අමාත්‍ය ධම්මික පෙරේරා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති තනතුරෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කරන ලදී.
ඔහු එහිදී මෙසේද කීයඅගමැති රනිල් වික්‍රමසිංහ මේ වන විට ගහන දේශපාලන ගේම් එක නැවැත්විය යුතුයි.ඔහුට කිසිම වැඩ පිළිවෙලක් නෑඅද රටට අවශ්‍ය ඩොලර් .ඩොලර් නැති කම නිසා ජනතාවට කන්න බොන්න නෑ ජීවත් වෙන්න විදියක් නෑ.අරගල කෙරුවා කියල මේ ප්‍රශ්ණ විසදන්න බෑ.හැමෝම ඉදිරියට එන්න ඕන විසඳුම් එක්ක.නවවෙනිද අරගලයක් කරන්න අවශ්‍ය නම් ඩොලර් හොයන අරගලයක් කරන්න කියල මා ඉල්ලනවා.ඩොලර් නැති වුනොත් මේ රට තව පහලට වැටෙනවා.මුදල් ඇමති හැටියට රනිල් වික්‍රමසිංහ කරන දේශපාලන ගේම් එක දැන් නැවැත්විය යුතුයි.ඩොලර් ගේන හැම ව්‍යාපෘතියක්ම එයා නවත්වනවා.අගමැතිට කිසිම සැලසුමක් නෑ රට තුළ පවතින මුදල් සම්බන්ධව.ඔහුට කිසිම සැලසුමක් නෑ ජනතාවට කන්න බොන්න දෙන එක සම්බන්ධව.ඔහුට කිසිම සැළසුමක් නෑ රටට ඩොලර් ගෙන ඒම සමිබන්ධව.අගමැති මේ වෙලාවෙ ජනතාවගෙ ප්‍රශ්ණ කිය කිය ඉන්නෙ නැතුව මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය.
මුදල් ඇමතිතුමගේ පුරුද්දක් තියෙනවා රටට ඩොලර් ගෙන එන ව්‍යාපෘති නවත්වනවා.මම ඉදිරියේදී මේවාට එරෙහිව කටයුතු කරනවා.
අගමැති රනිල්ට එරෙහිව ඇමති ධම්මික නැගී සිටී