උණුසුම් පුවත්

සතා නාලක නිදහස් කරන්න යැයි පොලිස් ඇමති ටිරාන් උපදෙස් දුන්නා යැයි සීඅයිඩීය මහේස්ත්‍රාත්ට පවසලා

Spread the love

මිරිහාන සාමකාමී උද්ඝෝෂණය සිදුවූ අවස්ථාවේ ගිනි තබන ලද යුද හමුදාවට පවරා ගෙන තිබූ බස් රථය (පවරා ගැනීමත් සමඟම රජයේ දේපලක් වේ) පදවා ගෙන ආ  දැනට බන්ධනාගාර ගත කොට  සිටින සතා නාලක නැතහොත් අශාන්ත නාලක නැමැත්තා පසුගියදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලබා දීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් උත්සාහයක් මහේස්ත්‍රාත්වරයා විසින් ව්‍යර්ථ කර තිබේ.

“සතා නාලක” නැතහොත් අශාන්ත නාලක නැමැත්තා මිරිහාන සාමකාමී උද්ඝෝෂණය අවස්ථාවේ හමුදාව සන්තකයේ තිබුණ එම බස් රථය පදවා ගෙන විත් මිල්ටෙරි නන්දසේනගේ නිවස ඉදිරිපිට නතර කිරීම නිසා ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීමට බාධාවක් වී යැයි පොලීසිය අධිකරණයට කියා තිබුණි.පොදු දේපොල පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා නගා තිබේ.

පසුගියදා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලා ඇත්තේ “සතා නාලක” ⁣නැතහොත් “අශාන්ත නාලක⁣ට ” විරුද්ධව චෝදනා කර ඇති බස් රථය පොදු දේපොළක් නොවන නිසා ඇප ලබා දෙන ලෙසය.එහෙත් එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්ණ කර ඇත්තේ එම බසය ඒ වන විටත් හමුදාවට පවරා ගෙන ඇති හෙයින් එය පොදු දේපොලක් නොවන්නේ කෙසේද කියාය.

මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ගොස් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ සම්බන්ධයෙන් නියෝග කෙරුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවය.

අදාල සැකකරු⁣ට ඇප ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් නොපැමිණියේ මක් නිසාදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්ණ කළ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ගැන නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස් දැනුවත් බවය.

සතා නාලක නොහොත් අශාන්ත නාලක පාතාල කල්ලි හා සම්බන්ධකම් පවත්වන අයෙකු බවද ප්‍රසිද්ධ පාතාල කල්ලි සාමාජිකයකු ඔහුගේ ඥාතියකු බවටත් තොරතුරු වාර්තා වී තිබේ.

මොහු හමුදා බුද්ධි අංශ විසින් යොදවා ගෙන ඇති සිවිල් පුද්ගලයෙකු බවට සැක කළ හැකි අතර ඇවන්ගාඩ් සේනාධිපතිගෙන්   වැටුප් ලබන්නෙක් බවද අනාවරණය වේ.ඇවන්ගාඩ් කාර්යාලයට සමීප පිටකෝට්ටේ මැෂින් ලේන් හි මොහු පදිංචිව සිටී.

මෙම පුද්ගලයා 9/5 ගාලු මුවදොර ප්‍රහාරය වූ අවස්ථාවේ යකඩ පොල්ලකින් සාමාකාමී විරෝධතාකරුවෙකුට පහර දෙන ආකාරය අන්තර්ජාලයේ දැක්වේ.එම පහර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පුද්ගලයාට එරෙහිව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා  කර නැත.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අළුත්කඩේ පිහිටි නීතිපති කාර්යා⁣ලයේ දිලීප පීරිස් ගේ නිල කාමරයේ නිතර රැඳී සිටිනු දැක ගත හැකි බව නීතිඥවරු පවසති. 


Spread the love

Leave a Comment

You may also like