උණුසුම් පුවත්

අල්තාරයේ ලේ ගැල්වු පාස්කු ප්‍රහාරයේ ඇඟ ලොමුදැහැගැන්වෙන ඇත්ත කතාව (2 වන කොටස)

Spread the love

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආමි මොහිදින්  පොලීසියෙන් අත් අඩංගුවට ගන්නා ලදී.ඔහුගෙන් ලැබුණ තොරතුරක් අනුව 2019 අප්‍රේල් 26 සමන්තුරේ නිවසක් වැටලූ පොලීසියට රසායන හා බෝම්බ සෑදීමට ගන්නා  ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගන්නා ලදී.ආමි මොහිදින් හමුදා ඔත්තුකරුවකු වූ බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙළි වී තිබේ.

ආමි මොහිදින් හමුදා ඔත්තුකරුවකු……

2019 අප්‍රේල් මස 16 වනදා කාතන්කුඩි අසල පලමුනේහීදී දුරස්ථ පාලකයින් මෝටර් සයිකලයක් පුපුරවා හරින ලදී.
එල්ටීටියෙන් පසුව මෙවැනි අත් හදා බැලීමකට දක්ෂයන් නැගෙනහිර ප්‍රදේශයේ සිටියේ නම් ඒ හමුදා පසුබිමක් වූ අයවළුන් පමණකි.මෙම පිපිරවීම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ අත් හදා බැලීමක් බව පැහැදිලිය.
මේ සියළු කාරණා පදනම් කර ගනිමින් පාස්කු ප්‍රහාරය සඳහා සහරාන් හා ඔහු⁣ සමග සම්බන්ධ වූවන් අදෘශ්‍යමාන බළල් අතකින් මෙහෙයවූවන් බව අපට ස්ථිරය.සහරාන් හා ප්‍රහාරයට සම්බන්ධ   වූවන් යොදා ගෙන තිබුණේ එම බෝම්බ තිබූ බෑග් අදාල ඉලක්ක පථයේ තබා පිටවිය යුතුය යන උපදෙස් මත පිහිටාය.⁣
දුරස්ථ පාලකයින් මෝටර් සයිකලයක් පුපුරවා හැරෙන්නේ ඒ මෙහෙයුමේ සාර්ථකත්වය නිගමනය සඳහා බව පැහැදිලිය.සහාරාන් පාර්ශවය දුරස්ථ පාලකයකින් බෝම්බ පිපිරවීමේ තාක්ෂණය පිළිබඳව දැනුවත්ව සිටි බව මේ අත්හදා බැලීමෙන් තීරණය කළ හැකිය.එය එසේ වන්නේ නම් සහරාන් ප්‍රමුඛ කණ්ඩායම  මරාගෙන මැරෙන මෙහෙයුමකට සම්බන්ධ වීම කිසි සේත්ම පිළිගත හැකි සිදුවීමක්ද නොවෙි.

 හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර……..

සහරාන් හා පාස්කු ප්‍රහාරයෙන් බිලි වූ සහරාන් ගේ සගයන්ද අදෘශ්‍යමාන හස්තයකින් පාලනය වූ දුරස්ත පාලකයක් මගින් විනාශයට පත් කෙරිණි.සහරාන්ට කිසි දිනක මරා ගෙන මැරෙන අදහසක් නොතිබූ බව ඔහුගේ මිතුරන් පවා ප්‍රකාශ කර තිබේ.තවදුරටත් අන්තවාදී ආගමික නිකායක නායකයකු වශයෙන් සහරාන් තමන්ට එරෙහි සිංහල බෞද්ධ තීරුව අත් හැර කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විනාශයට පත් වීම කිසි සේත්ම එකඟ විය හැකි කාරණයක්ද නොවේ.

කෙසේ හෝ සහරාන් බිලි බෝයිස්ලා වූ බව පැහැදිලිය.එහි අස්වැන්න නෙළා ගත්තේ මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරයයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු පරීක්ෂණයක් නැත.නමුත් එය කාගේ වුවමනාවකට කවුරුන් විසින් සිදු කරන ලද  සාහසික ප්‍රහාරයක්ද යන්න රටේ ජනතාවට වැටහෙමින් තිබුණි.කාදිනල් උන්නාන්සේ එය මෙම සාහසික ක්‍රියාව ජාත්‍යන්තරය  දැනුවත් කෙරිණි.පාර්ලිමේන්තුව තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව බරපතල ප්‍රශ්ණ කිරීම් සිදු කරන ලද්දේ මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ය.

පාස්කුවේ සැබෑ ස්වරූපය අනාවරණය වෙමින් තිබුණි.වෘකයන් දඩයමේ ගිය දඩයක්කරුවන් වෘකයන්ගේ ග්‍රහණයට ගැණිනි.ඒ මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු ගේ ⁣කටවල් වසා දමමිනි.⁣සැබවින්ම සමගි ජන බලවේගය නියෝජනය කළ මේ දෙදෙනා මිල්ටෙරි නන්දසේන විසින් බිලි බා ගන්නට හේතු වූ ප්‍රධාන කාරණය පාස්කු ප්‍රහාරය බව පැහැදිලිය.රට පුරා ඇති වෙමින් තිබුණ වෙනස්වීම් සමග පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරු පාර්ශවයන් සිටියේ බරපතල අවදානමකය. ඔවුන් ඉතා බියට පත් වෙමින් තිබුණි.

මේ සාහසිකයන්ගේ නිදහසට තිබුණේ එකම අවස්ථාවකි.ඔවුන් සැලසුම් සහගතව මෙරට ආර්ථිකය අර්බුදයකට ලක් කරන ලද්දේ ඒ අවසාන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි.දැන් ඔවුන් පාස්කු ප්‍රහාරයේ චෝදනා වලින් නිදහස්ය.

මේ කාරණය තහවුරු කිරීමට අපට අවසන් වශයෙන් සාක්ෂියක් ලැබී තිබේ.ඒ සහරාන්ට ඉතා සමීපව සිටි බවට චෝදනා කරමින් පොලිස් අත් අඩංගුවට ගෙන සැක පිට බන්ධනාගාර ගත කොට සිටි ආමි මොහොදින් පසු ගියදා නිදොස් කොට නිදහස් කර  තිබේ.

මිල්ටෙරි නන්දසේන රටම අනතුරට දැම්මේ හා රට තුළ ආර්ථික අර්බුදයක් ඇති කරන ලද්දේ සැලසුම් සහගතව බව අපි මේ සාක්ෂි මත චෝදනා කරමු.

තමන්ගේ බෙල්ලට වැටෙන්නට ආ තොණ්ඩුවෙන් මිල්ටෙරි නන්දසේන නිදහස් වූයේ කෝටි ගනනාවක් ජනතාව  බිල්ලට දීමෙනි.මේ සැලසුම තුල විදේශ රටක් ඇති බවටද අපේ සැකයක් තිබේ.


Spread the love

Leave a Comment

You may also like