උණුසුම් පුවත්

ගෝඨා ජනපති මැදුරේ සිට කටුණායක ගුවන් හමුදා කදවුරට පැන ගත් ආකාරය.

Spread the love

සිංහල බෞද්ධ කිතුණු සියල්ලගේම පුද සත්කාරයට ලක්වු කොච්චිකඩේ මහපල්ලියේ වේලාව නතර වුයේ උදේ 0945 ටය. ඒ පාස්කු ප්‍රහාරයේ දිනයයි. 69 ලක්ෂයක් ඡන්දය දි ඒ අලතාරයේ තැවරුණ ලේ මතින් බලයට පැමිණි ගෝඨාභය අද ජනාධිපති මන්දිරයෙන් පොලිස් ජිප් රථයට නැග්ගේත් උදේ 0945 ටය. ඒ කොච්චිකඩේ පල්ලියේ වේලාව සටහන් වී තිබිණි.

ඒ වනවිට ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානාවලින් රටේ ජනතාව කොළඹට රැස්වීම පිලිබදව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිට දි ඇත්තේ අසත්‍ය වාර්තාවන්ය. එත් දවල් 1235 වන වුට ත්‍රිවිද හමුදාපතිවරු හා පොලිස්පති පැමිණියාය. එත් විටින් විට දේශබන්දු සුපුරුදු ගල් පැලෙන බොරු ගසා සියල්ලම මැඩලීමට නියෝග කරමින් සිටියාය.ජනතාව කොටුව ජනාධිපති මන්දිරට අසලට එම වලක්වා ලීමට අසාමාන්‍ය කදුළු වායු ගැසුවාය.

එත් රටේ ජනතාව කොළඹයට ඒ වනවිට පැමිණිම ඉතාම වේගයෙන් ඉහල යන බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් පෙන්න  දුන්නාය. එත් සමඟම වහාම ජනාධිපති වරයා එතනින් ඉවතට ගතයුතු බව කිවේ ගුවන් හමුදාපතිය. මේ මොහොත වනවිටත් ගෝඨාබහය කටුණායක ගුවන් හමුදා කදවුරේ සිට බලයරැක ගැනීමට තවත් ගේම් ගසනාවාදයි අපි නොසිතන්නෙමු. එසේ නම්  රටේ ධනය මංකොල්ලකන ලද මෙම හොරුන්  දැන් පොලිසිය  අත් අඩංගුවට ගත යුතුය.

එ වන විටත් බැසිල් රාජපක්ෂ කාටත් නොකියාම කටුණායකින් ඩුබායි බලා පිටව ගොස් සිටියාය. මහින්ද හා පවුලේ සියල්ලම නාවික හමුදාවට අයත් නැවකින් පිටව රටින් එලියට නොයා මේ ලියන මොහොත වනවිටත් ගැබුරු මුහුදේ නැම්ගුරන් ලා තින්බෙනවාය.

ගෝඨ භය මුලින්ම කිසිවකුටත් ඇස නොගැටෙන සාමාන්‍ය පොලිස් ජිප් රථයෙන් පොලිස් මුලස්ථානය අසලට පැමිණියාය. ඒත් සමඟම අරගල කරුවනද ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුමට ඇතුළු වීමට පොරකමින් සටන් පාට කියමින් සිටියාය. එත් සමඟම ගෝඨාභය හා බිරිදව නන්වාගත් ආරක්ෂක රථ පෙල ඉතාම වේගයෙන් කටුණායක ගුවන් හමුදා කදවුරට ඇදුනාය.

මහින්ද සමඟ පවුලේ සියල්ලම මේ වනවිට මහමුහුදේ සසරක් අතරමන්ව මුහුදේ පාවෙමින් සිටි. ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලා රටට කල විනාශය හා අහිංසක ජනතාවක් බිල්ලට දි ඔවුන්ගේ මල මිනිමතින් සිංහල බෞද්ධ නැමති බොඩ් ලෑලක් එල්ලාගෙන බලයට එම නිසාම ජනතාව සිටියේ අසාමාන්‍ය වෛරයෙකින්ය.

කෙසේ වුවත් එම ජනතාව අද එකා මෙන් එකට නැගිට්ටේ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතිවය. අපගේ මෙම රට මුදා ගැනීමේ මෙහෙයුමට යුධහමුදා බුද්ධි අංශයේ බොහෝ නිලධාරින් ගේ පුරණ සහාය ලැබුණි. එසේම විශ්‍රාමික කොමන්ඩෝ බලකායේ කර්නල්වරුන් ,බ්‍රිගේඩියර්වරුන් මෙන්ම දැනට සේවයේ සිටින යුධ හමුදා ,පොලිස් නිලධාරින්ගේ අවංක සහාය ලැබුණ බව අපි සිහිපත් කරන්නේ ඒ සියල්ලටම නිහතමානිව ආඩම්භරයක් ලැබිය හැකි නිසාවෙනි.

ඒත් එම කිසිදු නිලධාරියෙක් අපි හෙලි නොකිරීමට දිවි හිමියෙන් වගකීමෙන් සටහන් කරන්නෙමු. ලංකා දවසේ කතෘ මංඩලයේ කැපකිරීම ලංකාවේ සිට තොරතුරු ලබාගැනීම හා එවා විශ්ලේෂණය කිරීම ඉතාම බැරැරුම් කටයුතු කලේ තම පවුලේ දෙයක් සේ තරක විතර්ක කරමිනි.

අවසානයේ අපි ජයගත් නමුත් ජය රටේ පුරවැසියන්ට ඉන්න හිතෙන රටක් කිරීමට කැපවියයුතුය.  අපිද වගකීමෙන් හසුරවන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like