උණුසුම් පුවත්

ඉන්ධන නැතුව රට කුජීතයි. ජනතාව මහ පාරේ. බබා නාමල් හොර ජාවාරමක

Spread the love

ඉන්ධන අර්බුදය නිසා මුළු රටම නිශ්ක්‍රීය වී තිබේ.කාංචන විජේසේකර අමාත්‍ය වරයා පසුගිය දිනවල මාධ්‍ය ඉදිරියේ හැසිරුනේ චණ්ඩියකු විදියටය.
ඔහු පොර ටෝක් දුන්නේ තව දුරටත් මෙරට ඉන්ධන හිඟයක් පැවතීමට ඉඩ නොලැබෙන විදියටය.දැන් ඉන්ධන බේතටකවත් ගන්නට නැත.

රාගම ලොකු සීයා……

කංචන විජේසේකර ගැන ලියන විට ඒකාගේ අප්පා ගැන අමතක කරන්නට බැරිය.ඒ දවස්වල අප්පා ගේ කෙරුවාවද මදාවිකම් හා මැරකම් වලින් ගහණය.මහින්ද රාජපක්ෂට පවා ඒ අප්පාගේ ගේ මැරකම් මදාවිකම් කොන්ට්‍රෝල් කිරීමට බැරි තරමේ විය.ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන රට පුරා පැතිරී ගිය හොරොයින් වසංගතය සම්බන්ධයෙන් සොයා බලන්නට බුද්ධි නිළධාරීන් කණ්ඩායමක් පත් කරන ලද්දේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අපේක්ෂාවෙනි.එම බුද්ධි නිළධාරී කණ්ඩායම සොයා ගත් තොරතුරු අනුව හොරොයින් තොග ගණනේ ලංකාවට ගෙන විත් බෙදා හැරීම කර තිබුණේ කාංචන විජේසේකර ගේ අප්පාට අයිති බහුදින යාත්‍රා වලිනි.එම හොරොයින් තොග මාතර සිට කොළඹට ගෙන විත් අනෙකුත් හෙරොයින් ව්‍යාපාරිකයන්ට බෙදා හැරියේ රාගම ලොකු සීයා නම් කට්ටඬියෙකි.

මේ රාගම ලොකු සීයා මුසල්මානුවෙකි.ඔහු ප්‍රසිද්ධ වී සි⁣ටියේ අනාවැකි කියන හා යකදුරු කම් කරන්නෙකු ලෙසය.රාගම ලොකු සීයාගේ දේවාලය බොහෝ ප්‍රසිද්ධ දේශපාලඥයන් යන එන තැනක්ද විය. බුද්ධි නිළධාරීන් විසින් මෙරට හෙරොයින් ව්‍යාපාරයේ අල ගිය මුල ගිය තැන් පිළිබඳව අවේක්ෂණය කොට සකස් කළ වාර්තාව මිල්ටෙරි නන්දසේනට අතට ලබා දීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව බුද්ධි කණ්ඩායමේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියා වෙත උපදෙස් ලැබුණි.

ඒ හෙරොයින් ප්‍රවාහනයේ නිරත ලොකු සීයා මරා දමන ලෙසට මිල්ටෙරි නන්දසේන විසින් නියෝග කෙරිණි.බුද්ධි කණ්ඩායම විසින්⁣ ලොකු සීයා පැහැරගෙන අක්කරෙයිපත්තුවට ගෙන යන විට මිල්ටෙරි නන්දසේන නැවත ඇමතුමක් ගෙන නියෝග කරන ලද්දේ සැකකරු මරා නොදමන ලෙසටය.එහෙත් ඉන් බුද්ධි කණ්ඩායම් ප්‍රධානියා කෝපයට පත් විය.ඔහු මිල්ටෙරි නන්දසේනට කිව්වේ ඒ වන විටත් සැකකරු මරා දැමූ බවය.ඉන් අනතුරුව මිල්ටෙරි නන්දසේන නියෝග කෙරුවේ ගොනුව වසා දමන්නටය.
අක්කෙරයිපත්තුව මුහුදු වෙරළට ගෙන ගිය ලොකු සීයා මරා දමා බුද්ධි කණ්ඩායම නැවත කොළඹ පැමිනෙන ලදී

ඇමති සුසිල් ප්‍රේමජයන්තගේ බිරිඳය.

කාංචන විජේසේකරගේ අප්පා⁣ට නීතියෙන් දඬුවම් නොලැබුනද අදටත් ඇඳ උඩ අසූචි ගාගෙන විඳවන්නේ කළ කී දෑ වලට “ඉබේසිංහ” නඩුකාරයාගේ තීන්දුව නිසාය.එලෙසම කාංචන විජේසේකරට රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කු වී සිටින්නට සිදු වී ඇත්තේ අප්පාගේ කෙරුවාවේ වැඩ කිඩ ගොනුව තවමත් මිල්ටෙරි නන්දසේනගේ මේස ලාච්චුවේ තිබෙන නිසාය. කාංචන විජේසේකර කුජීත කර මහ පොලොවේ ගසන්නට රාජපක්ෂලාට යන්නේ තත්පර ගනනාවකි.රාජපක්ෂ කාලකණ්නියන් තමන්ට හීලෑ නැති වුන් හීලෑ කර ගන්නේ ඔහොම ගේම් ගහලාය.

මේ හා සමානම තවත් තොරතුරක් අප සතුව තිබේ.ඒ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ගැනය.මහින්ද රාජපක්ෂ ජනපති වරයා ලෙස කටයුතු කරන අවදියේ බලශක්ති ඇමතිවරයා වූයේ සුසිල් ප්‍රේම ජයන්තය.ඔහු විසින් ගෙන්වන ලද බාල වර්ගයේ ඉන්ධන වර්ගයක් නිසා රට පුරා වාහන අතරමග නැවතීමේ සිද්ධියක් දිගින් දිගටම වාර්තා වෙන්නට පටන් ගැණිනි.මෙම බාල වර්ගයේ ඉන්ධන ගෙන්වීමට මැදිහත් වූයේ ඇමති සුසිල් ප්‍රේමජයන්තගේ බිරිඳය.

රට මහත් කැළඹීමකට පත් වීම නිසා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් බලශක්ති අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්තට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියෝග කෙරිණි.
දේශපාලනයේ හිස උදුම්මාගත් චරිතයක් වන සුසිල් ප්‍රේමජයන්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝගය තඹ දොයිතුවකට මායිම් නොකරන ලදී.අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත හමුවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය සමීපතමයා වූ සජින් වාස් ගුනවර්දන යවන ලද්දේ සීඩී තැටියක් සමගය.එම සීඩී තැටිය ඇමතිවරයාට බලන්නටය.
එතැන් සිට සිද්ධ වූ දෙය සජින් වාස් ගුනවර්දන යූ ටියබයට මුදා හැර තිබේ.
ඒ මේ විදියටය.

“……..ඇමතිතුමාට ඉල්ලා අස්වෙන්න බෑ කිව්වම මම ජනාධිපතිතුමා දුන්න සීඩී එකත් අරගෙන ඇමතිතුමා හම්බවෙන්න ආව මතකද…..?ඇමතිතුමා ඒ සීඩී එක බැලුව මතක ඇතිනේ..ඒක බලපු ඇමතිතුමා ඉහින් කණන් දාදිය දාගෙන කලන්තෙ දාන්න යන කොට මම මේසය උඩ තිබුණ වතුර වීදුරුව ඇමතිතුමාට බොන්න දුන්න මතකද ……..?මතකද ඇමති තුමාට ඒ දවස…..ඇමතිතුමා ඒ වෙලාවෙම ඇමතිකමෙන් ඉල්ලා අස්වුනා මතකද…….? “

සුදු රෙදි පොරවාගෙන ⁣පොර ටෝක් දෙන තක්කඩි සුසිල්⁣ ප්‍රේමජයන්තගේ කෙරුවාව එහෙමය.ඒ සීඩී එකේ තිබුණේ මොනවාද යන්න අපි නොදනිමු.එහෙත් සුසිල් ප්‍රේමජයන්ත ට කලන්තය දැමීමට තරමේ ඔහු විසින් සිදු කර තිබූ අසික්කිත නොසන්ඩාල වැඩක් රහසිගතව රාජපක්ෂලා විසින් රෙකෝඩ් කරගෙන තිබූ බව නම් ස්ථිරය.

රාජපක්ෂලා තමන්ට හීලෑ නැති වුන් හීලෑ කර ගන්නේ ඔය වගේ ගේම් ගහලාය.අදටත් ආණ්ඩුවෙන් එළියට බහින්න බැරුව දේශපාලන ඡ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු රාජපක්ෂලාගේ ජංගි හෝදමින් සිටින්නේ ඔන්න ඔය කෙරුවාව නිසාය.

එහෙම එළියට බැස්සොත් රාජපක්ෂලා සාක්ෂි සහිතව තමන්ගේ රෙදි ගලවන බව ඔවුන් දනී.අද ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියාවට ගොස් ඇත්තේ මෙන්න මේ සුසිල් ප්‍රේමජයන්ත බව වාර්තා වී තිබේ.සුදු රෙදි ඇඳ ගත් මේ පට්ට හොර ගෙඩියා රුසියා ගමනින් කීයක් හෝ හොයා ගන්න එක නම් සිකුරුය.

නාමල් රාජපක්ෂ ගේ කොටස් ඇති ඉන්ධන සමාගමක්…….

අද රාජපක්ෂලාගේ වෑයම ලියාපදිංචි කර නැති සමාගම් වලින් ඉන්ධන ගෙන්වීමටය.ඒ මෙරට ජනතාව ගැන අනුකම්පාවෙන් නොවේ.මේ වනවිටත් නාමල් රාජපක්ෂ නොසන්ඩාලයා ගේ ජාවාරම්කාර හිතවතුන් ඉන්ධන සමාගමක් ලියාපදිංචි කර ඇතැයි අපට තොරතුරු ලැබී තිබේ.මෙරට ඉන්ධන ඒකාධිකාරය එම හොර නඩයට බාර දෙන්නට නාමල් රාජපක්ෂ නොසන්ඩාලයා ගේ අපේක්ෂාවයි.
පසුගිය දිනවල ඉන්ධන සැපයුම් හා සම්බන්ධ වන ආයතනවල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හා සාකච්ඡා පවත්වමින් නාඩගමක් නැටුවේ ඔය ගේමටය.මෙරට පවතින ආර්ථික අර්බුදව රාජපක්ෂ කාලකණ්නියන් වසන්තයක් කරගෙන ඇත්තේ කුමන්ත්‍රණකාරී විදියටය.මුන් අල්ලන්නේ නියම නාඩියෙනි.මිනිසුන් ඉන්ධන නැතුව පෝලිම් වල සිටින විට ඉන්ධන සපයන විදිය ගැන හොයන්නේ නැති ⁣බව මේ කාලකණ්නියන් දනී.කෝවිඩ් සමයේදී පවා මේ පජාත පවුල හම්බ කෙරුවේ මේ විදියටමය.

රටේ ජනතාව පෝලිම් වල සිටින එක ගැන රාජපක්ෂ තක්කඩියන් සතුටුය.
ඒ වෙන කිසි දෙයක් නොව ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතා වලට සහභාගි වීමට වඩා ඉන්ධන හා ගෑස් ලබා ගැනීම වැදගත් යැයි සිතන නිසාය රාජපක්ෂ තක්කඩි කාලකණ්නියන් ඒ අස්සේ තවමත් සිය හොර ජාවාරම් කරමින් සිටී.

නිල්, රතු, ⁣කොල, දේශපාලනයෙන් ඉවත් වී දැන් සමස්ත සමාජයම එකම දේශපාලන අදහසකට ගොඩ විය යුතුය.⁣ඒ රාජපක්ෂ හැතිකරය එලවා දමන්ටය.මේ කාලකණ්නියන් එළවා දැමීමෙන් අනතුරුව ඊළඟ පියවරට යන ලෙස අපි ඉල්ලමු.

 


Spread the love

Leave a Comment

You may also like