උණුසුම් පුවත්

කැසිනෝ ආරවුල නිසා දේශපාලන සුනාමියක පෙරනිමිති පහල වේ

Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය ධම්මික පෙරේරා අතර ඇති වූ අර්බුදය ව්‍යාපාරික ගනුදෙනු මුල් කරගෙන නිර්මාණය වූ සිදුවීමක් බව අනාවරණය වේ. 

මුදල් අමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනය සඳහා වූ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත මගින්  පනවා තිබූ විධි විධාන බලාත්මක කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කෙරිණි.
ඉන් එවැනි ව්‍යාපාර නියාමනය කිරීම සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අය කර ගැනීමට අපේක්ෂිතය.

මෙම පනත් වලට අදාලව නියෝග නිකුත්  නොකිරීම නිසා මෙතෙක් කාලයක් කැසිනෝ කර්මාන්තය පවත්වාගෙන ගොස් ඇත්තේ නිසියාකාරව බදු ගෙවීමකින් තොරව බව හෙළිි⁣වේ.එහිදී මෙරට කැසිනෝ කර්මාන්තය සඳහා රජය බලපත්‍ර පවා නිකුත් කර නැති බවද අනාවරණය වී ති⁣බේ.

අමාත්‍ය ධම්මික පෙරේරා කැළඹීමට පත් වී ඇත්තේ මේ සිදුවීම මුල් කර ගෙනය. මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධම්මික පෙරේරා  විසින් මෙතෙක් මෙරට පවත්වාගෙන ගිය යටි බිම් ගත ව්‍යාපාර ජාලයේ බදු පැහැරහැරීම් හා අනීතික ස්වභාවය යථාවත් කිරීමට උත්සාහ කරන්නේ සද් භාවයෙන් නොවන බවද පැහැදිලිය.එය ⁣ඔවුන් දෙදෙනා අතර පවතින ජන්මාන්තර කෝන්තරය මුල් කර ගෙන සිදු වන්නකි.

මෙම ආරවුල නිසා රටට හෙළිවන විශේෂිත කාරණයක්ද තිබේ.ඒ රුපියල් සීයට දෙසීයට විනෝදය සඳහා බූරු පිටියක් පවත්වාගෙන යන අහිංසකයන් බරපතල අපරාධකරුවන් ලෙස කුදලාගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කොට දඬුවම් ලබා දෙන රටක දීර්ඝ කාලයක් ති⁣ස්සේ මෙරට කැසිනෝ සූදුව පවත්වාගෙන ගොස් ඇත්තේ මෙරට පවතින නීතියට වසන් වෙමින් බවය. 

සැබැවින්ම මෙම ආරවුල මිල්ටෙරි නන්දසේනට එරෙහිව බැසිල් රාජපක්ෂ මෙහෙයුමේ කොටසක්  ලෙසද සැලකිය හැකිය.එහිදී රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ මිල්ටෙරි නන්දසේන පාර්ශවයයි.කෙසේවෙතත්  අමාත්‍යවරයකු ලෙස පත් වූ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු නියෝජනයේ නවකයකු  වේ.එහෙත් ඔහු මුදල් අමාත්‍ය වරයා වූ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත අද  ඉදිරිපත් කළ අභියෝගය නිසා මෙරට දේශපාලන ක්ෂේත්‍රය  තුළ සුනාමියක් මතු වීමේ අවදානමක් පවතී.

  


Spread the love

Leave a Comment

You may also like