උණුසුම් පුවත්

කුරුණෑගල පොලිස් කුක්කා ජොනී වෝකර්ගේ වහලෙක්

Spread the love

ඉන්ධන ඉල්ලා විරෝධතාවක නිරත වූ කුරුණෑගල මාස් පොත තරුණයන් පිරිසකට පොලීසියෙන් අමානුෂික⁣ ආකාරයට පහර දෙන ආකාරය මෙරට ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි. මෙලෙස එම තරුණයන්ට පහර දෙන්නේ කුරුණෑගල පොලීසීයේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක ධර්මවර්ධන බව හඳුනාගෙන තිබේ.මෙම පොලිස් නිළධාරියා එහි පැමිණ තිබුණේ  මාංචු සහ බස් රථයක්ද රැගෙනමය.මෙහිදී ගිණි අවියද අතැතිව සි⁣ටි ඔහු තර්ජනාත්මකව රාජකාරි කළ බව දැක ගත හැකි විය

කවුද මේ ධර්මවර්ධන……

ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මවර්ධන ගේ පොලිස් කරැට්ටුව කළු පැල්ලම් සහිතය.කෑගල්ල පොලීසියේ විශේෂ අපරාද මර්ධන අංශයේ ස්ථානාධිපති වරයා ලෙස සේවය කරද්දී මුදල් ගෙන අපරාද කරුවෙකුට පැන යාමට සලස්වන ලදැයි ඔහු⁣ට චෝදනාවක් වේ.අනතුරුව මාවනැල්ල පොලීසියේ රාජකාරි කරන විට මුසල්මානු වාහන අලෙවිකරුවන් හා එක්ව ගනුදෙණු කරන ලදැයිද පසුව යාපනයට ස්ථාන මාරු කොට යවන ලද බවත් දැන දැන ගැනීමට තිබේ.⁣මෙම පොලිස් නිළධාරියා ව්‍යක්ත ලෙස දෙමළ බස හසුරවන්නෙකි.යාපනය රාජකාරිය කරන විට හිටපු  එල්ටීටී ත්‍රස්තයන්  සමග  මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

කුරුණෑගල පොදු ජන පෙරමුණු මන්ත්‍රී ජොන්ස්ටන් හා කුරුණෑගල නගරාධිපති වරයා ගේ සමීපතමයකු වන මේ ⁣ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා මෙදින ඉන්ධන නොමැති වීම නිසා විරෝධතා පැවැත්වූ ජනතාවට පහර දුන්නේ යම් කුමන්ත්‍රණ කාරී සැලසුමකට බව අපි සැක කරමු.ඔහු  අත තිබුණ ගිණි අවිය පොලීසියෙන් ⁣ඔහු වෙත ලබා දෙන ගිණි අවිය නොවන බව ඉතා පැහැදිලිය.එය එල්ටීටී ත්‍රස්තයන් භාවිතා කළ නයින් මිලිමීටර් වර්ගයේ පිස්තෝලයකි.මෙම බ්‍රවුනින් වර්ගයේ බැරලය කෙටිය.
එහෙත් පොලිස් නිළධාරීන් හට නිකුත් කෙරෙන බ්‍රවුනින් පිස්තෝලයේ බැරලය මෙතරම් කෙටි නැත.
මොහු තමන්ට රාජකාරි⁣යට නිකුත් කෙරෙන නිල පිස්තෝලය රහිතව වෙනත් ⁣පිස්තෝලයක් ගෙන ආවේ අපරාධයක් කිරීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලිය.එහිදී ⁣කිසියම් ආකාරයේ වෙඩි තැබීමක් සිද්ධ වූයේ නම් ඔහු අධිකරණය ඉදිරිපත් කරනු ඇත්තේ නිල පිස්තෝලයයි.එම නිල පිස්තෝලයෙන් අපරාදය සිදු කළ වෙඩි උන්ඩ ගනන පිට කිරීමක් සිද්ධ කොට සාක්ෂි නොමග යැවීම කරන්නට හැකිය.
ඔහු ගෙන ආ නීති විරෝධී ගිණි අවිය ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙසට අපි පොලිස්පති වරයාගෙන් ඉල්ලමු.

මෙතෙක් මෙරට සිදුවූ විරෝධතාවලට  සාහසික ලෙස පහරදීමක් සිදු කරන ලද්දේ කුරුණෑගලදී හා අතුරුගිරියේදීය මින් පැවසෙන්නේ මෙතැන් සිට පොදුජන පෙරමුණේ පොලිස් කුක්කන් වැඩ ⁣අරඹා ඇති බව යැයි අපට සිතේ.       

 


Spread the love

Leave a Comment

You may also like