උණුසුම් පුවත්

ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.

Spread the love

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පට්ට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය .

  අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි .

එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා නැවත එය වෙනත් නිලධාරියෙකු අත යවා තිබුණා එම ආගමන විගමන නිලධාරීන් එහි මුද්‍රා තැබීම ප්‍රතික්ෂේප කොට ඇත.

  මේ උද්ගත වූ තත්වයත් සමගම ජනාධිපතිවරයාට ඩුබායි බලා පිටත් වන ගුවන් යානය මගහැරී ඇත මේ වන විට ජනාධිපතිවරයා වහාම කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් සිටි .

 අද අළුයම එමිරේස්ට් බලා යන යානයෙන් බැසිල් රෝහණ නමින් ආසන 06ක් වෙන් කරගෙන තිබේ රටේ ජනතාව දැන් කටුණායකට පැමිණිය යුතුය. මේ හොරුන්ට පිටව යාමට කිසි සේත් ඉඩ නොදිය යුතුය.

මෙම සිද්ධිය ඇතිවීමත් සමගම නොසන්සුන් වී ඇති ගෝඨාභය දැඩි සේ කිපී කෑගසා ඇත.

කොන්ද පණ තිබු ලංකා පුත්‍රයනි ඔබට අපේ උත්තමාචාරය.


Spread the love

Leave a Comment

You may also like