වෙනත්

අරගලයේදී හමුදවෙ වෙඩි තබා ඇත්තේ විශ්‍රාමික කමාන්ඩෝ සෙබළෙකුට

Spread the love

පසුගිය ජුනි 9 වෙනිදා පැවැති මහජන අරගලය අවස්ථාවේදී යුද හමුදා තබන ලද වෙඩි වැදී දැන⁣ට ජාතික රෝහළෙහි දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවය කොට විශ්‍රාමගත් බලලත් නිළධාරියකු බව අනාවරණය වී තිබේ.⁣ඔහු මාතර දෙවුන්දර පදිංචි ජනක ලලිත් ජයසේනය.කමන්ඩෝ විශ්‍රාමික සංගමයේද ක්‍රියාකාරිකයෙක් වන ජනක ලලිත් ජයසේන පසුගිය යුද සමයේදී   උතුරු නැගෙන හිර හමුදා ක්‍රියාන්විත වලට සම්බන්ධ වූ සෙබළෙකි.එහිදී ඔහුගේ එක් පාදයකට වෙඩි වැදී ඇති බවද පැවැසේ.

අවුරුදු විසි දෙකක හමුදා සේවා කාලයක් සපුරා විශ්‍රාම ගෙන ඇති ජනක ලලිත් ජයසේන දරුවන් දෙදෙනෙකු ගේ පියකු වන අතර ඔහුගේ බිරිඳ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටී.

අරගලය අවස්ථාවේ බොහෝ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් අරගල කරුවන් සම්බන්ධයෙන් ඉතා ඉවසිලිමත්ව රාජකාරි කළ නමුත් රාජපක්ෂ වාදී හමුදා නිළදාරීන් ජනාධිපති ආරක්ෂක  ආරක්ෂක අංශයේ නිළධාරීන් හා පොලිස්  විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිළධාරීන්  පිස්සු බල්ලන් ලෙස හැසිරුණ බවද අනාවරණය වී තිබේ.

අරගලයට සම්බන්ධ වී සිටින ජනතාවට වෙඩි නොතබන ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් උපදෙස් දී තිබියදී රාජපක්ෂ වාදී ඔඩොක්කු කුක්කන් එම නියෝග නොතකා කටයුතු කර තිබේ.අනීතිකව කටයුතු කළ එම හමුදා හා පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අපි බලධරයන්ගෙන් ඉල්ලා සිටිමු.  


Spread the love

Leave a Comment

You may also like