උණුසුම් පුවත්

අගමැති රනිල් කුජීතයි නව අගමැති දිනේෂ්

Spread the love

අද මිල්ටෙරි නන්දසේනගෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම තුල නොසන්සුන් බවක් ඇතිවූ බව වාර්තා⁣ වේ.එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු  අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විවිධ චෝදනා එල්ල කර බව පැවැසේ.

රනිල් වික්‍රමසිංහට පිළිබඳව අදහස් දැක්වූ පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක ගේ ඉල්ලීම වී ඇත්තේ අගමැති තනතුරට සිය පක්ෂය නියෝජනය කරන ඡ්‍යෙෂ්ඨයකු අගමැති තනතුරට පත් කරන ලෙසටය.

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ කිසිදු අදහසක් දක්වා නැත.කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර බාර ගත්තේ  රට පුරා උත්සන්නව ආ රාජපක්ෂ විරෝදය සමනය කිරීමේ අපේක්ෂාවෙනි.චෞර පවුලකින් රට බේරාගන්නට තිබුණ අවස්ථාව නැති කරන ලද්දේ රනිල් වික්‍රමසිංහය.රනිල් අරගලය චොර කර දැම්මේය.

අද වන විට මෙරට පවතින අර්බුදය අවසන් කිරීමට රාජපක්ෂවරු බලයේ සිටින තුරු  ජාත්‍යන්තරය සහයෝගය නොදෙන බව රනිල් වික්‍රමසිංහ ඉතා හොඳින් දනී.ඔහු කිසි වගකීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරන්නේ ඒ නිසාය.ඔහුට අවශ්‍ය වන්නේ රට තුළ පවතින රාජපක්ෂ විරෝධය යටපත් කිරීම පමණය.රාජපක්ෂ වරුන් තුලද රනිල් වික්‍රමසිංහට බලය පැවරීමේ අදහසක් නැත.විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ අමාත්‍යංශ පාලනයට නාමල් රාජපක්ෂ මැදිහත් වන්නේ ඒ නිසාය.
ඉන්ධන ව්‍යාපාරයේ ගනුදෙනු ගැන රාජපක්ෂ වරු හොඳට දනී.මේ අර්බුුදය තුළදී පවා රාජපක්ෂවරු සැලසුම් කරන්නේ තක්කඩි ගණුදෙනුවකින් කීයක් හෝ උපයා ගැනීමටය.
මේ වන විට රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කරමින් බලාපොරොත්තු  වූ වැඩපිළිවෙල සාර්ථක වී තිබේ.ධම්මික ⁣පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට සැළසුම් කරන ලද්දේ එම සැළසුමේ ඉතිරිය සම්පූර්ණ කිරීමටය.එහිදී රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය ධම්මික පෙරේරාට පැවරීමට බැසිල් රාජපක්ෂගේ අපේක්ෂාව විය.එහෙත් දැන් සියල්ල කණ පිට හැරවී තිබේ.
ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ⁣වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබේ.  
අද ආණ්ඩු පක්ෂ රැස්වීම මිල්ටෙරි නන්දසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ මෙවැනි වටපිටවකය.දැන්  බැසිල් රාජපක්ෂගේ සැළසුම වී ඇත්තේ අගමැති තනතුරට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමටය.අද පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව අදහස් දැක්වූයේ එම යටිබිම් ගත කුමන්ත්‍රණ සැලසුම ඉදිරියට ගැනීමේ මුල් පියවර විදියටය.
කෙසේ වෙතත් මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ ගේ අගමැති තනතුර කප්පාදු වෙන බව නිසැකය. 

Spread the love

Leave a Comment

You may also like