රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු එරට ජීවත් වෙන ජනතාවගේ වැඩි දෙනාගේ කැමැත්තය. ඒ අනුව යමින් 2019 වසරේ පැවති මහා මැතිවරණයෙන් වැඩි දෙනාගේ කැමත්තට අනුව රනිල් වික්‍රමසිංහ ගෙදර ඇරියාය. ඒ ප්‍රජාතන්ත්‍රවාදිවය.
එත් අවසානයේ ජනතා පරමාධිපත්‍ය පයිසෙකටවත් මායිම් නොකර රනිල් නැවත 08වන විධායක ජනාධිපති බවට පත් විය. ඒ ජනතාවගේ අකමැත්ත විරෝධය නොතකා තම එකම පැවැත්මට රනිල් කැන්දන් ආවේ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂලාය .
අපි කී ආකාරයටම රනිල් හෙට දිනේෂ් ගුණවර්ධනව රටේ අගමැතිකරනු ඇත. රනිල්,දිනේෂි ,මහින්ද යනු මෙරට ජනතාව පිලිකුල් කරනු ලබන පිරුණු වු ගද ගසන දේශපාලකයන්ය. දැන් රනිල් ජනතාව ගේ නොවන පාර්ලිමේන්තුවේ මංත්‍රිවරුන් ගේ විධායක ජනාධිපතිය.
පැනගිය ගෝඨාභය ලබන සති අන්තයේ මෙරටට පැමිණෙන අතරම ඔහු ගේ අසනීප හේතුවෙන් ඔහු විශ්‍රාම ගිය බවට කැබිනට් පත්‍රයක් යොදා විශ්‍රාමික ජනාධිපතිට හිමි සියළු වරප්‍රසාදයන් හා ආරක්ෂාව ,ගෙවල් ,සියල්ලම ලබාදිම රනිල් පොරොන්දු වී තිබේ
එත් රනිල්ට ඕනෑනම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික පාලකයෙකු වීමටත් ඕනැවටත් වඩා අවස්ථාව තිබේ ඒ රටේ ජනතාව අරගල කොට ඉල්ලන රටේ සල්ලි හොරා කෑ උන් ගේ මුදල් අයකර ගැනීම , යට ගැසු සියළු නඩු නැවත විමසීම ,අධිකරණය ,පොලිසිය නිදහස් ආයතන කිරීම , 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම යන එවා මෙන්ම මේ වනවිට රට වැටි ඇති මහත් ආගාධයෙන් රට ගලවා ගැනීමය.
එසේ නොමතිව රාජපක්ෂලා ගේ උවමනාවන් ඉටුකරන්න ගිය හොත් රනිල්ට සිදුවන්නේ ඝඩාපිට දෙවනි නොවන වන්දියක් ගෙවා දැමීමටය.