මිල්ටෙරි නන්දසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යාත්‍රාවකින් අද අළුයම මාලදිවයිනට ලඟා වූ බව අනාවරණය වේ.පසුගිය ජුනි 9 වෙනිදා කොළඹ පැවැති මහජන විරෝධයෙන් පසුව සැඟවුන මිල්ටෙරි නන්දසේනට රැකවරණය සපයන ලද්දේ ගුවන් හමුදාපති හා නාවුක හමුදාපති වරයා වේ.ඒ වන විට මිල්ටෙරි නන්දසේන යුද හමුදාව පිළිබඳව සැකයකින් පසුවූ බව වාර්තා වේ.
මිල්ටෙරි නන්දසේන ගුවන් යානා යාත්‍රාවක් ලබා දී ඔහු මාලදිවයිනට යාමට සියළු පහසුකම් සලසා දෙන ලද්දේ ගුවන් හමුදා පති සුදර්ශන ගුනවර්ධනය.මොහු යුද සමයේ මෙරට සිදුවූ යුක්රේන මිග් යානා වංචාවට සම්බන්ද වූවෙක් වූ අතර ඒ දිනවල ඔහු ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයකු ලෙස ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්තව සිටින ලදී.
කට්ටඬි ගුරුකම් කෙරෙහි විශ්වාසය තබා සිටින ගුවන් හමුදාපති වරයා හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට කට්ටඬි ගුරුකම් කළ අම්බලන්ගොඩ මානසික ආබාධිතයාගෙන් ගුරුකම් කටයුතු කර ගත් අයෙකි.මෙවැනි මානසික ආබාධිතයන් රටක ගුවන් හමුදාපති ධුරයට පත් කිරීමද හාස්‍ය ජනකය.අප එසේ කියන්නේ මෙවැනි මන්ද බුද්ධිකයන්ට වඩා මෙරට ගුවන් හමුදා පති හා යුද හමුදාපති කම් සඳහා කට්ටඩියන් පත් කිරීම වැදගත් යැයි සිටින නිසාය.එවිට සීනිගම දෙවියන් රටේ ආරක්ෂාව පිළිබඳව කට්ටඩි හමුදාපතිවරුන්ට උපදෙස් දෙනවා ඇත.
ඇතැම්විට ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මානසික ලෙඩුන් වූ කට්ටඩි යන්ගේ ගුරුකම් ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නට ඇත්තේ ඔහු ගේ දෙබිඩි ජීවිතය නිසා වන්නටද පුළුවන.වංචාකාරී ජීවිත ගෙනයන්නන් සිය හෘද සාක්ෂිය යටපත් කර ගන්නේ කට්ටඬි ගුරුකම් වලිනි.
මිල්ටෙරි නන්දසේන ආරක්ෂාව සඳහා මාලදිවයිනට යාම දෛවෝපගත සිදුවීමකි.මුසල්මානු ජාතිකයන් මෙරට අප්‍රසාදයට පත් වන ආකාරයෙන් විවිධ ජාතිවාදී දේශපාලන ව්‍යාපෘති මුදා හැර ජනපති තනතුරට පත් වූ මිල්ටෙරි නන්දසේනට අද පිහිට වී ඇත්තේද මුසල්මානු ජාතිකයන්ය.එබැවින් අපි මාලදාවයිනේ ජීවත්වන මුසල්මානු ජාතිකයන් වෙත අප කියා සිටින්නේ මිල්ටෙරි නන්දසේන යනු තිරිසන් මෙලේච්ඡ සතෙක් බවය.මෙරට මුසල්මානු සමාජයට එරෙහිව ජාතිවාදය අවුස්සා මුසල්මානු තරුණ කණ්ඩායමක් යොදවා ගනිමින් පාස්කු බෝම්බ ප්‍රහාරය කළ මිනීමරුවාද මේ මිල්ටෙරි නන්දසේන සේන බව අප මාලදිවයින් රජයේ බලධරයන් වෙත දන්වා සිටිමු.එබැවින් මෙවැනි මෙලේච්ඡ තිරිසනෙකුට ආරක්ෂාව සළසා දීමෙන් වලකින ලෙස මාලදිවයිනේ බලධරයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලමු.මාලදිවයින් ජනතාවද මේ මෙලේච්ඡ මුසල්මානු විරෝධියා පිළිබඳව ඉක්මන් තීරණයක් ගත යුතු යැයි යෝජනා කර සිටිමු.