මිල්ටෙරි නන්දසේන ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස පත් කළ කමල් ගුණරත්නගේ නිවසක අළුත් වැඩියා කිරීම් වල යොදවා සිටි ඉංජිනේරු බලකායේ සෙබළෙක් වහලෙන් වැටී මරණයට පත්වී ඇතැයි වාර්තා වේ.ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නටඅයත් කොට්ටාව පන්නිපිටිය බෝගහවත්ත පිහිටි නිවසක් පිළිසකර කිරීමේදී මෙම සෙබළා අනතුරට ලක්ව මියගිය බව දැන ගැන්මට තිබේ.මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුවිට එරත්න අඩවිකන්ද පදිංචි එන්.කේ.චමින්ද පේමදාස නැමැති හතලිස් හැවිරිදි සෙබලෙකි.මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.අෂරොෆ් රෑමි විසින් සිදු කර ඇත.මියගිය සෙබළාගේ බිරිඳ වන වත්සලා ලක්මාලි වික්‍රමරත්න මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත්තේ පසුගිය විසි පස්වනදා ආරක්ෂක ලේකම්වරයාට අයත් කොට්ටාව පන්නිපිටිය නිවසක වහළ අලුත්වැඩියාවට ගොස් සිටියදී එම නිවසේ වහලින් වැටී තමා සැමියා මිය ගිය බව ආරංචි වූ බවය.මෙම මරණ පරීක්ෂණයේදී ශාන්ත කුමාර නම් සෙබළෙකු ද සාක්ෂි දී තිබේ. ඔහු එහිදී කියා ඇත්තේ තමන් ප්‍රේමදාස නම් සෙබළා සමග පනාගොඩ ඉංජිනේරු රෙජිමෙන්තුවේ සේවයේ යෙදී සිටියදී අණදෙන නිළධාරියාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් තුමාගේ නිවසේ වහලය හදන්නට ගිය බවත් එහි වහලේ වැඩ කරමින් සිටින විට වැස්සක් වහින්ට පටන් ගත් බැවින් වහලින් බසින්ට ගිය ප්‍රේමදාස අඩි විස්සක සිට බිමට වැටුන බවත්ය.ඒ වෙලාවේම ප්‍රේමදාස නම් සෙබළා හෝමාගම රෝහළට ගෙන ගිය බවත් වැඩිදුරටත් ශාන්ත කුමාර නම් සෙබළා පවසා තිබේ.හමුදා සෙබළුන් පෞද්ගලික රාජකාරි වල නිරත නොකර ගත යුතු බවට වූ පවතින නියෝග උල්ලංඝනය කරමින් ඉංජිනේරු බලකායේ අණදෙන නිළධාරීවරයාත් ආරක්ෂක ලේකම් වරයාත් කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය වන හෙයින් මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැළකිය හැකිය.රණවිරු මාන්දමෙන් පෙළෙන කමල් ගුණරත්නලාගේ සැබෑ ස්වරූපය මෙම සෙබලා වහල් සේවාවට යොදවා ගැනීම තුලින් තහවුරු වේ.
මෙරට පැවැති යුද සමයේදී කමාන්ඩෝ රෙජිමෙන්තුවේ මේජර් ජනරාල් චන්ද්‍රවංශ විසින් සිය පෞද්ගලික ඉඩමක වැට මායිම් සකස් කිරීමට සෙබළුන් යොදවා ගැනීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් විභාග කළ එවකට හමුදාපති ජනරල් සරත් ෆොන්සේකා එම මේජර් ජනරාල් වරයාට දඬුවම් කරන ලදී.මේ වන විට කමල් ගුනරත්නලා සිය පෞද්ගලික ඕනෑ එපා කම් වලට වහළුන් ලෙස යොදවා ගන්නේ හමුදා සෙබළුන්ය.හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ කාලයේ මෙම තත්වය ඉතා බරපතල විය.ශවේන්ද්‍ර සිල්වාගේ බිරිඳගේ සෙරෙප්පු දෙක ගෙන යාමට හා නිවසේ බල්ලන් නෑවීමට පවා යොදවා ගෙන සිටියේ හමුදා සෙබළුන්ය.එක අවස්ථාවක ශවේන්ද්‍ර සිල්වාට කට්ටඬි ගුරුකමක් කිරීමට වී ඇට කෝටියක් ගනන් කිරීමට ගජබා රෙජිමෙන්තුවේ සෙබළුන් යොදවා ගෙන තිබුණ බවද අපට වාර්තා වී තිබුණි.ශවෙින්ද්‍ර සිල්වාගේ ගුරුකම් කටයුතු කළ මානසික ආබාධිතයාගේ නිවසේ වැඩ වලටද ගජබා රෙජිමෙන්තු වේ සෙබළුන් යොදවා තිබූ බව එහිදී අප සොයාගන්නා ලද තොරතුරු වේ.කෙසේ වෙතත් යුද හමුදාවේ ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන් පවතින නියෝග නොතකා සෙබළුන් පෞද්ගලික වහල් සේවාවේ යොදවා ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.එහිදී කමල් ගුනරත්න විසින් සෙබළෙකු වහල් සේවාවට යොදා ගැනීමේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගේ දැඩි අවධානය යොමු විය යුතු බව අපි සඳහන් කරමු.