උණුසුම් පුවත්

කුණු ධම්මිකගේ ඇමති සිහිනය බොඳවෙන හැඩයි

Spread the love

මිල්ටෙරි නන්දසේන ගේ පාලනය රට බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය කර තිබේ.කොටින්ම කියතොත් ජනතාවට නැට්ටටම කෙල වී තිබේ.දැන් රාජපක්ෂ සනුහරයේ සැලසුම වී ඇත්තේ කවර ආකාරයෙන් හෝ බලය ආරක්ෂා කරගැනීමය.

රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරුට පත් කරන්නේ ඒ නිසාය.අනතුරුව හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කුප්‍රක⁣ට ව්‍යාපාරිකයෙක් වූ ධම්මික පෙරේරා පත් කිරීමට අපේක්ෂා කෙරිණි.
ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැළසුමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපති වරයා හා මැතිවරණ කොමිෂම ඇතුළු පිරිසක් පාර්ශවකරුවන්  කර තිබේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය පරිදි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ විට එම පුරප්පාඩුවට පත් කළ යුතු වන්නේ අදාල දේශපාලන පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවකු හෝ නාම යෝජනා ඉදිරිපත් කළ අයකු හෝ ජාතික ලැයිස්තුවෙි නම සඳහන් වූ අයෙකු පමණය.
ධම්මික පෙරේරාගේ නම ඉහත දැක්වෙන කිසිදු ලේඛනයක සඳහන්ව නැති අතර මේ අනුව .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකිය. ව්‍යාපාර ගණනාවක හිමිකරු වූ ධම්මික පෙරේරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 (ඉ) වගන්තිය යටතේද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස පත් කිරීමට නොහැකි බව පෙනී යයි.ඒ අනුව ධම්මික පෙරේරා ව්‍යාපාරිකයෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ අමාත්‍ය ධුරයක් දැරුවහොත් පක්ෂග්‍රාහී සහ උනන්දුව පිළිබඳ ගැටුම් කාරී තත්වයක් නිර්මාණය වෙනු ඇති විය හැකිය. 
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් ⁣සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයිද ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම වලක්වන අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා තිබේ.

Spread the love

Leave a Comment

You may also like