උණුසුම් පුවත්

කහ, කහ, මැච් බලන “ඔල්මොරොන්දන්” ජාතියක් ඉන්න රටක්

Spread the love

අද ඉන්ධන පෝලිම් වල දහ හතරවන මරණයත් වාර්තා විය.ඒත් මෙරට ජීවත් වෙන්නේ අන්ද කයිප්පු කෑ ජනතාවක් බව තහවුරු ⁣වෙමින් තිබේ.රටේ ජනතාව ආරථික අර්බුදයෙන් පීඩාවට පත් වෙමින් සිටින මොහොතක ක්‍රිකට් ආතල් එකක් සපයා හිතේ අමාරුව නැති කරන්නට තක්කඩි ජන මාධ්‍යය සැලසුම් කර ඇති බව පෙනෙන්⁣ට තිබේ.මේවා රාජපක්ෂලාගේ ගේම්ය.

මැච් බලන්නට කහ ඇඳුමෙන් සැරසී සහභාගිවන  මෝස්තර ප්‍රදර්ශනයකටද රට දැන් සූදානම්ය.අම්මා තාත්තා පුක ,කහ, ⁣කහ ⁣තෙල් පෝලිම්වලය.ගෑස් පෝලිම් වලය.උන්දැලාගේ නිව් ජෙනරේෂන් දරුවන්ට මැච් පිස්සුව වැළඳිලාය.

කන්න නැතුව බඩ පොත්ත වියලී ඇති ජාතියක හැටි එහෙමය.ඇත්ත විය යුතු වන්නේ  මැච් බැලිල්ල පසෙක දා මේ නොසන්ඩාල පාලකයන් එළවා දැමීමට පාරට බහින එකය.
රණවිරු මාන්දම ඉහට ගසා ජාති ආලය අධෝ මාර්ගයේ ඇර ගත් ජාතියකට මෙහෙම වෙලා මදිය.
මෙහෙම ඇර ගෙනත් මේ වාහෙලා තවම පාඩමක් ⁣ඉගෙන ගෙන නැති වීම පුදුමය.තෙල් පෝලිම් වල මරණ දහ හතරක් වාර්තා වී තිබියදීත් මුන් මැච් වලදී කහ පාටින් ඇඳුම් අඳින්නට ප්ලෑන් කරති.දැන් මැච් මාන්දමය.සැබැවින්ම  මේ පාහරයන් ගැන අපට ලියන්නට වචන නැත.

අවජාතක වේයාගේ පුත්‍රයනි, දියණිවරුනි…., තොපි දැන් ඇඳිය යුත්තේ කහ පාට  නොවේ.ජාතියේ ශෝක ජනක ඉරණම කියාපාන සුදු රෙදිය.හැබෑටම තොපිට ලැජ්ජවක් දුකක් කියා එකක්  ගෑවිලත් නැද්දැයි  අපට සැකයකි.

ඇස් අර බලපියව් රට මුහුණ පා ඇති මහා ⁣ඛෙිදවාචකය ගැන.

කහ ඇඳුම් ඇඳගෙන තොපේ මෝස්තර දැන් මේ රටට වැඩක් නැත.ඒවා හොඳ තක්කඩි පාලකයන්ගේ බලය ආරක්ෂා කරන්ටය.තොපි මහා කාලකණ්නියන් පිරිසක් බව තහවුරු කරමින් සිටී.තොපේ අසල්වැසියා මහ පාරේ මැරී වැටෙද්දී තොපි මැච් බලන්නට පෝලිම් වෙන්නේ මොන මනසකින්ද අපට පැහැදිලි නැත.මැච් බලනවා පමනක් නොව කහ ඇඳුම් නැටුමකද ලෑස්තිය.හරි විදියට තොපි දැන් මැච් නරඹන්නට යා යුතු වන්නේ අමු නිර්වස්තරයෙනි.
තොපි වෙනුවෙන් මහ පාරේ සටන් කළ සහෝදරයින් ගනනාවක් දැන් හිරේ විලංගුවේ වැටිලාය. ඒ සහෝදරයින් හිරේ විලංගුවේ වැ⁣ටුනේ මේ නිහීන කාලකණ්නි පාලකයන්ට එ⁣රෙහිව නැගී සිටිය නිසාය.නැතුව තෙල වැඩිවීම නිසා නොවේය.ඇත්තටම තොපිට මේ රට වැටී තියෙන තත්වය ගැන හැඟීමක් අවබෝධයක් නැද්ද.තොපි දැන් කළ යුත්තේ ක්‍රිකට් මැච් නරඹා ආතල් ගන්නා එක නොවේ.මේ තක්කඩි පාලකයන්ට එරෙහිව පාරට බහින එකය.
නිර්පාක්ෂික ඔල්මොරොන්දන් කාරයන්ටද වචනයක් කීමට තිබේ.ඒ මෙරට නිර්පාක්ෂිකයන් කියා විශේෂ ජාතියක් නැති බවය.සෑම ගමකම ඉන්නේ ⁣මැතිවරණයකදී යම් දේශපාලන පක්ෂයකට කතිරය ගසන වුන්ය.නිර්පාක්ෂික ගොන් ආතල් එකක් සමාජගත කොට ඒ දේශපාලනය චොර කර දැමීම නිසා දැන් මිනිසුන්ගේ විරෝධය තෙල් පෝලිමට ගෑස් පෝලිමට සීමා වී තිබේ.

දැන් වත් ඔය නිර්පාක්ෂික ගොබ්බ ඔල්මොරොන්දන්  තකතිරු මැදිහත් වීමෙන් ඉවත් වී රාජපක්ෂ කාලකණ්නියන්ට එරෙහි සියළුම දේශපාලන පක්ෂ ,වලට සංවිධාන වලට පුද්ගලයන්ට මග හදා දිය යුතුමය.

නැතිනම් රාජපක්ෂ කාලකන්නියන්  බලය අත් හැර නොයන බව නම් සහතික කර කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like