටිරාන් අලස් කමල් ගුනරත්නන නපුංශකයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාපතිවරුන්ට පොලිස්පතිට ඡෙ.නිපො දේශබන්දුට හා ඇවන්ගාඩ් සේනාධිපතිට අප වගකීමෙන් යුතුව ලියා දන්වන්නේ විශ්‍රාම ගොස් ගෙදර නිවිහැනහිල්ලේ බණක් බාවනාවක් කරගෙන ජීවත්වෙනවාද වැලිකඩ ජම්පරය ඇඳගෙන සිටිනවාද යන්න ගැන තීරණය කළ යුතු බවය.
අවසන් හෝරාවෙි රටින් පැන යාමටවත් එසේ පැන යාමට ලැබුන හොත් කිසිම රටක් ඔබ සැමට ඉඩක් නොදෙන තත්වයට මේ මහ පොළොව යලි ඇවිලීමට සූදානම් බවද අප සිහිපත් කරන්නට කැමතිය.