ආණ්ඩුවට එරෙහිව විරෝධතාවන් පවත්වන සියළුම අයවළුන්ට එරෙහිව බලය පාවිචිචි කරන ලෙසට මිල්ටෙරි නන්දසේන උපදෙස් දී තිබේ.මෙහිදී හමුදාපතිවරයාද කැඳවා හමුදාව යොදවා විරෝධතා කරුවන් මැඩ පැවැත්වීමට වැඩපිළිවෙලක් සකසන ලෙසද උපදෙස් දී ඇතැයි අනාවරණය වේ.නව හමුදාපති වරයා හමුදාවේ සිටි අන්ත දූෂිත ජාවාරම්කරුවකු නිසා සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ම්ල්ටෙරි නන්දසේන කරන කියන ඕනෑම රාජකාරියක් ඉටු කරන බව ස්ථිරය.මේ වන විට මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් පරිදි 9/5අරගලයේදී ගිණි තැබූ අනුරාධපුරයේ පිහිටි කට්ටඬි ඥානාගේ නිවස නැවත ඉඳි කිරීමට හමුදාපතිවරයා හමුදා සෙබළුන් පවා යොදවා ඇතැයි වාර්තා වේ.
විරෝධතාවන් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන ලබා දුන් උපදෙස් පරිදි නීතිය හා සාමය අමාත්‍යය ටිරාන් අලස් ඡෙ.නි.පො දේශබන්දු හා පොදුජන පෙරමුණට ඔඩොක්කු කුක්කන් ලෙස කටයුතු කරන පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු අතර රහසිගත සාකච්ඡාවක්පැවැති අතර එහිදී ඉදිරියේදී විරෝධතාවන්ට ඉතා සාහසික පහර දීමක් කළ යුතු බවට තීරණය කර ඇත.මෙහිදී අපට අනාවරණය වන ආකාරයට ගොඨා ගෝ ගමට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුම් කර තිබේ.එම මෙලේච්ඡ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වවුනියාව රාජකාරියේ නිරතව සිටි නිපො සමුද්‍රජීව කොළඹට කැඳවා ඇතැයිද වාර්තා වේ. පොලිස්පතිවරයා මෙම සාකච්ඡාවට සහභාගි කරවා නොගැනීම විශේෂ සිද්ධියකි.
කෙසේ වෙතත් මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව රට පුරා සිටින විරෝධතා කරුවන්ට එරෙහිව දැඩි මර්දන කාරී ක්‍රියා මාර්ග ගන්නා බව පැහැදිලිය.මෙය ක්ෂණික ප්‍රහාරයක්ද විය හැකිය. එබැවින් තරුණ විරෝධතා කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසය
ආණ්ඩුව මර්ධනයට සැරසේ