උණුසුම් පුවත්

1992 දි පොලිස් කොස්තාපල් තනතුරට බැදුන නිලධාරින් වසර 25 ක් එකම නිලයේ පල්වේයි…..

Spread the love

වසර 150 සපුරා ඇති පොලිස් දෙපාර්තමේන්තුව ලංකික පොලිස්තිවරුන්ගේ පාලනයේදි සිදුව ඇත්තේ පොලිසියේ ගුණාත්මක බව වැඩිවීම නොව ඔවුන්ගේ මඩිය තරකරගෙන යහතින් විශ්‍රම යාමය.
ඒත් එදා මෙන් නොව අද පොලිස්පති වරු සිතා සිටින්නෙ පොලිසිය රැදි තිබෙන්නේ ඉහළ නිලධාරින් නිසා බවයී.1992 දී තම යොවුන් විය කැපකරමින් වයස අවු; 21 දි පොලිස් සේවයට එක්ව කිසිදු අයහපත් සටහන් නැතිව කුරිරු යුධයට මුහුණ දි මේ වෙනතෙක් වසර 25ක්ම තම සේවයේ අවංකව ඉටු කරන පොලිස් කොස්තාපල් වරුන්ට කාගේ පිහිටක්ද ? උප පොලිස් පරික්ෂක නිලයෙන් ඉහල නිලධාරින්ටත් ගැටලු නැතුවාම නොවේ.
පොලිස්පතිවරු පත් වෙනකොට කියන පම්පෝරි කතා කෙරුවාවෙ නැති බව වර්තමාන පොලිස්පතිවරයා ගෙන් මනාව පෙනියයි.1992 සිට 2017 තෙක් සිටි කිසිදු පොලිස්පතිවරයෙක් පොලිසිය වෙනුවෙන් කිසිදු සේවාවක් කර නැත.බාලසුරියලා, වික්ටපෙරේරලා වැනි නඩයක්ම පොලිසිය කාලකණ්නි දේශපාලකයන්ගේ කුණු හෝඳන්න පාවිච්චිකලාය. වර්තමාන පොලිස්ප්ති වරයාට ජනතාව මෙන්ම පොලිස් නිලධරින් ද විශාල ආදරයක් තිබුනි ඒත් මේ වෙනකොට මේ පොලිස්පතිත් ඒ කාලකන්නි ගොඩටම වැටෙන්න ඉතාම ආසන්නය. පොලිස් සේවවේ කොදු නාරටිය අහිංසක පොලිස් කොස්තාපල් වරු බව හැම එකාලටම දැන් මතක නැහැ. අද පොලිස්කොස්තාපල් වරයා 1866 හිටපු 8 වෙනි පංතිය සමත් කෙනෙක් නොවන බව සමහර රට්ටුත් නොදනි.

රාජ්‍ය සේවකයන් ගෙන් මුලික අයිතිවාසිකම් නැති එකම ආයතනය පොලිස් දෙපාර්තමේන්තුවයි. දෙනදේ ලබාගෙන කට වහගෙන් දේශපාලකයින්ගෙ, උසස් නිලධාරින්ගෙ බැනුම් අහගෙන ඔවුන්ගේ සියලු මෙහෙකාර වැඩ කරමින් යන්තන් ජිවිතය ගැටගහ ගෙන යන අහිංසකම රාජ‍ය්‍ය සේවකයා පොලිස් නිලධාරියායි.1992 අවු;21 තරුණ පොලිස් කොස්තාපල් වරයා අද වෙනකොට අවු; 48 ක වයසක් ගතකරන අයෙක්. එත් ඔහු අදාත් කොස්තාපල් අදත් කොස්තාපල් මේ තත්වයට වගකිව යුත්තෝ මර නින්දේ …පොලිස්පති වරයා අද පම්පොරි කතා දෙසාබාමින් ,ජනතාවට යුක්තිය ඉටු කරන්න තටමන්න ඉස්සෙල්ලා තමන්ගේ රැහේ උන්ගේ වේදනාව හදුනාගෙන ඊට ප්‍රතිකාර කලයුතුය. මේ තත්වය අධ්‍යයන කර වහාම පිලියම් යෙදිමට සාගල රත්නායක ඇමති වරයා මැදිහත් විය යුතුය.එසේ නොවුනොත් පොලිස් නිලධාරිනුත් පාරට බහින කාලය වැඩි ඈතක් නොවේ.


Spread the love

Leave a Comment

You may also like