වෙනත්

මිල්ටෙරි නන්දසේනට රටින් පැන යාමට උදව් කරන්නේ ගුවන් හමුදාපති හා නාවුක හමුදාපති බව හෙළිවේ

Spread the love

ගුවන් හමුදා පතිවරයාගේ රෙද්ද ගැලවී බිමට කඩා පාත් වී තිබේ.දැන් ඔහු හදන්නේ ගුවන් හමුදාවේ කීර්ති නාමය උකසට තබා තම නිරුවත වහගන්ටය.

සුදර්ශන පතිරණ වැනි තක්කඩියකු ගුවන් හමුදාපති කමේ සිටින තුරු ගුවන් හමුදාවට තම කීර්ති නාමය ගැන උදම් අනන්නට නොහැකි බව අප මතක් කර දීමට කැමතිය.මේ ගුවන් හමුදාපතියා එසේ මෙසේ එකෙකු නොවේ.මිල්ටෙරි  සම්බන්ධ හොර දෙටුවෙකි.
ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාව සන්තකයේ තිබූ ලියකියවිලි අස්ථාන ගත කෙරුවේද මේ හොර දෙටුවාමය.ම්ල්ටෙරි නන්දසේන මොහු ගුවන් හමුදාපති තනතුරට පත් කර ගන්නේ ඒ සඳහා සුදුසුකම් තිබූ ගුවන් හමුදා නිළධාරීන් දෙදෙනෙකු විශ්‍රාම යැවීමට කටයුතු කරමිනි.දැන් ගුවන් හමුදාවේ කීර්ති නාමය ගැන ප්‍රකාශ නිකුත් කරන මෙම ගුවන් හමුදාපතියා  අද සිටිය යුත්තේ වැලිකඩ ජම්පරය ඇඳලාය.ඒ තරමට දේශ ද්‍රෝහියෙකි. මවුබිමට ආදරය කරන දේශප්‍රේමියෙක් නම් යුද්ධය විකුණා ගෙන කන්නට මිල්ටෙරි නන්දසේනට ඉඩ දෙන්නේ නැත.එහෙත් මේ තක්කඩියා මිග් යානා ගනුදෙනුවට සම්බන්ධවී මිල්ටෙරි නන්දසේනට අත්උදවු සැපයූ නසරානියෙකි.තම හමුදාවේ කීර්ති නාමය ගැන ලව් ලෙටර් ප්‍රකාශයට පත් කොට නාහෙන් අඬන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකට අපට කියන්නට ඇත්තේ ඔය නොසන්ඩාල ගුවන් හමුදාපතියාගේ පැටිකිරිය ගැන අපට අටුවා ටිකා අවශ්‍ය නැති බවය.

මිල්ටෙරි නන්දසේන ඉජුක් කී විට වල්ගය වනන තරමට අද ගුවන් හමුදාපති හීලෑ වී ඇත්තේ ඒ දවස්වල එක මල්ලේ කුඩු කෑ නිසාය.රාජපක්ෂ සනුහරයේ දැන් හොඳම විශ්වාසවන්තයන් වී ඇත්තේ නාවුක හමුදාපති හා ගුවන් හමුදාපතියාය.මේ නොසන්ඩාලයන් දෙන්නා දත මිටි කන්නේ රාජපක්ෂ හොර දෙටුවන්ට ආරක්ෂිතව රටින් පැන යාමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහාය.

පොලීසිය නිර්දේශපාලනීකරණය කිරීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති වරයා ලෙස අජිත් ධර්මපාල හඬ පටයක් මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දේ නිකම්  ඉන්න බැරි කමට නොවේ.
පසුගිය නව වෙනිදා අරගලය ඇරඹීමෙන්
පසු රාජපක්ෂ නොසන්ඩාලයන් සැඟවී සිටියේ කොහේද කෑවා බීවේ මොනවාද යන්න ගැන ඒටු ඉසෙඩ් අපි දනිමු.
රාජපක්ෂවරුන්ට බලය අත්   හැර යාමට සිදු වීම ගැන වැඩියෙන් විඳවන්නේ මේ ගුවන් හමුදාපති නාවුක හමුදාපති වැනි ඔඩොක්කු කුක්කන්ය.
මැක්කන්ය.නිල මැස්සන්ය.රාජපක්ෂ වරුන් ⁣මෙරට දේශපාලනයේ නැති වීමෙන් මේ පර පුටුවන්ට පැවැත්මක් නැති වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ
කටුනායක ගුවන් තොටුපොලෙන් විදේශගත වීමට ගිය බැසිල් රාජපක්ෂට ආපසු හැරී යාමට සිදු වූයේ ගුවන් තොටුපොළ ආගමන විගමන නිළධාරීන් රාජකාරියෙන් ඉවත් වීම නිසාය.මේ වන විට මත්තල ගුවන් තොටුපොළ ආගමන විගමන නිළධාරීන්ද එලෙස රාජකාරි වලින් ඉවත් වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
දැන් ගුවන් හමුදාපති සුදර්ශන පතිරන සැලසුම් කර ඇත්තේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා තොටුපොළින් මිල්ටෙරි නන්දසේන රටින් පිට කිරීමේ වෑයමක නිරතව සිටී.නාවුක හමුදාපති උත්සාහ කරමින් සිටින්නේ මුහුදු මගින් රාජපක්ෂ වරුන් රටින් පිට කිරීමටය.
රට විනාශ කළ රාජපක්ෂ තක්කඩියන් කෙසේ හෝ අනීතික ආකාරයෙන් රටින් පිටව ගියහොත් එහි වගකීම ගුවන් හමුදා පති හා නාවුක හමුදාපති බාර ගත යුතුය.අප මින් ඔවුන් දෙදෙනාට අවවාද කර කරමු.ඒ ගුවන් හමුදාවේ හා නාවුක හමුදාවේ කීර්ති නාමය ගණිකා වෘත්තියේ  යෙදවීමෙන් වලකින ලෙසය.
රාජපක්ෂ තක්කඩියන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති  සියළු මෙහෙයුම් පිළිබඳව අප දැනුවත්ය.
රාජපක්ෂ වරුන් අනීතිකව රටින් පිටව ගියහොත් ඒ සඳහා අත් උදව් සැපයූ සියළුම දෙනා ජාතිද්‍රොහීන් ලෙස නාමකරණය කළ යුතු බව අපි සිහිපත් කරමු.එහිදී ගුවන් හමුදාපති හා නාවුක හමුදාපති පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලමු.

 


Spread the love

Leave a Comment

You may also like