උණුසුම් පුවත්

අනුර ඝාතනයට ඔත්තු බලනවා

Spread the love

ඉතාම තීරණාත්මක අවස්ථාවක් එලබෙන බව දන්නා රාජපක්ෂ ජුන්ටාව එ සියල්ලටම පිලිතුරු සොයමින් සිටින්නේ තම, ජීවිත කාලයේම ලැබු අත් දැකීම් වලිනි. ඒ ඔවුන්ට හා උන්ගේ සහචරයන්ට සුපුරුදු ඝාතනයන් මතිනි.

ඒ බව අද තහවුරු කරමින් එක්සත් ජාතින් ගේ සංවිධානයට පවා පිල්ලයාන් ගේ තමිල් මක්කල්විදුතලෙයි පුල්ලිකල් ( TMVP) පක්ෂයේ ප්‍රභල ඝාතකයෙකු සුවිශේෂිත ප්‍රකාශයක් කලේය.මෙම අනාවරණය විහිළුවක් නොවන බවත් අපි ජාතික ජනබලවේගයට මතක් කරන්නෙමු.

 ඒ සමඟම මරු විකලෙන් නටන නිස්සංකලා ,සලේලා දැන් අවසාන තුරුම්පුවරට ලන්වී ඇති බව හමුදා බුද්ධි සේවයේ ඉහලම නිලධාරියෙකු  අප වෙතට දැනුම් දුන්නේය. ඒ අනුව අනුර කුමාරව ඝාතනයට සුදානම්ව රාජ්‍ය බුද්ධි අංශයෙන් ආවේශණ රාජකාරි 12 දෙනෙකු යොදවා ඇති බවත් එ පිලිබදව ඔහු අපෙන් ඉල්ලා සිටියේ තමාද රාජපක්ෂ ජුන්ටාවට විරුද්ධ රණ ශුරයෙකු බවත් වහාම මෙය ප්‍රසිද්ධ කොට එම විනාශය සිදු කිරීම වලකාලන ලෙසයි.

පසු ගිය දා සුනිල් හදුන් නෙත්ති හිටපු මංත්‍රිවරයා කිසියම් පලාතකටගිය විට 18 දෙනෙකු පමණ පිරිසක් රැස්වීමට සිට ඇති අතර එ අතර හමුදා බුද්ධි නිලධාරින් ද සිට ඇත. එත් හදුන්නෙත්ති මංත්‍රිවරයා යුදහමුදා බුද්ධි නිලධාරින්ට ඉතාම අපහසාත්මකව කතාකල බවත් ,ඉන් බුද්ධි නිලධාරින් ගේ සිත් රිදවීමක් සිදුව ඇති බවත් අපහට දැන ගැනීමට ලැබුනි.

එම රාජ්‍ය බුද්ධි නිලධාරින් සියල්ලම රාජපක්ෂ ලාගේ වහළුන් නොවන බව සිහිගන්වන ලෙසට එම ඉහලම නිලධාරියා නැවත අපට මතක් කලේ මෙවනි විශේෂිත තොරතුරු ලබාදි එම ජීවිත රකින්නේ තමන් ද රටට ආදරේ කරන පිරිසක් නිසා බව අනුරලාට මතක් කරන ලෙසට ඔහු ඉල්ලීමක් කලේය.

ඒ නිසා දේශපාලන ඝාතකයන් වු රාජපක්ෂලාගේ මෙවනි මිලේච්ඡ වැඩවලට ඉඩ නොදීම රටේ ජනතාව ගේ වගකීමකි.


Spread the love

Leave a Comment

You may also like