රට පුරා ජනතාව මහ පාරේය.තාත්තා ඉන්ධන පෝලිමේය.අම්මා ගෑස් පෝලිමේය.දින ගනනක සිට දරුවන්ගේ බඩට හරියට බත් හුලක් වැටෙන්නේ නැත. ගෑස් පෝලිම් වල ඉන්නා අයවළුන් වැස්සට තෙමේ .අව්වට කරවේ.හරි හමන් නින්දක් නැත. ඉන්ධන ගෑස් ලැබෙන්නේ අද නොවෙි හෙටය.ඒත් හෙට ගැන විශ්වාසයක් නැති තරමට සමාජය පොලොවට කඩා පාත් වෙලාය.
ඒත් මේ තක්කඩි අගමැති හා මැති ඇමති පාහරයන්ට සමාජය අත් විඳිමින් පවතින ඛේදවාචකය ගැන කිසිම අවධානයක් නැත.හැගීමක් නැත.
කණගාටුවක් නැත.වේදනාවක් නැත.ජනතාව විඳවන කෙළවරක් නැති ප්‍රශ්න විසඳනවා වෙනුවට මේ පාහර තිරිසනුන් ව්‍යායාම සංදර්ශන පවත්වති.
ඇඟට පත වෙහෙසෙන විට දාදිය දමනවාටද මුන් අකමැතිය.රටේ අගමැති කම දී ඇත්තේ මෙවැනි අසමජ්ජාති පාදඩයෙකුටය.මේ ඒකාගේ පන්තියේ කෙරුවාවය.
නොසන්ඩාල අගමැති හා ඇමතිවරුන්ගේ මේ සෙප්පඩ විජ්ජා වලට හුරේ දමනවාද අඬනවාද යන්න තීරණය කළ යුත්තේ මහ පාරේ විඳවන ඔබය.