අද සමාජය තුල වැඩියෙන් කතා බහට ලක් වී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිණි තැබීමෙි සිද්ධියයි.අප සමාජය බල්ලෙකු මහ පාරේ මැරී සිටිනු දැක ගත් විට අනේ අපොයි කියන සංස්කෘතික බැඳීමක් ඇති මානව සමූහයකි.
අරගලය අනුමත කළ අයවළුන්ද අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිවස ගිණි තැබීම පිළිබඳව කණගාටු වන බව දකින්නට හැකිය.සමාජය කම්පනයට පත් කළ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ මෙය සිරස රූපවාහිනියේ වර්තා කිරීම් තුළින් වූ පෙළඹවීම නිසා ඇතිවූ අවාසනාවන්ත ඛේදවාචකයක් ලෙසද වාර්තා කරන අයද නැත්තේ නොවේ.කෙසේවෙතත් මේ වන විට මේ මෙම ගිනි තැබීම දේශපාලනීකරණය වී ඇති බව නම් පෙනී යයි.එජාප ක්‍රියාධරයන් හිතන්නේ මන්ද පෝෂණය වැළඳී ගිලන්ව සිටින තම පක්ෂය මින් ගොඩ දාගන්නට හැකි බවය.
මිරිහාන බස් රථය ඇවිලවීම…..
අපට නම් මේ ගිණි තැබීම ගැන ඇත්තේ වෙනත් කතන්දරයකි.ඒ අපට රාජපක්ෂලාගේ තක්කඩි වැඩ ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙන නිසාය.අගමැතිගේ නිවස ගිණි තැබීම පිටුපස ඇත්තේ මිරිහාන බස් රථය ඇවිලවීම හා සමාන මෙහෙයුමක් බව පැහැදිලිය.
රුමේෂ් ලියනගේ….
අගමැති නිවස ගිණි තැබීමට පෙර සිරස මාධ්‍යවේදීන්ට එස්ටීඑෆ් සෙබළුන් විසින් පහරදී එළවා දැමේ.සිරස මාධ්‍යවේදීන්ට ඉතා නින්දිත ලෙස පහරදීමට අණදෙන්නේ සහකාර පොලිස් අධිකාරී රුමේෂ් ලියනගේය.මේ රුමේෂ් ලියනගේ ගේ පොලිස් පැටිකිරිය ඉතා අවලස්සනය.රාජපක්ෂවරුන්ගේ සෙරෙප්පු පවා ලෙව කන ජාතියේ පොලිස් කාරයෙකි.මොහු රාජපක්ෂ වරුන්ට සම්බන්ධ වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි අපකීර්තිමත් පොලිස්පති වරයා වූ මහින්ද බාලසූරියගේ පීඑස්ඕ විදියටය.මහින්ද බාලසූරිය පොලිස්පති පදවියට පත් කරවීමට මැදිහත් වන්නේ සජින් වාස් ගුනවර්දනය.
රුමේෂ් ලියනගේ මහින්ද රාජපක්ෂ පවුලට සම්බන්ද වන්නේ ඒ කාලයේදීය.පසුව පොලිස්පති පූජිත ජයසුන්දරගේද පීඑස්ඕ ලෙස පත් වන්නේද මොහුය.යහපාලනය කාලයේ පොලිස්පති වරයා වූ පූජිත ජයන්සුන්දර කරන කියන දේ ගැන රාජපක්ෂ වරුන්ට තොරතුරු සපයන්නා වූ මේ රුමේෂ් ලියනගේ පාස්කු ප්‍රහාරයට පවා සම්බන්ධතාවක් පවතී යැයි අපට සැකයක් පවතී.රුමේෂ් ලියනගේ හා ඇවන්ගාඩ් සේනාධිපති අතරද සම්බන්ධතාවක් පවතී.
සිරස මාධ්‍යවේදීන් එලවා දැමීම……
ඇවන්ගාඩ් සේනාධිපති යනු රාජපක්ෂවරුන්ගේ හනුමන්තා ලෙස හැදින්වීමේ වරදක් නැත.මෙරට සිදුවූ බොහෝ දේශපාලන අපරාධ මෙහෙයුම් වල කෙළවරක ඇවන්ගාඩ් සේනාධිපති සිටී.
අගමැති ගේ නිවස ගිණි තැබීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණ ගනනාවක් අපට ඇත.එම ගිණි තැබීමට පෙර සිරස මාධ්‍යවේදීන් එලවා දැමීම සිතා මතා සිදු කළ මෙහෙයුමකි.එම සිදුවීම දිගින් දිගටම සිරස මගින් ප්‍රචාරය වීමත් සමගම එහි පැමිණි විරෝධතාකරුවන් මෙම නිවස ගිනි ඇවිලවීමට හැකි ආකාරයෙන් ඉන්ධන ගෙන ආවේ කෙසේදැයි තවත් ප්‍රශ්ණයකි.රට පුරා ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක විරෝධතාකරුවන් සංවිධානාත්මකව අගමැති ගේ නිවස ගිණි තැබීමට ඉන්ධන ගෙන ආවේ යැයි සිතීම විහිළුවකි.මේ ගිණි තැබීමත් 9/5ප්‍රහාරයත් සමග රට පුරා ඇතිවූ නිවාස ගිණිතැබීම් අතරත් යම් සමාන බවක් දකින්නට තිබේ.
විදුලිය විසන්ධිවීම…..
අපට ඇති අනෙක් ප්‍රශ්ණය අගමැති නිවස ගිණි ඇවිලවීමට පෙර එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමයි.මෙම විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන මහජන උපයෝගිතා කොමිෂම කියා ඇත්තේ එම ප්‍රදේශයට ඒ මොහොතේ විදුලිය විසන්ධි කිරීමට උපදෙස් දී නොතිබූ බවත් මෙම හදිසි විදුලිය අක්‍රීය වීම ගැන කොමිෂම මගින් පරීක්ෂණයක් පවත්වන බවය.
මාධ්‍යවේදියාට පොල්ලකින් පහර දීම……
සිරස මාධ්‍යවේදියාට පහර දෙන අවස්ථාවේ සිදුවූ නිරූපනයක් ද අපගේ දැඩි අවධානයට ලක් වී තිබේ.එහිදී එම මාධ්‍යවේදියාට පොල්ලකින් පහර දීමට පැමිණෙන පොලිස් නිළධාරියකු ආපසු හරවා යවන පොලිස් නිළධාරියා විසින් එම පහරදීම කරනු ලබයි .මින් අපට හැඟී යන්නේ එම මාධ්‍යවේදීන්ට පහරදීමේ වගකීම ඒ ඒ පොලිස් නිළධාරීන්ට සැලසුම් සහගතව බාර දී තිබුන බවකි.
අගමැති නිවස ගිණි තැබීම……
එබැවින් අගමැති නිවස ගිණි තැබීම සැලසුම් සහගත පිටපතකට අනුව සිදුවූ දෙයක් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. රාජපක්ෂ සනුහරයට අමානුෂික මෙලේච්ඡත්වය ජානගතය.සිය බලය රැක ගැනීම සඳහා තමන්ගේ සමීපතමයා වුව කිසිදු පැකිලීමකින් තොරව බිල්ලට ගන්නා ජාතියේ සිත් පිත් නැත්තවුන්ය.
9/5 ප්‍රහාරය සිදුවූ දින එයට හොඳම උදාහරණයයි.එදින අරලියගහ මන්දිරයේ රැස්වීම සංවිධිනය කරන ලද්දේ යෝෂිත රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.ඔහු එම රැස්වීම සංවිධානය කොට එදින පාන්දර විදේශ ගත වූයේ යම් සැලසුමක් සහිතවය.මයිනා ගෝ ගමට හා ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කොට රට පුරා ජනතාව කුපිත කරවීම ඔවුන් විසින් සැලසුම්ගත මෙහෙයුමකි.එය තහවුරු වන්නේ එදින අරලිය ගහ මන්දිරයට පාක්ෂිකයන් රැගෙන ආ වාහන අංක මයිනා ගෝ ගමට පහර දෙනවාත් සමගම අන්තර්ජාලයට මුදා හැරීම තුළිනි.මෙම වාහන අංක ලේඛන සන්තකය තිබුණේ කා සතුවද යන්න විමසන විට එදින රාජපක්ෂ වරු සැලසුම් කළ තක්කඩි මෙහෙයුම කවර ආකාරයේද යන්න සිතා ගත හැක.
ඒ නිසා රට පුරා සිද්ධ වෙමින් පවතින සෑම කාරණයක් පිළිබදව ඉක්මන් තීරණ තීන්දු නොගන්නා ලෙසට රාජපක්ෂ තක්කඩියන්ට එරෙහි පාර්ශවයන්ගෙන් අපි ඉල්ලමු.