මුළු රටම තිබෙන්නේ බිමට පාත් වෙලාය.එහෙත් මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරයට ඒ පිළිබඳව වගේ වගක් නැත.රාජපක්ෂවරු හැට නව ලක්ෂයක් ගොන් වස්සන්ට ඇන්දුවේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බියකරු චිත්‍රයක් අඳිමිනි.ඒ චිත්‍රය වර්ණ ගැන්වූයේ පාස්කු ප්‍රහාරයෙන් ගලා ගිය අහිංසකයන් ගේ රුධිරයෙනි.පාස්කු ප්‍රහාරයත් සමගම මෙරට සමස්ත සමාජයම දැඩි තිගැස්මකට ලක් වූ බව අපට මතකය.ඒ තිගැස්ම තුල ඉහළට එසවුනේ මිල්ටෙරිනන්දසේනය.සියල්ලන්ගේම ගැලවුම් කාරයා වූයේ මිල්ටෙරි නන්දසේන විය.
මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ මිල්ටෙරි නන්දසේන හා සම්බන්ධ යුද හමුදා නිළධාරීන් පිරිසක් බව අප වගකීමෙන් යුතුව සඳහන් කරමු.යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ සිට මිල්ටෙරි නන්දසේන හා සම්බන්ධ හමුදා බුද්ධි අංශවල සම්බන්ධ කිහිප දෙනෙකු ආගමික නායකයන් හා දේශපාලන නායකයන් ඉත්තන් ලෙස යොදවා ගෙන ඒ සඳහා පාස්කු ප්‍රහාරයට අවශ්‍ය කෙරෙන ආකාරයට මෙරට ජන මනස ගොඩ නැගීමට සැලසුම් කෙරිණි.වඳ සැත්කම් හා වඳ කොත්තු වැනි ව්‍යාජ ප්‍රචාරණයන් උපයෝගී කර ගත්තේ ඒ සඳහාය.
අවසානයේදී දඩයක්කාරයන් ගොදුරට ගත්තේ කතෝලිකයන්ය.සැබෑවටම සහරාන් ප්‍රහාරයක් එල්ල කෙරුවේ නම් එම ප්‍රහාරය එල්ල කළ යුතු වන්නේ සිංහල බෞද්ධයන් ඉලක්ක කර ගනිමිනි.මෙරට දේශපාලන බලය උදුරාගැනීම දඩයක්කාරයන්ගේ අවශ්‍යතාවය විය.ඒ සඳහා ඇවිලුම් බිලිය වූයේ සහරාන්ය.මුස්ලිම් චන්ද රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට බාධාවක් වනු ඇති බවට රාජපක්ෂ පාර්ශවය ගනන් හදා තිබුණි.
මුස්ලිම් ජනයා චන්ද නොදෙන වටපිටාවක් නිර්මාණය කිරීමෙන් ඒ තුළ සිංහල බෞද්ධ චන්ද පදනම ඉලක්ක කර ගත හැකි විය.කතෝලික ප්‍රජාවේ කෝපයද මුසලාමානුන්ට එරෙහිව යොදා ගැනීමත් ඒ සැලසුමට අයිති විය.
හමුදා බුද්ධි ඔත්තුකරු වු සහරාන් හසීම්….
සහරාන් හමුදා බුද්ධි අංශය සමග දීර්ඝ කාලයක සිට ගනුදෙනු කරන්නෙක් විය.
ඇතැම් අවස්ථාවලදී ඔහුට එරෙහිව අධිකරණය දුන් නියෝග සම්බන්ධයෙන් පවා පොලීසිය එතරම් උනන්දුවක් නොවූ බව පෙනී යයි.පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කරමින් සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රාජ්‍ය විරෝධි් කුමන්ත්‍රණයකට සම්බන්ධ කිරීම තුල දඩයක්කාරයන් විසින් ඔහු කෙතරම් ආරක්ෂා කරාද
යන්න සිතා ගත හැකිය.
පලනි බාබා ඝාතනය ටී 56 – අවිය යුද හමුදා බුද්ධි අංශය බාරයට…….
එය තහවුරු කෙරෙන හොඳම සාක්ෂිය ලෙස ගත හැක්කේ කාතන්කුඩියේ පලනි බබා ඝාතනයයි.2017 මාර්තු 10 වන දින කාතන්කුඩියේ අල්ලියාර් හන්දියේ සිදුවූ පහර දීමකදී ආයුද රැගත් පිරිස සමග සහරාන් සිටි බව වාර්තාවේ.මෙහි හොඳම සාක්ෂි කරුවා වූයේ අල්ලියාර් හන්දියේ තේ කඩයක් කළ ආදම්බාවී මොහොමඩ් ඉස්මයිල් නොහොත් පලනි බාබාය.පලනි බාබා එදින එහි සිදුවීම පිළිබදව සාක්ෂිකරුවකු වීම ගැන සහරාන් සිටියේ නොසතුටෙනි.2018 ජුනි මස 18වන දා පලනි බාබා කාතන්කුඩියේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
යතුරු පැදියක පැමිණි ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.ඒ ඝාතකයන් වූයේ ඉස්ලාම් ආගම වැළඳගෙන කතෙන්කුඩියෙන් විවාහ වී සිටි එල්ටීටී සංවිධානයේ හිටපු දෙමල ජාතිකයකු වූ හුසේන් හා ආමි නවුෆර්ය.මේ දෙදෙනා සහරාන්ට එරෙහිව තිබූ සාක්ෂිය නැති කිරීමට යොදා ගත් පුද්ගලයන්ය.එහිදී සිදුවූ වැදගත්ම කාරණය වන්නේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ඝාතකයන් විසින් එම ඝාතනය සදහා යොදා ගන්නා ලද ටී පනස් හය යුද හමුදා බුද්ධි අංශය බාරයට ගැනීමය.එම අවිය මෙතෙක් පොලීසියට බාර දී නැත.හමුදා බුද්ධි අංශය පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ එම අවිය තමන් සතු අවියක් බවය.එහෙත් යම් අපරාදයකට සම්බන්ධ ගිණි අවියක් සම්බන්ධයෙන් පොලීසිය උනන්දුවක් නොදැක්වීම නීතිය දන්නා ඕනෑම කෙනෙකුට පුදුම සහගත කාරණයක් වනු නිසැකය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් මරාගෙන මැරෙන තරමේ සිත හදා ගන්නට තරමේ පුද්ගලයන්ද නොවේ.
කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ බෝම්බය පිපිරවීමට සම්බන්ධ වූයේ දෙමටගොඩ මොහොමඩ් ඊබ්‍රාහිම් ගේ පුත්‍රයා වන ඉල්ෂාම් සීලවන්ය.ඔහුගේ වත්කම ඩොලර් මිලියන හතලිහක් පමණ වේ.සැම්බියාව හා ජපානය වැනි රටවල පවා ඔහුගේ ව්‍යාපාර තිබී ඇත.කිංස් බෙරි හෝටලය තුළ බෝම්බය පුපුරවා ගත්තේ ඔහගේ මල්ලී වන ඉල්හාම්ය.කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුල බෝම්බ පිපිරවීමට සම්බන්ධ ඔවුන්ගේ මස්සිනා බව කියවේ.කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට ආ මට්ටක්කුලියේ මොහොමඩ් දාවුද් ගේ පියා ලංකාවේ ප්ලාස්ටික් බඩු නිශ්පාදනය කරන කෝටිපති ව්‍යාපාරිකයෙකි.ඔහු එල්එල්බී උපාධිය හදාරා නීති විද්‍යාලයට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටි අයෙකි.ඔහු පාස්කු ප්‍රහාරයෙන් මිය
යන විට ඔහුගේ බිරිද මාස නවයක ගැබිණියකි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් අට දෙනෙකු බව අනාවරණය වී තිබේ.මෙම පුද්ගලයන් අධ්‍යාපන වශයෙන් ඉහල තත්වයක සිටි විදෙස් රටවල අධ්‍යාපනය හැදෑරූවන් වේ.ඔවුන් කෝටිපතියන්ය.
අප මොවුන් ගේ පවුල් පසුබිම ගැන සඳහන් කරන ලද්දේ පාස්කු ප්‍රහාරය සිදුවූ ආකාරය ගැන වඩාත් ශක්තිමත් පදනමක් සලසා ගැනීමටය.කොටින්ම කියතොත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් ක්ෂණික මරාගෙන මැරෙන්නන් වීම අරුම පුදුම සහගතය.ඔවුන් සහරාන් සමග දීර්ඝ කාලයක ඇසුරු කරන්නන්ද නොවේ.
හමුදා බුද්ධි අංශ නිළධාරීන් ජමාල් ගේ බිරිඳගේ නිවසට……
මෙහිදී එක් වැදගත් චරිතයක් වන්නේ කොළඹ ටාජ් හෝටලයේ බෝම්බ පිපිරවීම සඳහා ගිය ජමාල් නැමැත්තා යම් හේතුවක් නිසා තමන් ගෙනගිය බෝම්බය රැගෙන ආපසු දෙහිවල ටොපිකොන් හෝටලයට පැමිනේ.ටාජ් හෝටලයේ සිට ඔහු දෙහිවලට පැමිණෙන අතර තුර කාලයේදී හමුදා බුද්ධි අංශ නිළධාරීන් ජමාල් ගේ බිරිඳගේ නිවසට ගොස් ඇති බව වාර්තා වී තිබේ.ඉන් හැඟී යන්නේ ජමාල් කටයුතු කර ඇත්තේ හමුදා බුද්ධි අංශයේ අධීක්ෂණයේ බවය.ටාජ් හෝටලයේ බෝම්බය රැගෙන ආ ජමාල් ඉන් පිටව දෙහිවලට පැමිණ ටොපිකන් හෝටලයේ බෝම්බය තබා දෙහිවල පල්ලියකට ගොස් ඇත.ජමාල් ගේ අනන්‍යතාවය පිළිබඳව සැකයක් ඇතිවී එහි සිටි ආරක්ෂක නිළධාරියෙකු විසින් ඔහු ප්‍රශ්ණ කර තිබේ.එහිදී ජමාල් පවසා ඇත්තේ බිරිඳ සමග ආරවුලක් නිසා තමා නිවසින් පැමිණි බවත් අවශ්‍ය නම් බිරිඳ ගෙන් විමසන ලෙසත්ය.එවිට ආරක්ෂක නිළධාරීයා ජමාල් ගේ බිරිඳට දුරකතන ඇමතුමක් ගන්නා විට එම ස්ථානයේ හමුදා බුද්ධි නිළධාරීන් සිටි බව අනාවරණය වේ.පසුව එම ආරක්ෂක නිළධාරීයා තමන් ඇමතුවේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන් බව තහවුරු කර ගත් බව ඔහු විසින් ජනාධිපති විමර්ශන කොමිෂමේ සාක්ෂි දෙමින් හෙළි කරන ලදී.
ඇමරිකානු පෙඬරල් බියුරෝව හෙවත් එෆ්බී අයි……..
පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු පෙඬරල් බියුරෝව හෙවත් එෆ්බී අයි හරහා සහරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුගේ ප්‍රොටෝකෝල් හෙවත් අයි පී ලිපිනයක් සීඅයිඩී නිළධාරීන්ට හැකි විය.එහෙත් ඔහු සීඅයිඩීයට ඒ හා සම්බන්ධ කිසිම තොරතුරක් ලබා නොදුන් අතර එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වී එම පුද්ගලයා සීඅයිඩියේ රඳවා තබා ගැනිිමෙන් වලක්වාලීය.ඒ එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම ජාතික ආරක්ෂක හේතු මත කළ රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් බව අඟවමිනි.
පොඩි සහරාන්…..
මේ අතර කාලයේදී මාතලේ පොලීසිය විසින් සහරාන් සමග සම්බන්ධව සිටි මාතලේ සහරාන් නොහොත් පොඩි සහරාන් නැමැත්තෙකු අත් අඩංගුවට ගන්නා ලදී.පසුව සීඅයිඩීය විසින් පොඩි සහරාන් ප්‍රශ්ණ කරන විට ඔහු සොනික් නැමැති පුද්ගලයකු සමග සංනිවේදනය කළ බව හෙළි විය.
ජාතික බුද්ධි සේවාවේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර
අයි පී ලිපිනය හරහා සීඅයිඩීය සොනික් ගේ සිම් කාඩ් පත සොයා ගැනුන අතර ඒ පිළිබදව කළ විමර්ශනයේදී එය කොළඹ නාගරික රථවාහන පොලීසියේ පොලිස් කාන්තාවකට අයිති බව හෙලි කර ගැනිනි.එම පොලිස් නිළධාරණිය සීඅයිඩීයට ප්‍රකාශ කරන ලද්දේ එම සිම් පත තමන් විසින් ජාතික බුද්ධි සේවාවේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට ලබා දුන් එකක් බවය.එම උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සීඅයිඩී විසින් ප්‍රශ්ණ කිරීමේදී පොලිස්පති සම්පත් ලියනගේ විසින් බණ්ඩාර හා පොඩි සහරාන් අතර සම්බන්ධය ජාතික ආරක්ෂාව පිළිබඳ රහස් මෙහෙයුමක කොටසක් බව පවසමින් එම ප්‍රශ්ණ කිරීම වලක්වන ලදී.
පාස්කු ප්‍රහාරයට යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය වූයේ ටී.ඒ.ටී.පී වේ.ඇසිටෝන් පැරසයිට් හා හයඩ්‍රජන් පැරසයිට් යොදා ගෙන නිශ්පාදනය කරන මෙය දියර හෝ කුඩු ලෙස භාවිතා කෙරේ.
සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යයයි.පාස්කු ප්‍රහාරයේ පිපිරුණ බෝම්බ බෑගයක කිලෝ විස්සක් විසි පහක් පමණ පුපුරණ ද්‍රව්‍ය තිබුන බවට සැක කෙරේ.
ඇවන්ගාඩ් සමාගමට අයත් ලොරි රථයක් …..
බෝම්බ නිශ්පාදනය කරන ලද්දේ පානදුර කෙසෙල්වත්ත පරත්ත පාරේ ෂෙරීප් මාවතේ නිවසක් හා දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිවු මහල් නිවසකි.මෙම නිවසට පැමිණි ලොරි රථයක් පිළිබඳව පාස්කු ප්‍රහාරයට පසුව පැවැති පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.එම රථය පාස්කු ප්‍රහාරයට පෙර බණ්ඩාරගම අධිවේගී පිවිසුමේදී එහි රාජකාරියේ නිරත පොලිස් නිළධාරියකු නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.එහෙත් එම රථයේ ඇත්තේ විදේශයකින් ගෙන්වන සුරතල් මත්ස්‍යන් බවත් ඒවා ඇවන්ගාඩ් සමාගමට අයත් බවත් රියදුරා පොලිස් නිළධාරියාට පවසා ඇත.
නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්…..
ඒ අතරේ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් එම පොලිස් නිළධාරියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ වහාම ලොරිය නිදහස් කරන ලෙසය.ඉන්පසුව ලොරිය කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබේ.ඇවන්ගාඩ් හිමිකරු වන මේජර් සේනාධිපති ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවය කළ මේජර් වරයෙක් බවත් ඔහු බෝම්බ නිශ්පාදනයේ ප්‍රවීණයකු බවත් අමතක නොකළ යුතු කරුණකි.