උණුසුම් පුවත්

රාජපක්ෂලා ගේ කළු සල්ලි

Spread the love

රාජපක්ෂ පවුලේ කළු සල්ලි බොහෝ රටවල තැන්පත් කර ඇත. බොහෝ විට ඒ එක් එක් අයගේ නමිනි.

ධම්මික පෙරේරාද රාජපක්ෂලාගේ සල්ලි වල නිල නොවන අයිතිකරුවෙකි.

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට ඇති ඔහුගේ සුවිශාල බංගලාව හදන කාලයේ එහි පැමිණ බාස් උන්නැහේලාට උපදෙස් දී ඇත්තේ නාමල් බේබිය.

ඒ ගෙයි අයිතිය ඔහුගේ නිසා වන්නට ඇත.

කටාර්හි තෙල් සමාගමක නාමල් රාජපක්ෂ කෙනෙක් අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇතත් ඒ වෙනත් නාමල් රාජපක්ෂ කෙනෙකු බව දැන් නාමල් බේබි පවසයි.

නාමල් බේබිගේ සල්ලි හා දේපළ තියෙන රටක් ලෙස කේමන් දූපත් ප්‍රසිද්ධය.

පසුගිය කාලයේ නාමල් බේබි හා ක්‍රිකට් ක්‍රීඩකයකු සමග ලොකු සම්බන්ධතාවක් තිබිණි.

මේ ක්‍රීඩකයා පොහොට්ටුව සමග දේශපාලනයේද නිරත වූ අයෙකි.

දැන් ඕස්ට්‍රේලියාවේ පවුල පිටින්ම වසන මොහු හා බිරිඳගේ නමින් කේමන් දූපත්වල කෝටි ගණනක මුදල් තැන්පත් කර හෝ ආයෝජනය කර තිබෙන බව වාර්තා වේ.

තරග පාවා දීම් ගැනද ප්‍රසිද්ධ මොහු මෙසේ ආයෝජනය කර ඇත්තේ එසේ උපයා ගත් මුදල් මෙන්ම නාමල් බේබිගේද මුදල් ය.

ඕස්ට්‍රේලියාවේද ඉඩම් මිළදී ගැනීමේ බිස්නස් එකක් පටන් ගෙන ඇති මොහු එයටද යොදවන්නේ නාමල් බේබිගේ මුදල් බවද ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අප සමග පැවසූහ.

පසුගියදා යෝෂිත ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේද මෙම මුදල් ගැන සොයා බැලීමට බව පැවසේ.


Spread the love

Leave a Comment

You may also like