අද උදෑසන (30)ගාල්ල කොටු පවුර උඩ රජයට එරෙහිව විරෝධතාවක් දැක්වීම සඳහා ගිය පිරිසකට යුද හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් බාධා කොට තර්ජනාත්මක හිංසනයට ලක් කරන ලදැයි වාර්තා වේ.නිළ ඇඳුමෙන් සැරසී ආයුද සන්නද්ධව පැමිණි සෙබල කණ්ඩායම තුන්වන සෙවෙච්ඡා ගැමුණු හේවා බලඇණියට අයත්ය.මෙම සෙබල කණ්ඩායම එහි සිටි විරෝධතා කරුවන්ට පහරදී ඔවුන් අත තිබූ විරෝධතා පූවරු උදුරාගෙන තිබේ.
එම විරෝධතා කරුවන් අතර නීතිඥවරුන් පිරිසක්ද සිටි ඇති අතර ඔවුන් යුද හමුදා විසින් සිදු කරන වරද පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් හමුදා කණ්ඩායම අවධානයට නොගත් බව පැවසේ.එම අවස්ථාවේ එහි පැමිණිගාල්ල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා ඉල්ලා ඇත්තේ රජයට එරෙහිව විරෝධතා පූවරු ප්‍රදර්ශණය කිරීමෙන් රටට අපකීර්තියක් අත් වෙන බැවින් එම විරෝධතාව නොපවත්වන ලෙසය.මෙහිදී එහි සිටි නීතිඥ අජිත් කුමාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයට පෙන්වා දී ඇත්තේ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම නිසා රටට දැඩි අපකීර්තියක් අත් වන බවත් මේ වන විට රජයට එරෙහිව ජනතාව උද්ඝෝෂණ පවත්වන බව ජාත්‍යන්තරයත් දැනුවත් බවය.ඔහු වැඩිදුරටත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ප්‍රකාශ කර ඇත්තේ පොලීසියේ හා හමුදාවේ වගකීම විරෝධතාකරුවන්ට ආරක්ෂාව ලබා දීම බවයි.මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංඟමය යුද හමුදාපතිවරයාද පොලිස්පති වරයාද ලිඛිතව දැනුවත් කර තිබේ.මින් ඉදිරියටවත් මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන ආකාරයට රාජකාරි කරන ලෙස හමුදාවට උපදෙස් දෙන ලෙස නීතිඥ සංඟමය හමුදාපති වරයාගෙන් ඉල්ලා ඇත.යුද හමුදාව අනීතිකව කටයුතු කරමින් සිවිල් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අධිකාරීවාදීව කටයුතු කිරීම පිළිබඳව ගාල්ලේ නීතිඥ වරුන් විසින් විරෝදතාව හා පිළිකුල ප්‍රකාශ කර සිටී.යුද හමුදාවෙි මෙම අනීතික බලපෑමට එරෙහිව ගාලු නීතිඥයෝ සංවිධානය මගින් ජුලි මස 01 දා ගාල්ල අධිකරණ සංකීර්ණය අසලදී පුරවැසි අයිතීන් උදෙසා නීතිඥ පෙල ගැස්ම යනුවෙන් විරෝදතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිවේදනය කර තිබේ.
ගාල්ලේ නීතිඥයන්ට සෙවෙච්ඡා ගැමුණු බලකාය චණ්ඩි පාට් දාලා