අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය නොහොත් අන්තරය කොල්ලන්ව, කෙල්ලන්ව මෙලොවට ජාතක කල ඒ දෙමාපියන්ට ශ්‍රි ලංකාවාසි සමස්ථ ජනතාවම සදා ණය ගැතිය. ඒ මිනිමරු පලකයන් වු රාජපක්ෂ ජුන්ටාව සුනු විසුණු කිරීමට උන් ගේ ශක්තිය නොති බුණානම් අදත් ඒ මිනිමරු ගෝඨාභයලා යහතින් සිටි.
ඒ කොල්ලන් ගේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා කොපමණ නම් කුණු හරුප දෙස් දෙවොල් අහන්න ඇද්ද ? ඒ තමන්ට තෙල් ,ගැස් ,තියෙන කාලේ සැපට උන් හොරා කමින් අපි දුක් විදි කාලේ අන්තරේ උන් පාරවල් අවහිරකරමින් අව්වට, වේලෙමින් ,වැස්සට තෙමෙමින් සිටි කාලයේ එදා උන්ට හරුප කියා බැන්න උන් අද පින් දෙනවා නොවනුමානය.
ඒත් අවාසනවට ලංකාවේ බහු බුත ව්‍යවස්ථාවට මුවා වෙලා නැවතත් 60 පැන්න නාකි මයිනන් රට හදන්න පෙරට ඇවිත් මුන් වලට ගිහිනුත් රටහදන්න ප්ලෑන් ගහන ඩීල් කාරයන්ය. ඒ ඩිල් කොයි තරන්ද කියනවානම් දැන් කෝටි 15 ට විකුණුනේත් ඒ ඩීල් මය ඩීල් සියල්ලම වජිරගේ ගෙදරදි සිදු වු බවත් එහි ආව ගිය අය නම් වශයෙන් අපි සතුව තිබේ.
අවසානයේ තවත් නාකි මයිනන් රැනක් කරලියට ආවේ වෙනදා වගේම ඩීල් මතය. දැන් ආයෙත් මේ අන්තරේ මන්තරේ ජපකරන්න පටන් ගෙනය. ඒ උන්ගේ අම්මලාට කන්න අදින්න නැතුවම නෙවේ,විභාග පාස්කරගන්න බැරුවමත් නෙවේ, හොද කෙල්ලක් අල්ලන් කසාදයක් කරන් පැත්තකට වි ඉන්නත් බැරුවම නෙවේ.
ඒත් උන්වත් නොහිටින්න මේ ලක් පොලවේ “අම්බරුවන් ” තවත් උම්බෑ කියමින් දෙන දෙයක් කා වෙනදෙයක් බලන් සිටිනවා නොවනු මානය. යන්තම් හෝ දැන් අම්බරුවනුත් අන්තරේ කොල්ලන්ගේ පස්සෙන් එකා දෙන්න පෝලිමට ඒම එක් පැත්තකින් සැනසීමකි.
ඒත් ඒ සැනසීම උන්ගේ දෙමාපියන්ට ඇත්තේම නැත. රටේ උන්ට යහපත් හෙටක් හදන්න උන්ගේ අම්මලා තාත්තලා ගිනි වෙලිලාවත් ඉන්න බව නොදන්න අම්බරුවන් ඉන්න රටකට තවත්නම් නැගිටීමක් නැත. උපන් රටට වඩා තම බඩේ පෝෂණය ගැන හිතනන ජාතියක් ඉන්න රටක් මේක.